IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කර්මාන්තපුර මිනුමට ගැමියෝ හරස් වෙති

අක්කර 1800 ක කර්මාන්තපුරයක් අම්බලන්තොට මාලජ්ජාව, අරවණමුල්ල, සිසිලසගම, පහළ බැරගම ගම්මානවල ඉදිකිරීම සඳහා පැමිණි මිනින්දෝරු නිලධරයන්ට ගැමියෝ විරෝධය පළ කළහ.

දකුණු පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් හම්බන්තොට ප්‍රා ලේකම් , ග්‍රාම නිලධාරී ඇතුළු පිරිස හැරී ගියහ.

ගැමියෝ කියා සිටියේ හම්බන්තොට ඕනෑ තරම් මුඩු ඉඩම් තිබියදී ගැමියන් පදිංචි ඉඩම් මැරුවත් නොදෙන බවයි.

අරවණමුල්ල ශ්‍රී සෝමාලෝක විහාරයේ පැවැති රැස්වීමට ගැමියෝ ද පැමිණ සිටියහ. රජයේ නිලධරයන් කියා සිටියේ රජයට ගන්නා ඉඩම්වලට වන්දි දෙන බවයි. රජය මීට පෙර කියා තිබුණේ චීන රජයේ සහායෙන් ආයෝජන කලාපයක් හම්බන්තොට ඉදිකරන බවයි.

විදෙස් ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3000 පමණ තෝරා ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා පැවැසීය.

ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු තවම ආරම්භ වී නැතැයිද තවමත් සිදු වන්නේ ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම පමණක් යැයිද ජනාවාස ප්‍රදේශ මඟ හරිමින් ඉඩම් තෝරා ගැනීමට හැකිතරම් වෙහෙසෙන්නේ යැයිද දිස්ත්‍රික් ලේකම් වරයා කීවේය.

තවමත් බඩම් හඳුනා ගැනීම සිදු කරන බැවින් ජනතාව කලබල වීමට කිසිදු හේතුවක් නැති බවත් රාජ්‍ය නිලධාරින් සඳහා අවශ්‍ය දැනුම්වත් වීම් කරගෙන යන බවත් දිස්ත්‍රික් ලේකම් කරුණාරත්න මහතා සඳහන් කළේය.

0-02-06-05efcc2a652766bdade6937d8240d35dea1d7ab43f050fe82820e17c8c208003_full 0-02-06-38faf227301f18e0e24ea7e84dd23bf9a3a94607165ff1b21a6e8e0897448d99_full 0-02-06-567ef0bc1d3425fbee146ded78d106504fc21095e24bd0fc6c5df252f365ad92_full 0-02-06-229472b28bff727b71b316e8e7a11602b2a85cf6368ca054030657734b7a7de1_full.0 0-02-06-e1cb6f0afc55e3ae455f67ebdb73c3d508400683a3d1b04a7acf59b33128e5c4_full



අදහස් (0)

කර්මාන්තපුර මිනුමට ගැමියෝ හරස් වෙති

තිස්ස Thursday, 24 November 2016 07:54 PM

හඳෙන් ගෙනල්ලා දෙන හාල් වලින් උයන බත් බුදින්න කැමති, අවුරුදු සීයක් තිස්සේ ධනපතින්ගේ භංගවීම ප්‍රාර්ථනා කරන ප්‍රජාවකට කර්මාන්ත ශාලා වලින් වැඩක් නැහැ. ඒ වෙනුවට පන්සල් වත්තේ තාප්පයත් ගේට්ටුවත් රන් වැටකින් නිර්මාණය කර දෙන්න. (නි)

:       0       0

නිශා Thursday, 24 November 2016 09:55 PM

හිමාල්, යමක් පැවසීමට පෙර තවවරක් හිතන්න (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 24 November 2016 11:19 AM

කොළඹ හෝ වෙනත් ප්‍රධාන නගරයක, කූල් කාමරවල කල් මරමින් හදන ප්ලෑන් වලට වඩා, ඒ ප්‍රදේශවල ජීවත්වල අසරණ දුප්පත් ජනතාව දන්නවා පළාතේ තිබෙන ඉඩ කඩම් ගැන. කාගේ වුවමනාවටද ජනතාව එලවා දමා, යන්ත්‍ර සුත්‍ර සවිකිරීමට හදන්නේ. තුට්ටු දෙකක්දි, ප්‍රයෝජනයකට ගැනීමට අපහසු ඉඩම් වලට ජනතාව තල්ලු කිරීමට අර අඳින නිලධාරින්ට පැළදවීමට ඔය පළාතෙන්ම අවශ්‍ය කරන මී හරක් අං තට්ටු සුදානම් කර තබා ගන්න...(බ)

:       0       0

දිලිප් Thursday, 24 November 2016 11:24 AM

මෙහෙම ගියාම මිනිස්සුන්ට ජීවත්වෙන්න තැනක් තියෙයිද කර්මාන්ත ඕන මිනිස්සු ජීවත් වීන ඕන ඊට කලින් (බ)

:       0       0

ලුම්බිණි Friday, 25 November 2016 01:38 AM

හම්බන්තොට ඕනෑතරම් මුඩු ඉඩම් තිබුන කාලයක් බොහොම ඉස්සර නම් තිබුනා. (නි)

:       0       0

සත්‍යයා Friday, 25 November 2016 02:15 AM

දිරිය මිනිසුනේ, නුඹලාගේ ඉපැරණි ගම්බිම් කුණුකොල්ලයට තියා කීයටවත් අයත් කරගන්න දෙන්න එපා. ඔවුන් ඔබ කර්කෂ මුඩු බිම්වලට තල්ලු කර පොහොසත් විදේශිකයන් පිනවීමට මේවායේ සුපිරි හෝටල් තනාවී. කර්මාන්ත කතාව එන්නේ පස්සේ. (නි)

:       0       0

සෙනරත් Friday, 25 November 2016 02:41 AM

මෙච්චර මුඩු ඉඩම් තියෙද්දී මොනවද මේ වැඩ? (නි)

:       0       0

විපුල Friday, 25 November 2016 04:44 AM

කලින් ඉදිකළ කර්මාන්ත පුර සමහර කර්මාන්ත වසා තිබේ. ඒවා හොදින් නිරීක්ෂණය කර ඒවායේ වැඩ පටන් ගන්න. අක්කර 1800 ගස් කපන්න එපා. (බ)

:       0       0

හිමාල් Thursday, 24 November 2016 03:47 PM

කර්මාන්තපුරේ ඉදි කළාම මෙයාලගේ කවුරුවත් එන්නේ නැතිව ඉඳී නේද එකේ රස්සා කරන්න? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1600 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 509 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 188 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 131 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 87 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site