IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කරාපිටිය රෝහල පිරික්සන්න යයි

ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු කරාපිටිය රෝහලේදී නව හැවිරිදි දැරියක මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳුදා විශේෂ කණ්ඩායමක් රෝහලට යවන බව ජාතික ඖෂධ අධිකාරිය පවසයි. මෙම දැරියගේ මරණයට හේතුවූවා යැයි කියන ප්‍රතිජීවක ඹෟෂධය දිවයිනේ සියළුම රෝහල්වලින් ඉවත්කිරීමට දැනටමත් කටයුතු කැර තිබේ. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ හේමන්ත බෙනරගම මහතා පවසන්නේ දැරියගේ මරණය සම්බන්ධ වාර්තාවක් ද කරාපිටිය රෝහලින් ඉල්ලා ඇති බවයි.



අදහස් (0)

කරාපිටිය රෝහල පිරික්සන්න යයි

ලාල් Monday, 15 October 2012 12:40 PM

මොනවා වුණත් දැන්නම් වැරැද්ද හදන්න බැහැ (නි)

:       0       0

ප්‍රදීපා Monday, 15 October 2012 05:18 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්.... බණ්ඩාර අයිය පව්.... (ස)

:       0       0

පුබුදු Monday, 15 October 2012 12:54 PM

මේවා අපරාධ

:       0       0

අමල් සමරවීර Monday, 15 October 2012 01:01 PM

මේ දුව ඉගෙන ගත්තෙත් මගේ දුවගේ පන්තියෙමයි. අද මුළු ගාලු ප්‍රදේශයම කම්පා වෙනවා මේ පුංචි දියණියගේ මරණය සම්බන්ධව. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ තුමා සත්ගුණවත් උනාට වැඩක් නෑ මේ වගේ සිදුවීම් වලක්වගන්න එතුමාට නොහැකි නම්. මේ වෙනකොට කරාපිටිය රෝහලේ ගරා වැටීම බලාගන්න නම් ඒකට යන්නම ඕන. අයාලේ යන සුනඛයෝ රෝහලේ ඇතුලත වාට්ටුවල කොරිඩෝවල රංචු පිටින්. උන්ගේ මළමුත්‍ර හැම තැනම. අපිරිසිදුකම හැම තැනම උතුරලා ගිහින්. සේවකයෝ රාජකාරිය පැත්තක තියලා එයාලගේ වැඩ. බොහෝ වෛද්‍යවරුත් වාට්ටුවට ආපු වෙලාවේ ඉඳන් ඔරලෝසුව බල බල ඉන්නේ චැනල්වලට දුවන්න. මේ මහපොළොව නුහුලන අපරාදෙට කරාපිටිය රෝහලේ කාර්යමණ්ඩල සනුහරයම වගකියන්න ඕන. (ස)

:       0       0

බුද්ධික Tuesday, 16 October 2012 09:34 AM

අමල් මහත්තයගේ කතාවනම් සහතික ඇත්ත (ස)

:       0       0

ලලිත් Monday, 15 October 2012 01:27 PM

හොද වැඩක්

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 01:31 PM

මේවා අහනවට වඩා මැරෙන එක හොඳයි (ස)

:       0       0

දමිත් Monday, 15 October 2012 12:47 AM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගෙයි. (නි)

:       0       0

සචිනි Monday, 15 October 2012 01:37 PM

අයියෝ සල්ලි

:       0       0

ගංගා Tuesday, 16 October 2012 10:52 AM

රෝහල් කාර්ය මණ්ඩලයේ කවුරු හරි වැරැද්දක් කරනවා නම් ඒ ගැන රෝහලෙන් පිටවී යන දවසේ වත් පරිපාලනයට පැමිණිලි නොකරන්නේ ඇයි? (නි)

:       0       0

හෂාන් Monday, 15 October 2012 02:33 AM

වුනු දේ ගැන කනගාටුයි

:       0       0

කරුණා Monday, 15 October 2012 02:05 PM

මොනවද මේ වැඩ

:       0       0

වරුණ Monday, 15 October 2012 07:52 AM

ඕක පිරික්සන්න ගියොත් ඉතිං සේරමලාගේ හොර අහුවෙයි. (නි)

:       0       0

ජයලාල් Monday, 15 October 2012 08:05 AM

යම් අවාසනාවන්ත හේතුවක‍ට මෙම සිදුවීම උනත් මෙම රෝහලේ අධ්‍යක්ෂක මහතා ඉතා සත්ගුණවත් මහත්තයෙක්.එතුමා උපරිම සාධාරණයක් සිදුකරාවි (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 15 October 2012 08:16 AM

මගේ පොඩි කෙල්ල අද අසනීපව ඉන්නේ ඉක්මන් කරල මේ රෝහල වෙත ඒන්නේ දුන් බෙහෙතකින් දරුවා නැත හිනැහෙන්නේ ඇයි සුදු දුවේ අප තනිකර දුක දුන්නේ (ස)

:       0       0

අනුර Monday, 15 October 2012 08:55 AM

මේවා කාගේ වැරදිද

:       0       0

ජීවා Monday, 15 October 2012 02:30 PM

අයියෝ සල්ලි

:       0       0

සංගීතා Tuesday, 16 October 2012 12:03 PM

කරාපිටිය රෝහල ගැන කතා කරලා වැඩක් නැහැ, අධ්‍යක්ෂකතුමා හොඳයි ගෙදර යවන්න.මෙච්චර ලොකු රෝහලේ opd වාර්තාවක් ගන්න දවසක් ඉන්න ඕන,එතන ඉන්නෙත් එකම ළමයෙක් විතරයි.දවසම මැරෙන්නෙ ඒ මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි.......... (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 October 2012 02:39 PM

අමල් මහතාගේ කතාව සම්පූර්ණ ඇත්ත. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 15 October 2012 08:30 PM

"චතුල වෙරෝනා 2012-10-15 14:39:03 අමල් මහතාගේ කතාව සම්පූර්ණ ඇත්ත." කවදාද ඔබතුමා කරාපිටියට අන්තිම වතාවට ආවේ? දැක්කා වගේ ඔහොම කියන්න නම් අඩු ගාණේ කලකට උඩදීවත් මෙතන ඇත්ත තත්වය බලන්න ආපු කෙනෙක් වෙන්න ඕනෑනේ. ඔය කියන තරම් නරක තැනක් නම්, දවසකට දළ වශයෙන් බාහිර අංශයෙන් නවසියයත් දහසත් අතර ගණනකුත්, සායන වලින් දෙදහසකට අධික පිරිසකුත්,රෝහල් ගත වීමෙන් තුන් සියයකට අධික පිරිසකුත්, මෙතනින් ප්‍රතිකාර ගන්න එන්න ඒ මිනිස්සුන්ට පිස්සුද? (නි)

:       0       0

ෆිරෝ Monday, 15 October 2012 09:46 AM

අනේ එපා. ඕකේ අවසානයේ දුක් විදින්න වෙන්නෙත් අපිටමයි. සේරම දොස්තර මහ්තතුරු වර්ජනයක් පටන් ගනීවි. (නි)

:       0       0

තුෂාර Tuesday, 16 October 2012 12:20 PM

මේවා නවත්වන්න නම් ලොකු අයගේ ඔලු ගෙඩි සුද්ද කරන්න වේවි (ස)

:       0       0

නන්ද Monday, 15 October 2012 10:26 PM

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් තරම් ඊර්ෂ්‍යාවට හා වෛරයට භාජනය වූ වෙනත් සේවයක් නැති තරම්.. ඉඳ හිට වෛද්‍ය වරුන් අතලොස්සක් කරන වැරදි වැඩ වලට මහා ප්‍රචාරයක් ලබාදෙන ජන මාධ්‍යයන් අවුරුද්දේ 365 දවසේම වෙහෙස නොබලා වැඩ කරන වෛද්‍යවරුන් බහුතරයකගේ සේවය ගැන වචනයක් වත් කථා නොකිරීම කණගාටුවට කරුණක්. (අ)

:       0       0

කෝසල Monday, 15 October 2012 10:41 AM

බාල ප්‍රතිජීවක ඖෂධ ගෙන්වීම දැන්වත් නැවැත්තුවොත් හොදයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 15 October 2012 03:16 PM

අමල් සමරවීර කරාපිටිය ගැන ගොඩක් දේවල් දන්නවා. ඔයාගෙන් අහන්න තියෙන්නේ, මේ තරම් විපත්තියක් වෙනකල් මේවා කියන්න ඇයි බලාගෙන හිටියේ? අසාධාරණයට විරුද්ධ අවංක පුරවැසියෙක් නම් ඔයාත් බදු ගෙවන ලාංකිකයෙක් හැටියට මේවා දුටුව දවසෙම පැමිණිලි කළා නම් ( අඩු ගානේ පුවත්පතකට වත් ලිවුවා නම්) මේවා වෙනස් කරන්න යමක් කළා කියලා කියන්න පුළුවන්. එහෙම නැතිව 'ඕවට පැටලිලා අපට අමාරුවේ වැටෙන්න බැහැ, අපට තවම මොකුත් වුණේ නැහැනේ, අපි මොකටද කට දාන්න ගිහින් තරහවල් හදාගන්නේ..' කියලා කට වහගෙන ඉඳලා අදහස් තීරුවෙන් වීරයා වෙන්න යන්න එපා. මේ දැරියගේ දෙමාපියන් රුපවාහිනී නාලිකා වලට කියන කතා මරණ පරීක්ෂණයේදී කිවුවාද කියා හොයලා බලන්න. ඔයාට ඇත්ත දැනගත හැකි වෙයි. හැමෝටම ඕනෑ කරන්නේ 'සැකයක් නැහැ, ස්වාභාවික හේතුවකින් වුණා කියා පිළිගන්නවා..' කියා දේහය රෝහලෙන් මුදාගෙන ගෙදර ගිහින් ඉන්පසු මාධ්‍ය හමුවේ විවිධ දේවල් ප්‍රචාරය කරන්නයි. (නි)

:       0       0

අජිත් Monday, 15 October 2012 10:43 AM

බාල බෙහෙත් ගෙන්වීම නවත්වන්න .මොකද ඔය අදුරේ අතගාන්නේ.......කාව රවට්ටන්නද ? (ස)

:       0       0

රංග Monday, 15 October 2012 11:02 PM

බාල ඉන්දියන් බෙහෙත් ගෙන්වන එකට ආණ්ඩුව වගකියන්න ඕනෑ. ඕනෑම බෙහෙතක් ඇලජික් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඇන්ටිබයෝටික්ස්. මේක හැමෝටම වෙන දෙයකුත් නෙමෙයි. හැම බෙහෙතටම වෙන දෙයකුත් නෙවෙයි. දහස් ගණනකට කෙනෙකුට බරපතල විදියට රියැක්ෂන් එකක් ඇවිත් මැරෙන්නත් අවදානමක් තියෙනවා. ලොකු පොඩි කාට වුණත් එන්න පුළුවන්. ඒක කාට එයිද කියලා කලින් කියන්න විදියක් නැහැ. කලින් ඇලජික් නම් දෙනකොට වැඩි අවධානයකින් දෙන්නෙ. මේවා කොච්චර දියුණු රටවල් වල වුණත් 100% ක් වළක්වන්න බැහැ. ප්‍රතිකාර කරනවා කියන්නෙ ස්වාභාව ධර්මයට විරුද්ධව කරන දෙයක්නේ. බෙහෙත් කියන්නෙ කෘතීම දේවල්. හැමතිස්සෙම මිනිහාට දිනන්න බැහැ. සමහර වෙලාවට ස්වාභාව ධර්මය දිනනවා. දොස්තරලා ඕනෑකමින් මිනිස්සු මරනවා කියන මතය සමාජයට ගෙන යාම වැරදි දෙයක්. මැටි කළ දාහක් හදද්දී එකක් බිදෙනවා. හදන නිසානේ බිදෙන්නේ. දරුවට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සිල්වා Monday, 15 October 2012 10:43 AM

උණුසුම් පිටනම් ඉතිං අස්සක් මුල්ලක් නෑර පිරික්සයි. (නි)

:       0       0

තුල්සි Monday, 15 October 2012 03:21 PM

අමල් කියන කතාවේ හැටියට නම් මෙවැනි දේවල් සිදුවෙන එකට කරාපිටියේ නොව ලංකාවේම සනුහරයම වගකියන්න ඕනෑ. මොකද ලංකාවේ අනික් කොයි තැන බැලුවත් දකින්න තියෙන්නේ ඔය පිරිහීමම තමා. ඔයා රෝහල තුල දකින බල්ලොත් කාර්ය මණ්ඩලය ගෙනත් දාපු උන් නොවේ. රජය ප්‍රතිපත්තියක් ලෙස බල්ලන් මරන්න තහනම් කළ දා ඉඳන් තමා රාජ්‍ය ආයතනවල කකුල් හතරේ බල්ලෝ වැහි වැස්සේ. ඊට අමතරව සත්ගුණවත් බෞද්ධයින් ගෙදර පැටවූ ගහන බල්ලන්වත් ගෙනත් දානවා. (නි)

:       0       0

රවී Monday, 15 October 2012 10:56 AM

කොහොමද එහෙම උනේ ඇත්තට

:       0       0

දියස් Monday, 15 October 2012 11:21 AM

කරුණාකර කල් ඉකුත්වූ බෙහෙත් වර්ග ලංකාවට ගෙන ඒම නවත්වන්න (ස)

:       0       0

ජීවක Monday, 15 October 2012 03:38 PM

තුල්සිගේ කතාවට මමත් එකගයි. (නි)

:       0       0

තරීෂා Tuesday, 16 October 2012 06:41 AM

ලංකාවේ හුග දෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලයකින් වෙන සේවය හදුනන්නේ නැහැ. (නි)

:       0       0

හේමන් Tuesday, 16 October 2012 08:02 AM

ඔය කරාපිටිය රෝහලේ තමයි මගේ යාලුවෙකුගේ අම්ම කෙනෙකුත් සති දෙකකට කලින් ලෙඩවෙලා නැවතිලා හිටියේ. දොස්තරලා යක්කු වගේ . මොනවත් අහන්න බැහැ ඇඟට ගොඩවෙනවා. ලෙඩේ ගැන ඇහුවම බණිනවා ඔයගොල්ලෝ මොනවද දන්නේ කියලා. විශේෂයෙන් දොස්තර නෝනලා තමයි මේ විදියට බණින්නේ. බොරුනම් කවුරුහරි 11 වාට්ටුවට ගිහිල්ලා කතාකරලා බලන්න. කවුරුහරි බලදාරියෙක් මේ ගැනත් හොයලා බලනවා නම් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 231 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1127 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2892 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 346 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site