IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොරෝනා පාලනයට හමුදාව යෙදෙව්වාට ද්‍රෝහී කණ්ඩායම් උරණ වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

යුද්ධය අවස්ථාවේදී එදා රජයට විරුද්ධවු රට ජාතියට ද්‍රෝහී කණ්ඩායම් කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් යෙදවීමට අද එරෙහි වෙමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවැසී ය .

දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කර ලබාගත් විජයග්‍රහණය කුමන අභියෝග ආවත් පාවාදීමට කටයුතු නොකරන බව ද අගමැතිවරයා සඳහන් කළේය .

ඔහු මෙසේ පැවැසුවේ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි .

 



අදහස් (16)

කොරෝනා පාලනයට හමුදාව යෙදෙව්වාට ද්‍රෝහී කණ්ඩායම් උරණ වෙලා

ruvan Tuesday, 18 May 2021 07:44 AM

කොරෝනා කියන්නේ යුද්ධයක්ද? හමුදාවට පුලුවන් දේවල් වගේම බෑරි දේවල් තියෙනවා... සෞඛ්‍ය බලධාරින් ඉන්නේ ඒකට...

:       14       76

චමින්ද වික්‍රමසිංහTuesday, 18 May 2021 08:35 AM

හෙලෝ රුවන්, චුට්ටක් හිතලා බලන්න. ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් නේද ඒ කටයුත්ත කරන්නේ..? ඉතිං අද මොකද ඉන්දියාවට වෙලා තියෙන්නේ? ඔන්න අවසාන මොහොතේ එයාලත් කොරෝනා පාලනයට හමුදාව යොදාගෙන... අපි මුල ඉඳන්ම හමුදාව යොදාගත්ත නිසා හොඳයි... එහෙම නොවෙන්න මේ වෙද්දී ලංකාවත් ඉන්දියාව වගේ වෙලා..

:       50       11

aseTuesday, 18 May 2021 10:41 AM

කොරොනා පාලන සහායට හමුදාව යොදාගැනීම නිවැරැදි නමුත් කොරොනා පාලනයට? ඔවුන් වෛරස පාලනය, පැතිරීම ගැන දැනීමක්? ඔබේ අදහසේ දෝෂයක්..!!!

:       1       11

gdsTuesday, 18 May 2021 10:42 AM

චමින්ද, මම ඔබට කිසිත් නොකියමි. නමුත් වෛරසයක් සහ යුද්ධයක සතුරකු අතර විශාල වෙනසක් ඇත. දොස්තර අනිල් ජාසිංහ දක්ෂ නිලධාරියෙක්... නමුත් ඔහු යුද්ධයකට නායකත්වය දීමට සුදුසු නැත. අනික් අයටද මෙය පොදු කරුණකි.

:       2       14

ruwanTuesday, 18 May 2021 11:00 AM

ඔබතුමාට වෑරදිලා හොඳටම කොරෝනා වැඩි කරේ කවුද? දැන් ඉස්සර තීන්දු තීරණ ගත්තේ කවුද කියලාවත් දන්නේ නැත්ද? ඒ මනුස්සයාව ගස් හිටවන්න යවලා තමයි කොරෝනාව ගරානවක් කරගත්තේ සමහර උදවිය ඈත්ත ඇති සැටියෙන් බලන්න පුරුදු වෙන්න කාටවත් කඩේ නොයා දැන්වත්...

:       0       8

යාපාTuesday, 18 May 2021 09:53 AM

මෙතනටත් දේශපාලන තරහ ගාවගෙන කතා කරන්න එපා හලෝ. සෞඛ්‍ය අංශ මදිනම් මොකද කරන්නේ හමුදාව ගන්නේ නැතුව...

:       2       4

සෙනෙවිරත්න Tuesday, 18 May 2021 01:30 PM

මෙයාලා විතරද රට පාලනය කරන්න සුදුසු සහ හැකි? මැරෙනතුරු උලාකාලා පරපුරේ ඈයින්ටත් කන්න පාර හදලා යනවා. අයියෝ අපට වෙච්චි දෙයක්... යුද්ධය වමාරා කෑම ඉවරකරන්නේ කවදාද?

:       1       4

Ran Tuesday, 18 May 2021 08:28 AM

අවුරුද්දකටත් වැඩි කාලයක් ගියා. පවරපු වැඩේ හරියට කෙරිලා නෑ වගෙයි පෙනෙන්නේ නේද අගමැතිතුමෝ? කොරෝනාව ගරානාවක් කරගෙන තියෙන එකේ ඊළඟට වැඩිකල් යන්න කලින් අර ඉස්සර කියපු " අපි වැරදි කරපු අයව ආරක්ෂා කළා. ඒ ගොල්ලන්ට දඬුවම් දුන්නේ නැහැ" කතාව අායෙත් කියන්න වෙයි ඔන්න. දැන් මිනිස්සු කියන්නේ ගිලන් රථ ගෙන්වපු එකෙනුත් ගසා කාලා කියලයි. " ඇම්බියුලන්ස් ගෙන්නුවේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලද?" කියලා මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න කළාම වටපිට බලලා ළඟ ඉන්න අනිත් අය එක්ක කුටු කුටු ගාලා "මේ ගැන දැම්ම හරියට කියන්න බැහැ" කියලා කියනවා. ඊට පස්සේ අර ප්‍රශ්නේ අහපු මාධ්‍යවේදියා නැවත අහනවා මෙන්න මෙහෙම " ඇයි ඇමෙරිකාවට කතා කරලා උත්තරය අහගන්න අවශ්‍යද? " කියලා. මේවා දකින අපට නම් සියල්ල වෙනස් වෙමින් පවතිනවා වගෙයි දැනෙන්නේ. ඉස්සර වගේ " 30 අවුරුදු යුද්ධය විකුණලා" මිනිස්සු අන්දවන එක මේ කාලේ නම් හිතන තරම් ලෙහෙසි නෑ මහත්තයෝ. හරියැ...?

:       4       43

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 18 May 2021 08:32 AM

අගමැතිතුමා, කොයි දේටත් යුද්ධය හා රණවිරුවන් යන වචන පෙරට දාගෙන කතාකරන්න එපා. යුද්ධයේදී කළ සේවය අපට අමතක නැහැ. ඒත්, එය දඩමීමා කරගෙන ඔබතුමාලා කරන සෑම දේටම ආවඩන්නට බැහැ. යුද්ධය කරන්න හමුදා දක්ෂ වුණාට, කෝවිඩ් යුද්ධය කරන්න වෙන්නේ වෛද්‍ය අංශ වලට ඕනෑ විදිහට බවයි කොයි කාගේත් වැටහීම. කොහොමද යුද්ධය වෛද්‍ය අංශවල උපදෙස් අරන් කළා නම්...? අන්න ඒ වගේ තමයි හමුදාවල උපදෙස් පිට කෝවිඩ් යුද්ධය කරන එක. මේ දෙක වෙනවෙනම හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. ඒ නිසා කරුණාකර මේ දෙකේ වෙනස හඳුනාගන්න. වෛද්‍ය අංශවලට අවශ්‍ය විදිහට මේ වසංගතය මර්ධනය කරන්න ඉඩ දෙන්න. හමුදාවට ඒ අයට පුළුවන් දේ කරන්නට ඉඩදෙන්න. දේශපාලකයන් වෛද්‍ය අංශවලට උපදෙස් දීම නවතා වෛද්‍ය අංශ උපදෙස් ක්‍රියාවේ යොදවන්න. හමුදාවේ සහායත් ඒ අයට ලබාදෙන්න. දේශපාලනඥයන් ඉවක් බවක් නැතිව වැඩකරනා විට, නිරපරාදේ මියයන්නේ මේ රටේ වටිනා මිනිස් ජීවිතයි.

:       5       52

විජිත් Tuesday, 18 May 2021 10:54 AM

ඔබ හරි සමිත. තව දෙයක් හමුදාවට යම් කෙනෙක් බැඳෙන්නේ රැකියාවක් විදිහට. ඒ සඳහා හොඳ වැටුපක් සහ පහසුකම් රැසක් ඔවුන් ලබනවා. යුද්ධයක් ඇති අවස්ථාවක සතුරා සමඟ සටන් කිරීම ඒ රැකියාවේ ප්‍රධානම කාර්යයයි. ඒ සඳහා ඔවුන් රජය සමග " ගිවිසුම් ගතවෙනවා ". ඔවුන් රැකියාව කරනවා ඒ සඳහා වැටුප් ලබනවා. යුද්දෙදී මැරෙනවා, අබාධිත වෙනවා. මේ සියල්ලම තමයි යුද්ධය කියන්නේ. යුද්ධයෙන් පසු ඉතිරිවුණු අය " රණවිරු ලේබල් එක ගහගන්නවා. ඔය ලේබල් ගහගත්ත අය අතරේ උතුම්ම ගුණාංග සහිත පුද්ගලයින් වගේම ඉතාමත් අසික්කිත පුද්ගලයින් සිටිනවා. මේ මනුස්සයා කවදා කොතැන කතාකළත් " රණවිරුවාව " ඉස්සරහට දමලා රජය " අසමත් " බව රටවැසියාගෙන් සඟවන්න මහා උත්සාහයක් දරනවා. මෙවැනි කට්ට කෛරාටික දේශපාලුවන්ට ආවඩන නූගත් වහල්ලුන් රැසක්ම තවමත් මේ රටේ සිටිනවා වගේම මුළු ලෝකයෙන්ම අපේ රට කොන්වී ඇතිබවවත් ඔවුන්ට තේරුම් ගැනීමට තරම් සාමාන්‍ය බුද්ධියක්වත් නැහැ. අපිට හිටපු හොඳම වසංගත රෝග පිළිබඳ විශේෂඥවරිය පබා පලිහවඩන මහත්මියට රට හැර යන තැනට වැඩ කටයුතු කලේ මේ රජයයි. එතකොට අපිට සිටින දක්ෂම විශේෂඥයෙක් වන අනිල් ජාසිංහ මහත්මයාව සෞඛ්‍ය අංශයෙන් පරිසර අමාත්‍යාංශයට මාරු කළෙත් මේ අමන රජයයි.

:       4       12

පිටරැටියා Tuesday, 18 May 2021 12:57 PM

ඔබතුමාගේ සහ සමිත මහතාගේ අදහස් ඉතාමත් ව්ටිනවා. මේ පුවත් අපි බලන්නත් ඒක ලොකු හේතුවක්... ලංකාවේ මිනිස්සුන්ට කවදා මොලේ පෑදේවිද මන්දා..?

:       1       5

Ratne Tuesday, 18 May 2021 08:43 AM

ඔබ ද තෙවන රැල්ලේ පතාක යෝධයෙකි.

:       2       44

අතුල Tuesday, 18 May 2021 09:25 AM

මොලේ අඤ්ඤ කොරොස් වෙලා. දැන් ඉතින් රෑට හීනෙන් ගොක් කොළ පෙනෙන කාලේ. ඉඳලා හිටලා තාජුදීන්, එක්නැලිගොඩ, ලසන්ත එහෙමත් හීනෙන් ඇවිල්ලා කියනවලු "අපි නම් ඉන්නේ දිව්‍යලෝකේ, හැබැයි තමුන්ට එහෙ ලයිසන් නැහැ. අපායේ වැසිකිළි වලක් ලැහැස්තිකරලා තියෙන්නේ " කියලා.

:       6       48

යාපා Tuesday, 18 May 2021 09:55 AM

අතුල, වහල්කමට බෙහෙත් නෑ හලෝ... ඔහේ රාජපක්ෂ නමට වෛර කරන දේශපාලන වහලෙක් කියලා නම් පේනවා. යන්නේ කොහේද මල්ලේ පොල්...

:       4       1

විපරමා Tuesday, 18 May 2021 10:10 AM

මරු කියවනවා. දැන් තියෙන්නේ කොරෝනා එක්ක සටනක්, ඒක වළක්වන්න පියවර ගන්න හැටියි මේ වෙලාවේ වැදගත් වෙන්නේ... බොරුවට බයිලා ගහලා වැඩක් නැහැ.

:       0       6

Pathum Tuesday, 18 May 2021 10:23 AM

බල කෑදරකමේ ගෙදරට වෙලා ඉන්නේ නැතිව ... මෙයා බරපතල ලෙඩෙක්...

:       2       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 210 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 752 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 667 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 342 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 832 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1204 6

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site