IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කරපු දෙයක් නැවත කරන්න මම ආස නෑ...

1935876_10208528227621135_5595870474965108505_n

 

සංකල්ප මත හිදිමින් වේෂ නිරෑපණ ක්‍ෂේත්‍රයේ යෙදීම හිතන තරම් පහසු නැත. එයටම වෙන්වූ කලා ඇසක් අවශ්‍ය වීම එහිදී වැදගත්වෙයි. නව නිර්මාණාත්මක සිතුවිලි මෙන්ම ඊට සරිලන පසුබිම හා ඇඳුම් පැළඳුම් පවා සකසා ගත යුතු වෙයි. මේ කාරණ සියල්ලම තෝරා ගන්නා ලද සංකල්පය ගොඩනැංවීමට උපකාරී වන්නයි. විශේෂයෙන් නළු නිළියන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා නළු නිළියන් දායක කරගෙන ඇය සිය නිර්මාණ කාර්යය සිදු කරයි. වේෂ නිරෑපණ ශිල්පිනියක වන ඇය ගයනි බැට්ස්.


0101ගයනි මුලින්ම කිව්වොත් ඔබ කොහොමද මේ ක්‍ෂේත්‍රයට ආවේ කියන එක?
11694106_715314095280759_706137968323131287_nමම හදාරලා තියෙන්නෙ ආයුර්වේද රෑපලාවන්‍ය පිළිබඳව. ඒ නිසා මට පහසු වුණා දැන් ඉන්න තත්ත්වෙට පත්වෙන්න. මොකද සෞඛ්‍යාරක්ෂිතව කෙහොමද මේ දේවල් කරන්නේ කියන එක ගැන මට අදහස් තියෙනවා. මේකප් එක විතරක් නෙවෙයි ඇඳුම්, ලොකේෂන්, ෆෝටෝග්‍රැපර් මේ හැම ‍ෙද‍යක්ම මම හොයලා බලනවා. මොකද මම තෝරා ගත්ත Consept එකට මේකප් කෙරැවට වැඩක් නැහැ, ඒකට ගැළපෙන්න ඇඳුම් නිර්මාණ නොවුණොත්. ඒ වගේම තමයි ෂුට් කරන තැනත් ඊට ගැළපෙන්න ඕනෙ. ඡායරෑප ශිල්පියටත් තියෙන්න ඕනෙ හොඳ ඇහැක්. මොකද එයාගේ ෆෝටෝ එකෙන් තමයි Consept එක Hit වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ


0101Consept එකකට අනුව මේ නිර්මාණ කරන්න කොහොමද මුලින්ම අවස්ථාව ලැබෙන්නෙ?

මගෙන් ආයුර්වේද රෑපලාවන්‍ය ප්‍රතිකාර ගන්න පැමිණ කෙනෙක් හරහා තමයි ඒ අවස්ථාව උදා වුණේ. ඊට පස්සෙ අපි Consept Shoot එකක් කළා. ඒක අන්තර්ජාලයට එක්කළාට පස්සෙ දිගින් දිගටම මට ආරාධනා ආවා නව නිර්මාණාත්මකව මේකප් කරන්න. විශේෂයෙන්ම අපේ කලා ක්‍ෂේත්‍රයේ අයගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. 


0101Consept එකක් තෝරා ගනිද්දි මොනවද මුලිකව අවධානය යොමු කරන්නෙ?

මෙහෙමයි මට අලුත් දෙයක් කරන්න ඕනෙ. කරපු දෙයක් නැවත මම කරන්නෙ නෑ. සාමාන්‍යයෙන් මාසෙකට විතර කලින් තමයි අලුත් දෙයකට Plan කරන්නෙ. මටම තමා අවශ්‍ය ඇඳුම්, Location, Photographer තෝරන්නෙත්. නැත්නම් මගේ වැඩේ හරියට වෙන්නෙ නෑ.

 

0101

ඒ සඳහා යොදා ගන්නා එයටම වෙන්වූ ශිල්පීන් ඉන්නවාද?

ගොඩක් වෙලාවට මම කරන්නෙ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් යොදාගෙන පැජන්ට්ස් කරන එන. මේ ළඟදි මම යුරෝපාවල එකක් කළා. පැරිස්, ඩුබායි, ජර්මන් වගේ රටවල ඉන්න ලාංකිකයො යොදාගෙනත් මම මගේ නිර්මාණ කරනවා. ඒ වගේම තමයි අපේ කලා ශිල්පීන් යොදාගෙනත් මම අලුත් දේවල් කරනවා. Consept එක ගැන මට කලින් කියන්න බෑ. මොකද ඒක Plan කරලා කරන වෙනම වැඩක්.


0101ජාත්‍යන්තරයට වැඩි අවධානයක් දීලා තියෙන්නෙ මෙහෙ ඔබගේ නිර්මාණ "මාර්කට්" කරන්න බැරි නිසාද?

11896210_10207690184510581_6193908712317366467_nනැහැ. Consept Shoot සම්බන්ධයෙන් ලංකාවේ මාර්කට් එකක් මගේ අතේ තියෙන්නෙ. ඒකේ ගැටලුවක් නැහැ. මොකද මම එකම නිර්මාණ දෙපාරක් කරන කෙනෙක් නෙවෙයි. ඉන්ටර්නැෂනලි මේකට හොඳ ඉඩක් තියෙනවා. හොඳ තරගයක් තියෙනවා. ඒකෙත් අපේ හැකියාව තවත් වැඩි වෙනවා. නිර්මාණාත්මකව හිතන්න ඉඩ ලැබෙනවා.

 

0101

අපේ සමාජය ඇතු‍ළේ නිර්මාණ කාර්යට තිබෙන ඉඩකඩ ගැන ඔබට පැහැදිලි අදහසක් තියෙනවද?
ඔව්, මම දකිනවා ඉස්සරට වඩා දැන් මිනිස්සුන්ට යථාර්ථය තේරෙනවා. සංස්කෘතික කෑලි අල්ලගෙන චෝදනා කරන ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. කලා නිර්මාණ විඳින්න වෙනදට වැඩියෙන් අද මිනිස්සු සමත්වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඉදිරියෙදි මේ තත්ත්වය තව තවත් හොඳ අතට හැරෙයි.

 

 - ආශිකා - 

 

10698399_10205526600462332_2565415929844714111_n



අදහස් (0)

කරපු දෙයක් නැවත කරන්න මම ආස නෑ...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 871 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 964 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1686 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2099 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 530 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1076 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35829 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site