ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ අයඩින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත‍්‍ර වල අඩංගු විකිරණ රෝහලට නිකුත්වන බව ශී‍්‍ර ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි. මේ පිළිබඳ සොයා බැලූ එම අධිකාරිය විකිරණ නිකුත්වීම වැළැක්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ රෝහල් බලධාරීන් දැනුම්වත් කැර මාස කිහිපයක් ගතවී ඇතත් ඒවා කි‍්‍රයාතමක කැර නැත. අයඩින් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ මළ මූත‍්‍ර අඩංගු ටැංකි පොළව යට සෑදිය යුතු වුව ද රෝහලේ එම ටැංකි ඉදිකර ඇත්තේ පොළොව මතුපිටය. ටැංකි ඊයම් වලින් ආවරණය කරන ලෙසත් විකිරණ කාන්දුවන ගොඩනැගිල්ලක් සහ ටැංකි අතර කොන්කී‍්‍රට් ආස්තරණයක් යොදන ලෙස දැනුම්දී ඇතත් එයද සිදුකැර නැත. රෝහල් අධ්‍යක්ෂ වරයා පවසන්නේ මෙවැනි විකිරණ කාන්දුවක් සිදු නොවන බවයි. එවැනි දෙයක් පිළිබඳ තමන්ට දැනුම්දී නැතැයි ද හෙතෙම කියයි.
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කරාපිටියේ තව ලෙඩක්
උපුල් Thursday, 22 March 2012 08:25 PM
කරාපිටියේ පිළිකා ඒකකය ගැන කියනවානම් තව ගොඩක් ගැටළු තියෙනවා. මේක විවෘත කරපු දවසේ ඉඳන් අද දක්වාම කිසිම දියුණුවක් පේන්න නැහැ. 2010 අග හරියේ අයඩින් ඒකකය සහ ඔසුහලක් පිහිටෙව්වා හැරෙන්න බුදුපිළිම, බෝධිපූජා, පිරිත්, ධාතු ප්‍රදර්ශන මිස රෝගීන්ට වත් සේවකයන්ට වත් ප්‍රයෝජනවත් වන කිසිවක් ලබාගන්න පුළුවන් වෙලා නැහැ. ලැබුන ඇතැම් දේවල් පවා පිළිකා සංගමයේ පරිත්‍යාග මිස පරිපාලනයේ හොඳකමින් දීපු ඒවා නොවෙයි. සේවකයෝ ඉතාම අනතුරුදායක පරිසරයකයි රාජකාරි කරන්නේ. ඒ සේරම තිබියදී අලුත් මෙට්‍රන් කෙනෙකුට රජකුටියක් හැදුවා. ඒකට ගිය සල්ලි අපතේ. දැන් මිනිහා දකින්නත් නැහැ. ශල්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා නොසිටින්න මේක අපායක් වෙලා. මේවා එළිදරවු කරන්න ඉදිරිපත් වීම ගැන ලංකාදීපයට පින්.