IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොරෝනා මර්ධනයට ඖෂධයක් සොයාගත් බව කියන වෛද්‍යවරයා ගැන පරික්ෂණයක්

(රංජන් කස්තුරි)

දකුණු පළාතේ රජයේ රෝහලක සේවය කරන බටහිර වෛද්‍යවරයකු කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම හා එම ඖෂධ මුදලට අලෙවිකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම වෛද්‍යවරයා සොයාගත් බව කියන කොරෝනා මර්ධන ඖෂධය නිසි ලිපායදිංචිකින් හෝ පර්යේෂණයකින් හෝ තහවුරු කර ගත්තේ ද යන්න පිළිබඳව එය කිසියම් ආකාරයකින් ජාවාරමක් බවට පත්කරගෙන ඇතැදැයි යන්න පිළිබඳවත් සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

මේ පිළිබඳ ඇතැම් පර්ශ්ව පොලිසියට පැමිණිලිකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇතැයි ද ඔහු පවසයි.



අදහස් (8)

කොරෝනා මර්ධනයට ඖෂධයක් සොයාගත් බව කියන වෛද්‍යවරයා ගැන පරික්ෂණයක්

Amarasiri Wednesday, 09 June 2021 08:55 PM

ජපානය වගේ රටක මෙවැනි සොයාගැනීමක් කලොත් එය අගය කරනවා. වැඩේ සාර්ථක නොවුණත් උත්සාහය අගය කරනවා. ඒකට ලංකාවේ ඔහුට එරෙහිව පරීක්ෂණය කරනවා. නව නිර්මාණකරුවන්ට, පර්යේෂකයින්ට වෙන්නේ නිලධාරිවාදයට යටවෙලා ඉන්න. කළු සුද්දන් රට පාලනය කරනකන් අපේ කියලා අලුතින් දෙයක් බිහිවෙන්නේ නෑ...

:       286       508

නුවන් වික්‍රමසිංහ Thursday, 10 June 2021 02:40 AM

අමරසිරි මහත්මයා, මෙතන සිදු වූ දේ පිළිබඳව ඔබට එතරම් අවබෝධයක් නැති බවයි පෙනී යන්නේ. මෙම වෛද්‍යවරයා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නම අවභාවිතා කරමින් තමයි මේ කූඨ ව්‍යාපාරය කරගෙන යන්නේ. එම රෝහලේ වෛද්‍යවරුන් පරීක්ෂණ කර සායනික සහතික කර ඇතැයි හැඟීයන පරිදි ඉතා සූක්ෂම ලෙස ප්‍රචාරය කරනවා. නමුත් එය මුසාවක්. ඒ වගේම මෙහි අධික මිල සාමාන්‍ය ජනතාවට දරා ගන්න හැකියාව තිබේද යන්නත් ප්‍රශ්නාර්තයක්. කරල් 12ක් රුපියල් 3,750/=.. එහි අඩංගු දේ අධ්‍යයනය කළොත් එම මිලට එය කිසිසේත්ම වටින්නේ නැහැ...

:       0       0

Narada GunasekaraThursday, 10 June 2021 05:54 AM

මේක තමයි තිත්ත ඇත්ත. මේ බෙහෙත හොඳින් වැඩකරනවා. අපේ යහළුවන් සමහරක් මේක අරගත්තා. ඉතාලියේ ඉන්න අපේ නෑදෑයින්ටත් යැව්වා...

:       0       0

RaneThursday, 10 June 2021 07:31 AM

වැඩිපුරම අපේ වගේ රටක වෙන්නේ වැරදි වැඩනේ... ඒක අමතක කරන්න බෑ..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 10 June 2021 07:31 AM

ඔබතුමාගේ කතාව නිවැරදියි. අත් ට්‍රැක්ටරය නිපදවූවේත්, මේ රටේ. ඒ බුද්ධිමතා තමයි රේ.. විජයවර්ධන මහතා. ඒ කාලයේ සිටි දේශපාලකයින් ඒ නිර්මාණය නිපදවීමට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා එහි නිර්මාණ අයිතිය ජපානය මිලදී ගත්තා . අපේ රටේ එම ට්‍රැක්ටරය නිපදවූවා නම්, අද අපි ඉන්නේ කුමන මට්ටමකද? මේ වෛද්‍යවරයාගේ සොයාගැනීම ගැන දේශපාලනයෙන් තොර නිසි උගතුන්ගේ මැදිහත් වීමෙන් සාධාරණ විමසීමක් කළ යුතුයි...

:       0       0

සමන් Thursday, 10 June 2021 07:17 AM

දේශීය ආයුර්වේද පරීක්ෂකයින්ව දිරි දුන් විටදී එයටද හොඳ විවේචන ලද රටක්... එකල කොරෝනා එන්නත ද තිබුණේ ද පරීක්ෂණ ම්ටටමේ... ඉතින් කෙලෙසද ආයුර්වේද පරීක්ෂකයින්ව දිරි ගන්වන්නේ...!

:       0       0

Suranga Thursday, 10 June 2021 09:30 AM

අලුත් දෙයක් හොයාගන්න ඉඩ දෙන්න. ඒ ගැන තව දුරටත් හොයා බලන්න

:       1       34

Sri Lanka Thursday, 10 June 2021 01:00 PM

රට පාලනය කන්නේ කවුද

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 37 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 206 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 609 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 547 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1391 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1708 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site