IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘කොරෝනා මර්දන බලතල ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය ගත යුතුයි‘‘

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල  ගෙන දැන්වත් ජනතාවගේ ජීවිත බේරා ගත යුතුව ඇතැයි‘‘ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් දැනට පත් කර ඇති ක්‍රියාන්වති මධ්‍යස්ථානය අසාර්ථක වී තිබෙන හෙයින්  ජනතාව ගැන අනුකම්පාව තිබෙනවා නම් කැබිනට් මණ්ඩලයට බලය ගෙන ඉදිරි තීරණ ගන්නැයි ඉල්ලා සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

මේ වන විට ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනයේ උග්‍ර තත්වයට මුහුණ දී තිබෙනවා . ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටීලා. මේ වන විට කොරෝනා වසංගතය ලංකාව පුරාම පැතිරෙමින් තිබෙනවා. එමෙන්ම ඔක්සිජන් හිඟය ද තිබෙනවා.වෙන්ටිලේටර් හිඟයක් තවතිනවා. රෝහල්වල ඇඳන් හිඟයි . කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ගිහිල්ලා.දිනෙන් දින ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය වැඩිවෙමින් තිබෙනවා.

මේ වන විට රට තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවකයි.වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි තීරණ නොගත්තොත් සියලු ශ්‍රී ලාංකේයන්ම අමාරුවේ වැටෙන්න වෙනවා.

එමෙන්ම වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවත් කොරෝනා අවදානම් මට්ටමට පැමිණ තිබෙන බව සඳහන් වනවා.

ඒ වාර්තා අනුව දිනකට කොරෝනා රෝගයෙන් ජුනි ,ජුලි මාස වන විට දිනකට සියයකට ආසන්න පිරිස මිය යා හැකි බව දක්වා තිබෙනවා.ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී  සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි.

මේ ආණ්ඩුවේ නම බේරා ගැනීමේ සටන නොවෙයි. එමෙන්ම මෙය දේශපාලන සටනද නොවෙයි.

මෙය ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ සටන බව කිව යුතුයි.ආණ්ඩු මාරු කරන්නැයි කියා අප මේ අවස්ථාවේදී කියන්නේ නැහැ .ජනතාවගේ වගකීම තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටයි.

ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද එතැනට සම්පූර්ණ බලතල  ගත යුතුයි. දැන් පවතින ක්‍රියාන්විත මධ්‍යස්ථානය අසාර්ථකයි .අප මේ ගැන කළින්ම අනතුරු හැඟවුවත් ආණ්ඩුව ඒ ගැන ක්‍රියා කළේ නැහැ.



අදහස් (9)

‘‘කොරෝනා මර්දන බලතල ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය ගත යුතුයි‘‘

මාර්ටින් Monday, 10 May 2021 12:37 PM

SLMA ,GMOA , ඇතුළු සංවිධාන කියද්දී තවදුරටත් නිසි පියවරක් නොගැනීම කණගාටුවට කරුණකි, ඔබතුමාගේ ප්‍රකාශයේ අන්තර්ගතය ජනතාව වෙනුවෙන් කරන ලද ප්‍රකාශයක්,දැන් ඉතින් වෙන කට කියන්නද ? දැන් ඉතින් අපගේ හදවතේ දැවෙන භය , සංකාව ඇතුළු ප්‍රශ්නයට අදාල බලධාරීන් ක්‍රියා නොකරන්නේනම්,තිස්තුන් කෝටියක් දෙවිවරු භාරකරමින්, ශ්‍රී ලංකාව ආරක්ෂා කරත්වා.!

:       0       0

සෙනෙවිරත්න Monday, 10 May 2021 01:07 PM

දැන් මහ බැංකුව කඩපුවා ඇමරිකන් ගැතිතම්, අරවා මේවා කියලවත් මේවා අමතක කරන්න.

:       0       1

Lion Monday, 10 May 2021 01:16 PM

කැබිනට් එකේ බාගයක් ඉන්නේ මෝඩයින්නේ. එයාලාව හොදයි චණ්ඩි පාට් දාන්න. ඔය කෝකටත් අත උස්සන හොර රැළෙන් වැඩක් නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.

:       0       2

සමරසේකර Monday, 10 May 2021 01:38 PM

බොරු මඩ නොගහා මේ මනුස්සයා 2020 කියපු දේවල් අහලා ටෙස්ටින් වැඩි කරලා වැඩ කරා නම් අද වෙනකොට මේ ප්‍රශ්නේ ඉවරයි. බූරු පුතා 2020 මැදින් පැනලා ජනාධිපතිට නොයිල්ලා මේ මනුස්සයාට ඉල්ලන්න දුන්නා නම් 2025 වෙනකොට මේ රට සිංගප්පූරුවක් කරලා. කොහෙදමේ මිනිහගේ අගයක් තේරුම් ගන්න පුලුවන් එවුන් ටිකක්යෑ මේකේ ඉන්නේ?. ඉන්නේම දේශපාලකයින්ට වදින එවුන් ටිකක් නේ.

:       31       25

chandima Monday, 10 May 2021 01:40 PM

මෙයාගේ ඉල්ලීමට වඩා ප්‍රාදේශීය සභා මන්තී කෙනෙකුගේ ඉල්ලීමට මුල්තැන දෙන්න වෙනවා. මොකද ප්‍රාදේශීස සභා මන්තීලා මෙයාට වඩා ඡන්ද අරන් තියෙනවා

:       30       14

CHANDIMA Monday, 10 May 2021 02:02 PM

පස්සේ ඒගොල්ලෝ වැඩෙ කෑවා කියලා ඡන්ද අරන් බලේට එන්න නේද දගලන්නේ? හැරෙනකොට කියන්න පුළුවනි ලංවෙන්නේ පොල්පැලේට කියලා...

:       30       17

nimalMonday, 10 May 2021 04:53 PM

ආණ්ඩු මාරු කර සජිත් අගමැති කරමු

:       0       0

amila Monday, 10 May 2021 02:04 PM

දේපළ දන්දීලා තපසට යනවා කියපු කෙනා මෙන්න ආයේ ඇවිත්... බල්ලෝ වැසිකිළිය වටෙ කැරකෙනවා වගේනේ අම්මපා...

:       23       25

Raveendra Tuesday, 11 May 2021 01:17 AM

අනේද කියන්නේ.... සුත්තර පුංචත් වැඩේ අතාරින්නෙම නැහැ නේද......මොනවහරි වචන ටිකක්ගලපල කියනවාමයි....

:       4       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 673 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 228 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 438 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 302 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 96 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 936 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site