චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය 75,000කට වැඩි පිරිසකට ආසාදනය වී ඇතැයි නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
හොංකොං විශ්ව විද්‍යාලයේ ලී කා ෂින්ග් වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය ග්‍රේබ්‍රියල් ලියෝන්ගේ ප්‍රමුඛත්වයෙන් මෙම පර්යේෂණය සිදු කර ඇත.
එම පර්යේෂණයට අනුව ජනවාරි 25 වැනිදා වනවිට මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 75,815කි.
මෙම පර්යේෂණ වාර්තාව හොංකොංහි සතිපතා පළවන ‘ද ලාන්සෙට්’ වෛද්‍ය ජර්නලයේ පළ කර ඇත.
චීන රජය නිකුත් කළ දත්තවලට අනුව කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 304කි. වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 14,380ක් දක්වා ඉහළ ගොස් ඇත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ පමණක් මිලියන 11ක් ජීවත්වෙති. “ජනවාරි 25 වෙද්දි 75,815කට වයිරසය ආසාදනය වී ඇතැයි අපි ඇස්තමේන්තු කරනවා” යැයි නිවේදනයක් නිකුත් කරමින් ග්‍රේබ්‍රියල් ලියෝන් පැවැසීය.
වයිරසය ආසාදනය වූ පිරිස සම්බන්ධයෙන් තිබෙන සත්‍ය සංඛ්‍යා දත්ත සහ අප ඇස්තමේන්තු කළ සංඛ්‍යා අතර වෙනසට හේතු කිහිපයක් තිබෙන බව ද හෙතෙම කීය.
වයිරසය ආසාදනය වීමත් වයිරසය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ පහළ වීමටත් යම් කාලයක් ගත වන බවත් එම නිසා ඊට කාලය වැය වීම එක් හේතුවක් බව පෙන්වා දුන් හෙතෙම විද්‍යාගාරවලින් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කිරීමට තවත් කාලයක් ගත බවත් කීවේය.
එම නිසා කොරෝනා වයිරසය ආසාදනයවූවන් පිළිබඳ සටහන් කරගැනීමේ හා වාර්තා කරගැනීමේ සමස්ත ක්‍රියාවලියට බලපෑම් කරන බව ද ඔහු කීය.
දෙසැම්බර් මාසයේදී වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් තවත් දෙදෙනකුට හෝ තිදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද ඒ නිසා සෑම දින 6.4කදීම වයිරසය ආසාදනය වන පිරිස දෙගුණයක් වී ඇතැයි ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ බව ආචාර්ය ග්‍රේබ්‍රියල් ලියෝන් කීවේය.
වයිරසය ජාතික මට්ටමින් ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නේ නම් එය චීනයේ ප්‍රධාන නගර තුළ වර්ධනය වීමේ හැකියාවක් ඇති බවත් එහෙත් එම නගරවල වයිරසය ව්‍යාප්ත වීමේ වේගය වූහාන්වලට වඩා සති දෙකක් පමණ පිටුපසින් තිබෙන බව මෙම අධ්‍යයනයට සහභාගී වූ හොංකොං විශ්ව විද්‍යාලයේ තවත් මහාචාර්යවරයකු වන ජෝශප් වූ පැවැසීය.
නව ඇස්තමේන්තු කිරීම් නිවැරැදි නම් වයිරසය මරණ අනුපාතය කලින් අනුමාන කළාට වඩා අඩු යැයි ද පැවසේ. කොරෝනා වයිරසයේ මරණ අනුපාතය 1% අඩු යැයි මීට කලින් නිවේදනය කර තිබිණි.
එහෙත් මරණ අනුපාතය අඩු වුවද වයිරසය වේගයෙන් ව්‍යාප්ත වුවහොත් විශාල පිරිසක් මරණයට පත්වනු ඇතැයි පැවසේ.උදාහරණයක් ලෙස සාමාන්‍ය උණ තත්ත්වලින් වසරකට 290,000ත් 650,000 අතර පිරිසක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
රෝග පලනය කිරීමේ මධ්‍යස්ථානවල ගණනය කිරීම්වලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ අනුපාතය සියයට 0.13%
2019-එන් සී.ඕ.වී වයිරසය කොරෝනා පවුලේ නව වයිරසයකි. මීට පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් සහ මර්ස් වයිරස ද කොරෝනා පවුලට අයත් වයිරස වේ.2002/2003 කාලයේ ඇති වූ සාර්ස් වයිරසයෙන් 774 දෙනකු මියගිය අතර 8,096කට ආසාදනය විය. 2012 දී ව්‍යාප්ත වූ මර්ස් වයිරසයෙන් 858 දෙනකු මියගිය අතර 2,494කට ව්‍යාප්ත විය. සාර්ස් වයිරසයේ මරණ අනුපතය 9.5% ක් වූ අතර මර්ස් වයිරසයේ මරණ අනුපාතය 34.5%ක් විය.
(055)
සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරුන් දෙදෙනකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයට අද (25) පැමිණ බුවනෝස් අයර්ස් හි අගරදගුරු සහ ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා වයිරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වෙලා