IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කර්මාන්ත පුරවරයේ ගරාජවල තිබූ ව්‍යාජ වාහන අමතර කොටස් 1,539 ක් අල්ලයි

spare-parts

 

ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් කර්මාන්ත පුරවරයේ ගරාජවල තිබී ව්‍යාජ වාහන අමතර කොටස් 1,539 ක් අත්අඩංගුවට ගෙන ඇත. අමාත්‍යාංශය විසින් මෑතකදී සිදුකළ නිරීක්ෂණවලදී මෙම අමතර කොටස් තොගය සොයාගෙන තිබේ.


ව්‍යාජ අමතර කොටස්වලින් වාහනයේ ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑමක් සිදුවන නිසා එවැනි අමතර කොටස් පරිභෝගිකයන්ගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බව අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.


ව්‍යාජ භාණ්ඩවලට අදාළ උල්ලංඝනය කිරීම් අනාවරණය  කරගැනීම සහ අසාධාරණ ලෙසින් මිල ඉහළ දැමීම වැනි කරුණු වැළැක්වීම සඳහා වෙළෙඳපොළ සහ වෙළෙඳ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති වැඩසටහන් මාලාවේම පියවරක් ලෙසින් ඉහත වැටලීම ක්‍රියාත්මක කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


ව්‍යාජ භාණ්ඩ සම්බන්ධයෙන් අදාළ වන්නේ 2008 අංක 8 දරණ නීතියේ 7 වැනි වගන්තියයි. යම් භාණ්ඩයක සැපයුම්කරුවා විසින් එම භාණ්ඩයේ සවිස්තරාත්මක තොරතුරු සහ එහි අදාළ වන දෑ ඉතා පැහැදිලිව නිෂ්පාදන ලේබලයේ සටහන් කළ යුතු බවත් ඊට කිසිදු නොමග යවනසුළු හෝ වැරැදි තොරතුරක් ඇතුළත් නොකළ යුතු බවටත් එම නීතියේ සඳහන් වෙයි.


2008 අංක 8 දරණ නීතිය උල්ලංඝන කළහොත් එම වෙළෙඳසැල වසා  දැමීම හෝ කටාර් රියාල් 3000 ක අවම දඩයක  සිට කටාර් රියාල් මිලියනය දක්වා වූ දඩයක් දඬුවම් ලෙසින් නියම කළ හැකිය. 


පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝනය කරන වෙළෙඳසැල්  අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන අතරම නිරන්තරයෙන්ම පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සිය නිවේදනය හරහා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ තොරතුරු සෘජුවම පාරිභෝගික ආරක්ෂණ සහ වාණිජ වංචා මර්දන දෙපාර්තමේන්තුවට හෝ 16001 අංකයට හෝ [email protected] ඊමේල් ලිපිනයට හෝ MEC_QATAR හරහා අමාත්‍යාංශයේ ට්විටර් ගිණුමට එවන ලෙස ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

කර්මාන්ත පුරවරයේ ගරාජවල තිබූ ව්‍යාජ වාහන අමතර කොටස් 1,539 ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1505 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1616 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1239 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1899 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 574 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site