(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසීය.
රුපියල් 1195 ක්ව පැවැති කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1345 ක් දක්වා ද, රුපියල් 480 ක්ව පැවති ග්‍රෑම් 400 පිටිකිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් දක්වා ද ඉහල දැමූ බව කී අශෝක බණ්ඩාර මහතා නව මිල අද සිට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
සමාගම් සතුව පවතින තොග මට්ටම අනුව ඒ ඒ සමාගම්වල කිරිපිටි මිල ඉහළ යාමේ දිනය තීරණය වන බවත් මේ වන විටත් තොග තිබෙන සමාගම්වල කිරිපිටි වර්ග ඊයේ සිට ඉහල යනු ඇති බවත් බණ්ඩාර මහතා කීය.
කිරිපිටි මිල ඊයේ කළ වැඩිවීම සාධාරණ කාලයක් පවත්වා ගෙන යාහැකි බවට තමන් විශ්වාස කරන බවත් ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල අඩු වුවහොත් අනිවාර්යෙන්ම එහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන බවත් අශෝක බණ්ඩාර මහතා අවධාරණය කළේය.
පසුගිය මාස දෙකක පමණ කාලයක තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම මිල ඉහළ දැමීම කළ බව කී බණ්ඩාර මහතා පැවසුවේ මිල ඉහළ නොදැමූවේ නම් සමාගම් දිගින් දිගටම පාඩු ලබමින් වසා දැමීමට සිදුවන බවත්ය.
පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල නැව් ගාස්තු නොමැතිව කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ඩොලර් 3500 කට පැවති බවත් සදහන් කල බණ්ඩාර මහතා කීවේ මේ වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ඩොලර් 3900 ත් 4000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් එයට ඉහළ ගිය නැව් ගාස්තු ද එකතු කළ විට කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ආනයනය කිරීමට ඩොලර් 4200 ක් පමණ වැය වන බවත්ය.
කිරිපිටි සමාගම් පසුගිය වසර 10 ක පමණ කාලය තුළ ඉතාමත්ම අඩු ලාභයක් ලැබූ බව කී බණ්ඩාර මහතා සඳහන් කළේ මෙම මෙම මිල වැඩි කිරීම තුළින්ද එම සමාගම් පිරිවැය ආවරණය කරගනිමින් ඉතාමත්ම සුළු ලාභයක් ලබන බවත්ය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිරිපිටි කිලෝවක් රු:150 කින් ඉහළට
නිමල් Thursday, 30 December 2021 11:18 AM
තව ඉවසලා කර්මයට බාරදීලා ඉඳිමු නේද?
ඉඳුනිල් ප්‍රියන්ත Thursday, 30 December 2021 11:36 AM
අපි අනුර කුමාරගේ මූනේ ලපේට බනිමු, ඒක නිසයි මේ සියල්ල වෙන්නේ...
fairoos Thursday, 30 December 2021 12:56 PM
රුපියල් 10000 නෝට්ටුවක් ළඟදීම භාවිතයට
uk ran Thursday, 30 December 2021 01:08 PM
අනේ මුන්ගේ කයිවාරු.ඔච්චර ලාභ ලබලා ඕකුන්ට කෙලවෙන්නේ එකපාරටම.අහිංසක මිනිස්සු බොන කිරිපිටි ටික කොහොම හරි ගන්න බව දන්නා නිසා අධික ලාභ ලබනවා.මුන්ගේ මේ සල්ලි වලින් ගන්න දේවල් නැති බන්ගස්තාන වෙලාම යන්න ඕනේ.
ranjan Thursday, 30 December 2021 07:58 PM
පාලකයෝ ජෙට්වලින් ලෝකය වටේ සවාරි යනවා... දුප්පත් පවුලක කුඩා දරුවෙකුට කිරි දෙන්න ඡන්දෙ ඉල්ලනකොට ජනතාවට පුදුම ධෛර්යයක්නේ තිබුණේ... මේවා ඵලදෙනවා.
dhamneth Thursday, 30 December 2021 09:01 PM
සමහරු අහනවා ලෝක වෙළෙඳපළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පොහොට්ටුව එක්ක තරහද කියලා.. මේ පක්ෂය බලයට ආපු සෑම වතාවකම ලෝක වෙළෙඳපලේ බඩුමිල වැඩි කරන්නේ...
Soma dubayi Thursday, 30 December 2021 09:05 PM
ලෝක වෙළඳපලේ මිල අඩු වෙනකොට අනිවාර්යයෙන්ම ඒ වාසිය ජනතාවට ලැබෙයි...
sharm warn Friday, 31 December 2021 10:28 AM
ඒ මදිවට දේශීය කිරිපිටි විකුණන තැන්වල පෝලිම් නිසා පාර අවහිර වෙනවා කියලා ඒවත් වස්සවලා තියෙන්නේ පොලිසියෙන් දාලා. පැලවත්ත කිරිපිටි සමාගමේ අයට කියන්නේ. පොලිසියේ කාටවත් කිරිපිටි විකුණන්න එපා..