(සුජිත් හේවාජුලිගේ )
බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හැඳින්වෙන රෝගය වැළඳුණු දරුවන් 34 දෙනකු මෙරටින් වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන්. සී. කිතුල්වත්ත මහතා පවසයි .
මේ රෝගය පැතිරෙන්නේ කොරෝනා වැළඳුණු දරුවන් අතරේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මින් දරුවන් 21 දෙනෙකුට රිජ්වේ රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති බවත් දරුවන් පස් දෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට ප්‍රතිකාර ලබන බවත් ඔහු කීවේය .
මෙයට අමතරව ගාල්ල කරාපිටිය රෝහලෙන් දරුවන් හයදෙනෙකුද මහනුවර රෝහලින් දරුවන් සිවු දෙනකුද වාර්තා වී ඇතැයි කී කිතුල්වත්ත මහතා යාපනය ,දියතලාව කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වලින්ද දරුවන් වාර්තා වී තිබෙන බව පැවසුවේය .
මෙම රෝගය කොරෝනා රෝගයට සම්බන්ධ එකක් බවත් කොරෝනා රෝගය වැළඳී සති දෙකක් හයත් අතර කාලයකදී මේ රෝගය ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය .
මෙම රෝගය ලෝකයේ අලුතින් ඇතිවූ එකකැයිද කිතුල්වත්ත මහතා පැවසුවේය .
බඩේ කැක්කුම ,සමේ දද, පාචනය සහ ඇස් රතු වීම බහු ඉන්ද්‍රිය ආසාදනයේ ප්‍රධාන ලක්ෂණ බවත් පවතින තත්වය යටතේ මවුපියන් මේ රෝගය ගැන දැඩි සැලකිල්ලෙන් පසුවීම වැදගත් බවත් නලින් කිතුල්වත්ත මහතා අවධාරණය කළේය .
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා සමග දරුවන්ට වැළඳෙන අලුත් ලෙඩක්
Sri Lanka Saturday, 17 July 2021 04:05 PM
හැම දේකටම කොරෝනා සම්බන්ධ කරන්න එපා. ඔය ලෙඩේ ඉස්සර ඉඳලා තිබුණා. හෙම්බිරිස්සාවට කොරෝනා කියනවා වගේ...