IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


කිරිපිටි සොරකමේ ගිය එකම පවුලේ 4කට වැඩ වරදී

( සුමිත් පොතුපිටිය) 

උත්සව සමයේ සුපිරි වෙළඳසැල් වලින් වටිනාකමින් වැඩි කිරිපිටි ටින් සොරකම් කල  එකම පවුලේ මව, දියණිය , පුතා ,ලේලිය ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව   කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

අත්අඩංගුවට පත්වූවන් අතර භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථ හිමිකරුද වන බව පොලිසිය පවසයි .

මේ දිනවල සුපිරි වෙළඳසැල් වල විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින නිසා කුඩා දරුවන්ගේ බෑග්,  හෙල්මට් මෙන්ම විශේෂ යට ඇදුම් භාවිතා කරමින් සොරකම් කර ඇති බව හෙලිව ඇතැයි පොලිසිය පවසයි.

කිහිප දෙනෙක් ලෙසින් ඇතුළුවී එක් කාන්තාවක භාණ්ඩ කිහිපයකට මුදල්  ගෙවන බවත් අනෙක් අයවලුන් සූක්ෂම ලෙස කිරිපිටි ටින් රැගෙන පිටව යාම කර ඇති බවත් වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරුවන් කළුතර, මතුගම, අම්බලන්ගොඩ ,කහතුඩුව ගෝනපොල  යන  ප්‍රදේශ වල පිහිටි සුපිරි වෙළඳසැල් වලින් මෙසේ කිරිපිටි  සොරකම් කර ඇති අතර , එය ආරක්ෂිත කැමරා ගණනාවක සටහන්ව තිබී ඇත.

සොරකම් කල කිරිපිටි ටින් 30 ක් , ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථය, සොරකම් සදහා භාවිතා කල හෙල්මට් දෙකක්, ජංගම දුරකථන හතරක් , යතුරු පැදි හිස් වැසුම් දෙකක් සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.

සැකකරුවන් අද දින පානදුර  මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වති .



අදහස් (2)

කිරිපිටි සොරකමේ ගිය එකම පවුලේ 4කට වැඩ වරදී

යෝගා Thursday, 13 April 2023 09:35 AM

නැතිබැරි කමට නම් ටින් තිහ හතළිහක් හොරකම් කරන්න අවශ්‍ය නෑනේ? පවුලේ කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වෙලා ඇති...!

:       0       0

Darmasiri Thursday, 13 April 2023 12:55 PM

සුපිරි වෙළඳසලේ අයට කරන්න තියෙන්නෙ සීසීටීවී වලින් පිංතූරයක් අරගෙන ප්‍රදර්ශනය කිරීම පමණයි එහෙම නැතුව මේ හොරුන්ට දඩුවම් කරන්න වෙනත් ක්‍රමයක් නැහැ ඇත්තටම මේවායේ ආරක්ෂක නිළධාරින් ඉන්නවා වුනත් ඔවුන් කරන දෙයක් නැහැ ඒකත් මේකට හේතුවක් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය සී.අයි.ඩීයට එයි
2025 අප්‍රේල් මස 09 7 0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.


12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර
2025 අප්‍රේල් මස 09 135 0

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක


කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි
2025 අප්‍රේල් මස 09 85 0

කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ


දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 215 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 881 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 1013 1

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 750 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 600 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1049 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site