(යොහාන් භාසුර)
කිරිපිටි කිලෝවක් රුපියල් 1300 ක සහ ග්‍රෑම් 400 ක් රුපියල් 520 ක් දක්වා උපරිම සිල්ලර මිල ඉහළ දමන බවත් මෙම උපරිම මිල තව දුරටත් ඉහළ නොයන බවත් කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය.
මීට පෙර කිරිපිටි කිලෝවක් රුපියල් 945 ක සහ ග්‍රෑම් 400 ක් රුපියල් 380 ක උපරිම සිල්ලර මිලක් පැවතුණි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිරිපිටි කිලෝවක් 355කින් ඉහළට
චන්දන Friday, 08 October 2021 12:30 PM
හැකි තරම් කිරිපිටි බීම අතහරිමු. ඇත්තටම අවුරුදු 15 පැන්නට පස්සේ ඵලක් නැහැ. මානසික තෘප්තිය විතරයි . ඒකට දේශිය දියරමය කිරි පානයට හුරු වෙමු. කොල කැද ඉතා හොඳයි .
විසල් Friday, 08 October 2021 12:50 PM
මොවුන් කිරිපිටි මිල තවදුරටත් ඉහළ නොදමන බව පවසනවා..... ඉන් ගම්‍ය වන්නේ අනාගතය වෙනුවෙන් ද කිරිපිටි මිල ඉහළ දමා අවසන් බවයි.
මුදියන්සේ, Friday, 08 October 2021 02:06 PM
සහල්වලට කළ දේම කළා. ජනතාව හාමතේ සිටින තත්ත්වයක්. මේ අනුව දේශීය කිරිපිටිත් ඉහළ යාවි...
කිරා Friday, 08 October 2021 02:41 PM
දැන් දේශීය දියර කිරිත් රොකට් වගේ ඉහළ යයි. රටින් ගෙනාවා මෙහේ හැදුවා කියලා, මේ රටේ අසරණ මිනිස්සුන්ට කොම්පැනි කාරයින් අඩුවට දෙන්නේ නෑ. පහුගිය මාසේ පිටිකිරි නැති වුණාම ගන්න තිබ්බ දේශීය කියාගන්නා දියර කිරි මාසයක් තුළ තුන් වතාවක් මිල වැඩිකළා. ඔය ටීවි ඇඩ්වල කියනවා වගේ ආදරයක් නෑ. දේශීය දේ අපේ රටේ දේ.. මේ ඔක්කොම රැවටිලි විතරයි. ඩොලර් එක වැඩි නිසා ආනයනය කරන පිටි කිරි ගාන වැඩිවුණු එක හරි කියමුකෝ. එතකොට මේ රටේ සාරවත් තණබිම් වල වැඩෙන නිරෝගී දෙනුන්ගෙන් දොවාගන්නා මව්වරුන්ගේ විශ්වාසය දිනූ අපේම කිරි, පිටරටින් ගේන ඒවා වගේ ගණන් යන්නේ කොහොමද? පිටි කිරි බීලාම මොලේ දියවුණු ජාතියකට මේවා තේරෙන්නේ නෑ..
ලමය Friday, 08 October 2021 04:02 PM
මේ තමයි ඔබ අප බලාපොරොත්තු වූ ආශ්චර්යය...
samare Saturday, 09 October 2021 08:21 AM
දියර කිරි වියළා පිටිකිරි බවට පත්කිරීමේදී ඔක්සිඩයිස්ඩ් කොලෙස්ටරොල් නම් අහිතකර කොලෙස්ටරොල් වර්ගය හැදෙනවා. දියර කිරෙහි එය නැහැ. ඉන් හෘදයාබාධ සහ ලේ කැටිගැසීම් නිසා වන නහර හිරවිමේ ආබාධ (ස්ට්‍රෝක්) ඇතිවෙන්න ඉඩ වැඩියි. නමුත් අපගේ ජනතාව පිටි රසට වහවැටිලා ඉන්න විදිහට ඔක්සිඩයිස්ඩ් කොලෙස්ටරොල් නෙවෙයි, සයනයිඩ් තියෙනවා කිව්වත් අහන්නේ නැහැනේ. විශ්වාස කරන්නේ නැත්නම් අන්තර්ජාලයේ තිබෙන සෞඛ්‍ය පිළිබඳ වෙබ් අඩවිවලට යන්න. ඕවා පිටිකිරි ගෙන්වන අය කියන්නේ නෑ. මහ ජනතාව සැමන් ටින් එකේ රහට වහ වැටුණු බළලුන් වගේ පිටි කිරි වලට පොර කනවා. පිටිකිරි ආනයනය කරන අය උකු කිරි පීරිසිය වළඳපු බළලුන් වගේ තොල කට ලෙවකනවා.