IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කුරුඳුවත්තේ ව්‍යාපාරිකයෙක් ප්‍රියමාලි ළඟ කෝටි 75 තැන්පත් කරලා

ඉන්දිකා රාමනායක

ව්‍යාපාරිකයන් ඇතුලු පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව රුපියල් කෝටි 75 ක වංචාවක් සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු  මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ අනුව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව පැමිණිලි 11 ක් අද දිනය වනවිට ලැබී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

තිළිණි ප්‍රියමාලි නමැත්තිය  ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම ව්‍යාපාරික ස්ථානයේ මාධ්‍ය විශේෂඥයන් වශයෙන් කටයුතු කළ ජනප්‍රිය නිවේදිකා සුරංගි කොඩිතුවක්කු හා ධනංජය නානායක්කාර යන දෙදෙනා අද ් පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙත් බවද පොලිස් ආරංචි මර්ග පවසයි.

ඉදිරි දිනවල දී තවත් සේවක සේවිකාවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

මේ අතර එම කාර්යාලයේ තිබු සැකකාරියට අයත් සේප්පුවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පරීක්ෂාවට ලක් කළ ද එහි මුදල් කිහිවක් නොතිඹු බවද එම ආරංචි මාර්ග පවසයි. ඇගේ දුරතකනය දත්ත හා විද්්‍යුත් තැපෑල ඔස්සේ ලැබුණු හා යැවු පණිවිඩ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරිය ඇතැම් පුද්ගලයන්ට සෘජුවම කතා කර මේ වංචාව සදහා සම්බන්ධ කරගෙන ඇති බවත්, තවත් පිරිසක් වෙනත් පාර්ශවයන් හරහා සම්බන්ධ කරගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරිය මුදල වංචාවට අමතරව විවිධ පුද්ගලයන්ට ආචාර්ය පදවි ලබා දෙන ආයතනයක් ද පවත්වාග ගොස් ඇති අතර, රටේ ජනප්‍රිය පුද්ගලයන්ට, නළු නිළයන්ට ඇතුලු පිරිසට එම ආයතනය හරහා ආචාරය උපාධි ද ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම සැකකාරිය සිදු කළ මුල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වංචා සිද්ධියට අමතරව මුදල් විශූද්ධි කරණය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (28)

කුරුඳුවත්තේ ව්‍යාපාරිකයෙක් ප්‍රියමාලි ළඟ කෝටි 75 තැන්පත් කරලා

ලුම්බිණි Friday, 14 October 2022 08:44 AM

අට පාස් නැති අය ආචාර්ය උපාධි දෙන රටක් මේක.

:       1       65

samanFriday, 14 October 2022 09:58 PM

කුරුඳුවත්තේ හිටියත්, කෝටි 75ක් තිබුණත්, ආයේ ඉතින් ගවයෙක්ම තමයි...

:       0       8

donSaturday, 15 October 2022 07:33 AM

මුදල් වංචා කරපු ආයතනයක හිමිකාරියව අත්අඩංගුවට අරගෙන රටේ ලොකු ලොකු පුද්ගලයන්ගෙන් විශාල මුදලක් වංචා කරලා. හැබැයි ආයතනය තවම වැඩ. මොකක්ද හේතුව. මට හිතෙන විදියට හේතුව තමයි මේ ඉන්නේ මේ ආයතනයේ නාමික හිමිකාරිය පමණයි. කොටින්ම කියනව නම් මහ පරිමාණ කලු සල්ලු සුදු කරන සහ අයථා ක්‍රම මගින් මුදල් සොයා ගෙන සඟවාගෙන සිටින පුද්ගලයන්ගෙ සල්ලි අඳින සහ වංචා කරන දම්වැලක එක පුරුකක් විතරයි. මෙහි සැබෑ හිමිකරුවන් හෝ කොටස් කරුවන් මේ අය සමග සිටින පින්තූරවලින් හිතාගන්න පුළුවන්. තවත් මේ ආයතනය පවත්වාගෙන යන්නේ මෙහි මුදල් ආයෝජනය කළ කොර කල්ලියත් මෙහි හිමිකරුවනුත් සියලු දත්ත විනාශ කිරීමට හෝ සැඟවීමට ඕනෑ තරම් අවස්ථාව තියනවා. සිල්ලර කඩයක කුණු කරෝළ ටිකක් තිබුණත් කඩේ සීල් කරන රටේ තාමත් ආයතනය වැඩ. මේවා ලොකු විහිලු.

:       1       6

සසිරිබර මෙසිරිලක Friday, 14 October 2022 08:50 AM

මෙම ආයතනයේ මුදල් තැන්පත් කල අය ආදායම් බදු වංචා සදහා මෙහෙම තැනැත්තියක් ළග මුදල් තැන්පත් කලා වෙන්න බැරිද ඒ අය ගැනත් සෙව්වොත් යමක් කමක් සොයන්න පුළුවන් වේවි නේද?

:       1       60

Kuma Friday, 14 October 2022 08:54 AM

මෙවන් මූල්‍ය වංචාවකරුවන් අතර ලංකාවේ මූල්‍ය නීති පද්ධතියෙ කුහුවෙකි කුමා.

:       2       25

කිරිපුතා Friday, 14 October 2022 09:07 AM

අන්තිමට නිදොස්කොට නිදහස් වෙයිද දන්නෙ නෑ. දැනටම කළුකබා පැල් බැඳගෙන ඇත්තේ ඇගේ පැත්තට කතා කරන්න . මොකද කෝටි වලින්නෙ ගේම දීීලා තියෙන්නේ

:       2       42

Diesel Friday, 14 October 2022 09:32 AM

වැරැද්ද පිළිගන්න. අත්හිටවූ සිර දඬුවම් ලබාගෙන දඩයක් ගෙවලා ෂේප් වෙන්න පුළුවන් සක්විතිට වගේ.

:       0       46

මැක්ස් Friday, 14 October 2022 09:33 AM

ප්‍රියමාලි නාටකය මගින් හෙළිවන ප්‍රධාන කාරණය වන්නේ මුදල් පසුපස හඹා යාමේ දී හෝ දුෂණය වංචාවට පෙළඹීමේ දී හෝ වෙනත් එවැනි අකටයුතුකම්වල දී පෙරමුණ ගන්නේ දේශපාලකයන් පමණක් නොවන බවයි. "දේශපාලකයන් විසින් අපේ සල්ලි හොරා කෑ නිසා රටට මේ වින්නැහිය" යන ඕනෑම කෙනෙක් බොහොම පහසුවෙන් ඇද බැඳ ගත හැකි, මනමොහනීය වූ "බාගෙට ඇත්ත" සටන් පාඨය තුළ මුළු මහත් සමාජයම පාහේ ගිල්වා ඇතත්, වංචාව යන කාරණයේ දී කාගේ කාගේත් කිල්ලෝටවල ඒ ඒ ප්‍රමාණයන් ගෙන් හුණු ඇති බව මෙමගින් අප තේරුම් ගත යුතු ය. වෙසෙසින්ම, දූෂණ විරෝධී පුවරු ඔසොව සිටින යතිවරයන් යයි කියා ගන්න අය ඇතුළු බොහෝ දෙනෙක් ද මෙම කාන්තාව හා එක් වී සිටීමෙන් පෙන්නුම් කරන්නේ එම ශෝචනීය තත්වයයි.

:       4       55

පැරකුම් Friday, 14 October 2022 10:09 AM

මෙවැනි අමන මුග්ධයින් කෝටිපතියන් වුනේ කෙසේදැයි සොයාබැලීම වටී. මේ තැන්පත්කරුවන් සියල්ලම කළු සල්ලි කාරයින් බව ඉතා පැහැදිලිය.

:       1       43

sunimal Friday, 14 October 2022 10:14 AM

සක්විති පැනල ගිය පසුවත් ඉස්තාලය වහගන්න බැරි උන රටක්.

:       0       36

pakeer Friday, 14 October 2022 10:38 AM

මේ අන්තිම හොරා නෙමෙයි.තව හොරු බිහි වෙනවා .ඉදිරියේදීත් ,ඒවාටත් තව එවුන් අහු වෙනවා .මම නම් මේ ගෑනිට දොස් කියන්නේ නැහැ.ඒ ගෑනි කරේ හොරුන්ගෙන් හොරකම් කරපු එකා.ජනාධිපතිකමට උනත් සුදුසු ගෑනියෙක් මේ

:       3       34

kamal perera Friday, 14 October 2022 12:33 PM

මේවා මිනිසුන්ට පෙන්වන සංදර්ශන විතරයි .දැන් හැම අර්බුධයක්ම අමතක කරලා මිනිස්සු මේක ගැන හොයනවා .මෝඩ මිනිස්සු ඉන්න රටක මේවා සාමාන්‍ය 'පුරුදු' වෙලා

:       3       25

Raheem Friday, 14 October 2022 02:04 PM

කවුද කියන්නේ ලංකාව දුප්පත් රටක් කියලා. කෝටි ගණන් දාපු සල්ලිවලින් තෙල් නැව් 10ක් විතර ගන්න පුළුවන්. දැනට 10 දෙනෙකුගේ සල්ලි මෙච්චර නම් සල්ලි ගණන් දාපු ඔක්කොම ගණන් බැලුවාම... දැන් මෙයා ගාව එයාට වඩා සල්ලි තියෙනවා.

:       0       17

ජගත් ලියනගේ Friday, 14 October 2022 02:15 PM

ඒ අහිංසක දැරිවියට කරදරයක් නොවේවා...!

:       3       12

Bishan Friday, 14 October 2022 02:26 PM

ඇත්තටම මෙයාට තිබිලා තියෙන්නේ පුදුම හැකියාවක්. හොඳ දේකට යෙදවුවා නම් නම්බු පිටින් ජීවත් වෙන්න තිබ්බා. මුදල් දාපු අය ගැන නම් කිසිම දුකක් නෑ. ඔවුන්ට මේ මුදල් කවදාවත්ම නොලැබේවා. මෝඩයින්ට මොන සල්ලිද?

:       1       20

Jayampathi Friday, 14 October 2022 02:42 PM

කරලා තියෙන වැඩ අනූව මෙයාව හිරෙ දාලා හරියන්නේ නෑ. . අලි සබ්‍රිට එන්න කියලා . මෙයාව යවන්න ලංකාවට ආයොජන අරං එන්න.. ලෝක බලවතුන්ට හොද සුද්දයක් දාලා ඔක්කොම සල්ලි ටික අරං එයි.

:       0       21

Perera Friday, 14 October 2022 02:53 PM

රාජපක්ෂලාගේ ගැහිලි එක්ක බලද්දී මේවා කජු ඇට කොස් ඇට නේ

:       1       25

Gunasinghe Friday, 14 October 2022 03:22 PM

මේකත් තව ෆිල්ම් එකක් විතරයි. රට කොහොමත් ගිලෙනවා අහිංසක මිනිස්සුත් එක්ක. VIP ලා බේරෙනවා. මේවට වගකියන්න ඕනේ මෝඩ, නූගත් ඡන්ද දායකයින් 69 ලක්ෂය...

:       5       23

පැරකුම්Friday, 14 October 2022 10:13 PM

මොන පිස්සුද? පේනවනේ මෝඩ හරක් රැල ආයේමත් නැගිටලා රට කාපු මහ එකා වටකරගෙන ඉන්න හැටි... අමන වහල්ලු ඉන්නකල් වැටිච්ච රට ගොඩදානවා බොරු...

:       0       2

ගමේ එකාලා Friday, 14 October 2022 08:32 PM

මොනවා කෙරුවටද දන්නේ නැහැ ආචාර්ය උපාධි දෙන්නේ..? සමහරවිට හොරකම්, වන්චා, දූෂණ, කපටි, කෛරාටික වැඩවලට වෙන්ඩැති... හොරට ලියලා විභාග පාස් වෙච්ච පෙරකදෝරුවොත් ඉන්න රටක්නේ...?

:       0       10

Nawariyan Friday, 14 October 2022 08:43 PM

තවත් මූණු වහගෙන රකින්න හදන නල්ල මලේ සදාචාරය...

:       0       10

chandima Friday, 14 October 2022 08:57 PM

හොරට උපාධි දෙන තැන් නම් ඔ්න තරම් තියනව ලෝකෙ පුරාම. එක්කෙනෙක් නවසීලන්තෙ ගිහිනුත් අරන් ආවා. මතක නැතිද?

:       0       8

lankasri Saturday, 15 October 2022 02:01 AM

මට නම් පෙන්නේ දැනුයි කලු සල්ලි සුදු කර ගන්න යන්නේ. හමෝගෙම සල්ලි මෙයා ලග කියලා උසාවියෙන්ම සල්ලි සුදු කරගන්න ගේමක් වගෙ මෙ. මෙයා හැසිරෙන විලාසයෙන්ම පෙනවා කිසි බයක් හැකක් නැති බව. එයා හොදින් දන්නව රගපෑමක් කියලා.

:       0       1

විජේ Saturday, 15 October 2022 05:15 AM

සක්විති රණසිංහ "ජීවිතයේ බිඳවැටීම් පන්නරය කරගත් අපූරු මිනිසා" වුණා වගේ මෙයත් වටේටම අල්ලලා ගේමක් ගහයිද? බැසිලා වගේ හිටියානම් ගොඩම තමයි.

:       0       0

Nandasena gr Saturday, 15 October 2022 06:45 AM

මුන්ට බැහැ අර ගම්වල අසරණ වෙලා,නන්නත්තාර වෙලා ඉන්න තරුණ අයට රක්ෂාවක් කරගන්න පුලුවන් විදියේ කර්මාන්ත ශාලාවක් දෙකක් පටන් ගන්න.එහෙනම් රටත් දියුණු වෙයි.සාධාරණ හම්බ කිරීමකුත් වෙයි.මර්දනය ඕන වෙන එකකුත් නැහැ.

:       0       0

fairoos Sunday, 16 October 2022 12:45 PM

රටම හොරාකාපු නන්දසේනලාට වඩා හොඳයි...

:       0       1

janabala Monday, 17 October 2022 08:34 AM

මුහුනු බොද කරල දාන්නෙ පුත්‍ර සාගමට බ්?

:       0       2

Appuhami Monday, 17 October 2022 05:46 PM

මෙයා වටේටම අල්ලලා බේරෙනවා. මේවා රාජපක්ෂ කලුසල්ලි... ජනතාව තමයි මෝඩයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 42 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 111 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 210 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 167 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 268 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2645 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24970 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18848 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1837 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site