පිරිසුදු පොල්තෙල්වලින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන රෝග ලක්ෂණ මර්දනය කළ හැකි යැයි පිලිපීනයේ ප්‍රධාන පෙළේ රසායනික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු උපුටා දක්වමින් ‘සී.එන්.එන්. පිලිපීන්ස්’ පුවත් සේවය වාර්තා කර ඇත.
නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන අයගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පිරිසුදු පොල්තෙල්වලට හැකියාව ඇතැයි දැනට කර ඇති අධ්‍යයනවලින් සොයාගැනීමට හැකියාව ලැබී ඇතැයි මෙම අධ්‍යයනවල මූලිකත්වය කටයුතු කරන මහාචාර්ය ෆාබියන් ඩාරිට් ඉකුත් දිනෙක පැවැසීය.
ඒ හේතුවෙන් ආසාධ්‍ය තත්ත්වය පත්වන නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට සහ පූර්ව රෝගී තත්ත්ව තිබෙන රෝගීන්ට පිරිසුදු පොල්තෙල්වලින් වන බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පර්යේෂකයන්ට අවස්ථාව ලබාදිය යුතු යැයි ද හෙතෙම කීය.
මහාචාර්ය ෆාබියන් ඩාරිට් පිලිපීනයේ මැනීලා නුවර ‘ඇටනියෝ විශ්ව විද්‍යාලයේ’ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන අතර පිලිපීනයේ රසායන විද්‍යාඥයන්ගේ ප්‍රධාන පෙළේ සංගමයක් වන ‘ඉන්ටග්‍රේටඩ් කෙමිස්ට්ස් ඔෆ් ද පිලිපීන්ස්’ සංගමයේ සභාපතිවරයාද වේ.
නව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන්ගේ ශරීරවල වයිරස තොගය අඩු (වයිරල් ලෝඩ්) සියයට 60ත් 90ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට පිරිසුදු පොල්තෙල්වලට හැකියාව ඇති බව අධ්‍යයනවලින් පෙන්නුම් කරන බව මහාචාර්යවරයා කීය.
පිලිපීනයේ විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වූ කවුන්සිලය මෙම අධ්‍යයනයට මූල්‍ය දායකත්වය ලබා දී ඇත. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ද මෙම අධ්‍යයනවලට අදාළව බලාපොරොත්තු සහගත ප්‍රතිඵල නිකුත් වී තිබිණි.
පිරිසුදු පොල්තෙල්වලින් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව ශරීරවල ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරන බව ද මෙම අධ්‍යයනවලින් අනාවරණය වී තිබිණි.
ඉහත කී දෙපාර්තමේන්තුවේ ම, ආහාර සහ පෝෂණ පර්යේෂණ ආයතනය ද මුලින් සඳහන් කළ මුල් පර්යේෂණයෙන් පසු ව තවත් අධ්‍යයනයක් කර ඇත.
‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන්ගේ, රෝග ලක්ෂණවල දරුණුබව අඩු කිරීමට පිරිසිදු පොල්තෙල්වලට හැකියාව ඇති බව එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත. එමෙන්ම වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයගේ ඒවායේ බරපතළ බව අඩු කිරීමට ද පිරිසුදු පොල්තෙල්වලට හැකියාව ඇති බව එම අධ්‍යයනවලින් තවදුරටත් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් තවදුරටත් සායනික පර්යේෂණ සහ අධ්‍ය්‍යන කළ යුතු බව මේ සම්බන්ධයෙන් සී.එන්.එන්. පිලිපීන්ස් පුවත් සේවයට අදහස් දැක්වූ මහාචාර්ය ෆාබියන් කීය.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා රෝග ලක්ෂණ මර්දනයට පොල්තෙල්
SL Tuesday, 25 May 2021 12:59 PM
වර්ජින් පොල්තෙල් වෙනුවට පොල් ගාලා අමුවෙන් කෑවොත් අවුල්ද? එහෙම වුණොත්, නිරෝධායන මධ්‍යස්ථානවල, අමු පොල් සම්බෝල දෙන්න පුළුවනිනේ...
ks Tuesday, 25 May 2021 01:46 PM
මේ ගැන මෙයට පෙර ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් කිව් බවක් මතකයි. කොහොමත් අපේ මිනිස්සු කියන දේවල් අපිට අගයක් නැහැනේ...
මසිරිපාලThursday, 27 May 2021 11:37 AM
පිටරටදේ අපිට සිරි සැපදේ.
CHANDIMA Tuesday, 25 May 2021 04:24 PM
පොල්තෙල් හොඳයි කිව්වට මොනවද එකෙන් කරන්නේ කියලා පැහැදිලි නෑනේ.
සෙනෙවිරත්න Tuesday, 25 May 2021 06:07 PM
පැනියට වඩා යමක් කල හැකි බවයි පෙනෙන්නෙ,