IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ක්‍රමෝපාය පනත තුන් ඈවරයි තීන්දුයි

ක්‍රමෝපාය සංවර්ධන පනතේ දෙවැනි තෙවැනි අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

දෙවැනි ගැසට් පත්‍රය සඳහා පක්ෂව ඡන්ද 112 හා විපක්ෂව ඡන්ද 44 ලැබිණි.තෙවැනි ගැසට් පත්‍රයට පක්ෂව ඡන්ද  109 ක් ද විපක්ෂව ඡන්ද 44 ක් ද ලැබිණි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය විපක්ෂව ඡන්දය දුන්හ.

රජයේ පාර්ශව කරුවන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,විමල් වීරවංශ ඇමැතිගේ ජාතික නිදහස් පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.

රජයේ පාර්ශව කරුවකු වන ජාතික හෙළ උරුමයේ  අතුරලියේ රතන හිමි හා චමිපික රණවක  ඇමැතිවරයා ඊට විරුද්ධව ඡන්දය දුන්හ.

පාඨලී චම්පික ඇමැතිවරයා පුවත්පත් සාකච්ඡාවකදී පැවසුයේ කැසිනෝ හා  සූදූ යළි නොපවත්වන බවට සහතිකයක් නැති බවයි.

 

 

 



අදහස් (0)

ක්‍රමෝපාය පනත තුන් ඈවරයි තීන්දුයි

රන්ජිත් Saturday, 26 April 2014 11:47 AM

ගජේන්ද්‍ර ඔබේ අදහස හරියට හරි . මේකට කිසිම සාදරනීකරණයක් ඕනේ නැහැ. බුදුන් වහන්සේ සියල්ල සැක හැර දන ගත් උත්තමයෙක් . උන් වහන්සේ පැහැදිලිව දේශනා කොට වදාරලා තියනවා දුරාවේ අදීනව. මේක බෞද්ද අය බහුතරයකගේ රටක් . හැබැයි මේ රටට ආදරය කරන හොද සිංහල බෞද්ද පිරිස් තාමත් මේ රටේ ඉන්නවා. (අ)

:       0       0

ඩී.ඇන්.යෝගානන්ද Sunday, 27 April 2014 05:40 AM

පනත සම්මතයි, ඔය විරෝධතාව තව සුමාන දෙකයි, ඡනදයක් කිට්ටුවෙන කොට පක්ෂ විපක්ෂ කවුරුත් ගයන්නෙ ‘‘අමතක කරනෙමු පැරණි කතා, එක්වෙමු හැමගමෙ සුවය පතා‘‘ ගීතයනෙ, ඉතිං මොකට බය වෙන්න ද? දැක්ක නේද බස්නාහිර ඡන්දෙදිත්....(ස)

:       0       0

මාලක සිල්වා Sunday, 27 April 2014 06:38 AM

අනීවාර්යෙන්ම ගණිකා පනතත් ළඟදීම එවි (ස)

:       0       0

බණ්ඩාර Sunday, 27 April 2014 08:13 AM

රටට යහපතක් වේවා (දී)

:       0       0

ගිහාන් Sunday, 27 April 2014 09:09 AM

බන්දුල පෙරේරා හරි. (දී)

:       0       0

දිමුතු Friday, 25 April 2014 07:49 PM

වි....... ඇමති තුමෝ මේ පනතට විරුද්දව උපවාසයක් කරමුද? උපාසක අම්මලාව දැනුවත් කල යුතුයි (දී).

:       0       0

කමල් Friday, 25 April 2014 07:07 PM

අතුරලියේ රතන හිමිට හා චමිපික රණවක ඇමැතිවරයාට සැසිවාරය මග නොහැර විරුද්ධව අත ඉස්වීමට කොන්ද පණ තිබීම ගැන ප්‍රණාමය පලකරමු (අ)

:       0       0

විල්සෝන් - මිලානෝ Saturday, 26 April 2014 03:07 PM

බන්දුල, මොන ලොතරයියට විරුද්ද උනත් සංවර්දන ලොතරයියට නම් විරුද්ද වෙන්න එපා ..ඒ මොකද එකෙන් තමයි ජනාදිපති අරමුදල පවත්තගෙන යන්නේ...ඔහෙට මේ කපේදී ලංකාවට යන්න හම්බවෙන එකක් නැහැ.(නදී)

:       0       0

අජිත් Friday, 25 April 2014 08:01 PM

ජාතික හෙළ උරුමයට අපේ ආචාරය (අ)

:       0       0

ඩී.උපුල් Friday, 25 April 2014 08:10 PM

රැව්ලයි කැඳයි දෙකම ඕන අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද?(දී)

:       0       0

කුමාර Friday, 25 April 2014 07:46 PM

. රටේ අනාගතය ගැන හිතල මේ වගේ පනත් සම්මත කල යුතුය . පොඩි මිනිහ අසරණ කරන ලොතරැයි මණ්ඩලය සහ රේස් බුකි තහනම් කල යුතුයි. (අ)

:       0       0

කල්ප Friday, 25 April 2014 07:46 PM

අනිත් ඔහොමවත් කොන්ද පන ලැබීම ගැන තුති.(අ)

:       0       0

ගුණරත්න Saturday, 26 April 2014 04:03 PM

බන්දුල නිකම් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වගේ නේ බඩින් හිතන එක නවත්තල ඔලුවෙන් හිතන්න කියන්නේ මොනවද කියල. ඕනෑම ම්නිහෙකුට හදෘ සාක්ෂියක් කියල එකක් තියෙනවා. (අ)

:       0       0

ගුණරත්න Saturday, 26 April 2014 04:10 PM

ආණ්ඩුව කරන ඕන වැඩක් බන්දුලට හරි වැඩේ හොදටම අප්සෙට් නම් ජනාදිපති තුමාගේ අවදානය යොමු වේවා කියල දානවා මේ ඔක්කම පිළිගන්න තරම් අපි මෝඩයි කියල හිතනවා නම් ඔයාට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. වැරැද්ද නම් මොකා කලත් වැරදි මේවා මේ ආත්මෙදි නැත්නම් ලබන ආත්මෙදි හරි පලදෙනව (අ)

:       0       0

ජනිත Friday, 25 April 2014 08:21 PM

මේ අයට මොනවා වෙයිද (අ)

:       0       0

ගුණරත්න Saturday, 26 April 2014 03:35 PM

අපි මෙරටට ආදරෙයි අපි සමාජයේ වැරදි දේට වැරදි කියන්නත් හරි නම් හරි කියන්නත් ඕන එහෙම නැත්නම් අපේ දරුවෝ මෙරටේ තියන්නේ නැතිව උන්ට ඉන්න පුළුවන් රටක යවන්න ඕන කොහොම උනත් මේ ලොකු සමාජ පරිහානියක පැහැදිලි අර්ම්බයක් (අ)

:       0       0

මහවැලි Saturday, 26 April 2014 04:23 PM

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිචේදය ට අනුව " රජය බුධාගම ආරක්ෂා කිරීමටත්, පෝෂණය කරන්නා සේම අනෙකුත් ආගම්වල අයිතිය ආරක්ෂා කිරීමටත්" බැදී සිටින බව සදහන්ය. මේ පනත් තුනට අත එසවූ මන්ත්‍රී සහ ඇමත්තන්ලා සුදුපිරුවට හැඳගෙන බඩුත්, සොරුත් සමග හෙළුවෙන් රගන්නා වූ මේ බහු රූ කෝලම් ඡන්ද දායකයාට නම් වහකදුරු නොවන්නේද?(අ)

:       0       0

බණ්ඩාර Sunday, 27 April 2014 12:37 PM

අවසානයේ මොකාක් වෙයිද (දී)

:       0       0

ඩොන් Friday, 25 April 2014 08:55 PM

බුදුරජානන්වානසේ ගමන් මාර්ග දෙකක් පෙන්වාදුන් සේක හොද සහා නරක තමන් කැමති මගයන්න මවුභූමිය තුල මොනදේ තිබුනත් නරකදේට අකමැති මිනිසා එය නොකරයි (අ)

:       0       0

MASUHUD Friday, 25 April 2014 09:42 PM

විමල් සහ හකීම් ඇමතිවරුන්ගේ කතාව දෝලාවෙන් ගමන පයින් (අ)

:       0       0

කාන්තිලතා Friday, 25 April 2014 09:43 PM

සුදු රෙදි ඇදගෙන පන්සල් යන මන්ත්‍රී වරුන්ට සුරා මේරය ගාථාව අමතක වෙලා ඇති. (දී)

:       0       0

නිමල් ද සිල්වා Saturday, 26 April 2014 04:23 PM

ආණ්ඩුව ජනතාවගේ සුභ සිද්ධිය ගැන ගන්නා තිරණ තෙරුම් ගන්න මොලයක් නැති හැටි‍ රටේ ජනතාවට මෙම කලාපයට ගිහින් සූදුව ගණිකා ව්‍යාපාරය වැනි දේවල් වල ආදිනව බලාගන්න පුලුවන් එකම වහලක් යට. මෙය සත්‍යය අවබෝධකරවීමේ ව්‍යාපෘතියක කොටසක් බව ජනතාව වටහා ගත යුතුයි (දී)

:       0       0

සපුමල් Friday, 25 April 2014 09:49 PM

ඉතාම හොද පනතක්. ලංකාවේ සංවර්දනයට රුකුලක් වගේම ලංකාවේ සංවර්දනයේ පැවැත්මට සාදකයක්. කැසිනො කාරයෙක් හෝටලයක් හැදුවට කැසිනෝ කරන්න දෙන අනුබලයක් නොවෙයි මෙය. චන්දය දුන්නේ නැති අය එසේ කරන්න ඇත්තේ පටු අරමුණින් බව පැහැදිලිය. (දී)

:       0       0

පාලිත Sunday, 27 April 2014 01:07 PM

මට නම් තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න එක විතරයි (දී)

:       0       0

නිර්මල කොතලාවල Friday, 25 April 2014 10:22 PM

කොහොම හරි රටට සෙතක් උනේ (දී)

:       0       0

විජේසිංහ Friday, 25 April 2014 11:15 PM

ඒ කියන්නේ මේ පනත එච්චරම හොද එකක් නෙමෙයි වගේ (දී)

:       0       0

අනුර Friday, 25 April 2014 11:32 PM

විමල් ඇමැතිතුමාට පාර්ළිමේන්තුවට එන්ට බැරි උන නිසා යාන්තම් පනත ගොඩගියා. මෙතුමා සහභාගී වුණා නම් බලාගන්න තිබුණා. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනානේ වෙලාවලටම !!! (දී)

:       0       0

ෂිපාන් Saturday, 26 April 2014 01:01 AM

ජිනීව ඡන්ද වගේ නේද? (නදී).

:       0       0

සත්‍යයා Saturday, 26 April 2014 01:14 AM

ක්‍රමෝපාය කිව්වත් ගණිකා වෘත්තීය කිව්වත් ඊට කැසිනෝ කියල කියන එක හරි නැහැ. මොකද මෙතන කරන්න යන්නේ හෝටල් හදන එක. ඒ හෝටල් ඇතුලේ වෙන්නේ මොනවාද කියල දැනගන්න ආණ්ඩුවේ බුද්ධි අංශ මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද හෝටල් සේවකයෝ දන්නවා හංගපු කැමරා වලින් ඒවා නරඹන හැටි. පවුලේ එක සාමාජිකයෙක් ඕකට විරුද්ධ උනාට අනික් අය නෑවිල්ල ප්‍රකාශ කලේ අපි ඕකට විරුද්ධ නැහැ කියන එකනේ. ඒ ක්‍රමොපායත් මෙතනට හොඳට ගැළපෙනවා.(නදී)

:       0       0

පියල් Saturday, 26 April 2014 02:13 AM

කැසිනෝ විතරයි අඩු දැන් ඒකත් හරි. ලංකාවේ ඉන්න අයට මේවා හොද නම් අපිට මොකෝ. මට දුක මේ වැරදි වලට විරුද්දව හැමදාම හඩ නගන ජවිපෙ සහෝදරයන් ගැන පමණි. මොකද එයාල දැනගෙන විදවනවා අනිත් අය මෝඩකමට විදවනවා.(නදී)

:       0       0

චානක. Saturday, 26 April 2014 02:35 AM

රටට විදේශ විනිමය ගේනවා කියන කැසිනෝ රජාලගෙන් සමාජ රෝග විනිමයත් ගෙනත් දේවි. බැංකොක් රට අද මේ තත්වයට මුහුණ දීලා.(නදී)

:       0       0

ගජේන්ද්‍ර Saturday, 26 April 2014 03:40 AM

අපගේ අමා මහ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි සුදු පොළවල් ඇරීම නොකළ යුතු පාප සහගත කර්මාන්ත 5 න් එකක් . ලාංකිකයන් වේවා විදේශිකයන් වේවා සුදුවට පෙලඹවීම හෝ ඊට ඉඩකඩ සපයා දෙමින් අනුබල දීම අපාගත වන මහා පාපතර ක්‍රියාවකි. දර්මදීපය නමින් එදා ලක්දිව ලොව පතල වුයේ බුරුමය ,තායිලන්තය වැනි රටවලට බුදු දහම බෙදු දර්ම මධයස්ථානයක් නිසාවෙනි. මේ ඇරෙන සුදු පොළවල් ඉන් මිදී දර්මය බෙදන දර්ම ශාලා ,දර්ම මණ්ඩප බවට පත්වේවා !(නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Saturday, 26 April 2014 04:48 AM

අර සංවිධන වලට මේවා නොපෙනේද? (නදී)

:       0       0

තාරක Saturday, 26 April 2014 04:53 AM

කෝ මේ සංවිධාන.(නදී)

:       0       0

ශානිකා Saturday, 26 April 2014 05:41 AM

බුදු හාමුදුරුවෝ තහනම් කළ වෙළදාම් ගජරාමෙට කරන්න හොඳයි නම් බුදුහාමුදුවන්ගේ රූපේ ඇ‍ඟේ යන්තම් පෙනෙන්න තිබුනොත් වැරදි මොකද? (නි)

:       0       0

තාරක Sunday, 27 April 2014 02:27 PM

බන්දුල වගේ බඩ ගැන හිතලා කතාකරන මිනිසුන් නිසා තමා රාවණ රජතුමාත් ඉන්දියාවට යටත් උනේ. මේවගේ මිනිසු ඉන්න නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. රට බල්ලා ට ගියත් බන්දුලගේ බඩ පිරෙනවනම් ඊට වැඩ දෙයක් නැ. (දී)

:       0       0

වසුන්දරා Saturday, 26 April 2014 06:28 AM

කැසිනෝ නොවේ ගැටළුව? අපේ ගමේ බේබද්දෝ බීල අසා සිටීමට අපහසු වචන වලින් බැනගෙන සන්ඩුවීමයි ගැටලුව. අපි වගේ මාස් පඩිකාරයන්ගේ මාසික වැටුප ඔය හෝටලයක දිනක් සුදුවට කොහොමත් මදිනේ මල කෝලන්.(නදී)

:       0       0

ගිහාන් Saturday, 26 April 2014 06:46 AM

ඉරිසියාව මුල් වූ මත ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් කන්නාඩිය ඉදිරිපිට ගිහින් මුහුණු බලනවා නම් හොඳයි කියා මට සිතේ. (නදී)

:       0       0

නන්ද Saturday, 26 April 2014 06:40 AM

තම හදවතට එකඟව, රට-දැය-සමය ගැන හිතා මෙම කැසිනෝ පනතට එරෙහිව තම ඡන්දය පාවිච්චි කළ (විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ ) මැති ඇමැතිවරුනට කාගේත් ප්‍රණාමය හිමි විය යුතුයි. අපට පුදුමය මෙම පනත ශ්‍රී ලංකා අමරපුර නිකායේ ලොකු තනතුරක් දරන ලක්ෂ්මන් යාපා ඇමතිවරයා විසින් ඉදිරි පත් කිරීමට සිදු වීම. රතන හිමියන් මෙන්ම චම්පික ඇමතිවරයාත් හොඳ උගතුන් දේපලක්. ඒ දෙපලගේ විරෝධය රජයේ කැසිනෝ සැලැස්මට බලවත් ඇතුල් පහරක්. දැන් පැහැදිලියි මේ පනත ගෙන එන්නේ ඇයි කියලා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 26 April 2014 08:41 PM

ගුණරත්න මහත්තයටවත් මටවත් ඔය හෝටල් දෙකට ගිහින් කැසිනෝ ගහන්නවත් ගණිකාවෝ ඇසුරු කරන්නවත් බැහැ.පෘතග්ජන හිත් වලට ආශාවන් ඇති උනත්. ඒ වුනාට අපි දෙන්නට ඕනනම් ඕනෑතරම් සුදු පොළවල් මේ රටේ තියෙනවා ඔය හෝටල් දෙකට පිටින් සුදු කෙලින්න නීතියෙන් සුදුව තහනම් උනත් ..ඕන තරම් ඇග විකුණන කට්ටිය ඉන්නවා ඔය හෝටල් දෙකෙන් පිට නීතියෙන් ඒ රස්සාව තහනම් උනත්.අපි අපේ දරුවන් ආරක්ෂා කර ගත යුත්තේ ඔය හෝටල් වලින් නෙමෙයි මහත්තයෝ.. ඊට පරිභාහිරව තියෙන අපි ජිවත් වෙන සමාජයෙන්. මේ විලාසිතාවකට විරෝදය දක්වන්නන්ගේ යටි හිත් අවුස්සන්න පුලුවන්නම් අසුචි ගොඩක් ඇවිස්සුවට වඩා ගද ගහන හිත් තමයි ඔය වැඩි ප්‍රතිශතයකට තියෙන්නේ. (දී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 26 April 2014 08:03 AM

අර සංවිධාන මේ සංවිධන නම් ඕනා තරම් තියෙනවා. ඒ අය මේවා අනුමත කරනවද? (නදී)

:       0       0

ධම්ම Saturday, 26 April 2014 09:30 AM

කණ්ඩලම වැවු තාවුල්ලේ හෝටල හදන කොට මිනිස්සු විරුද්ධ උනාට හැදුවායින් පස්සේ ඒවායේ ප්‍රයෝජන ගන්නවා. බලන්න තව කලක් යනකොට මඩ සෝදාගත් ගොවියා ටයි කෝට් ගහලා කැසිනෝ ගහන්න එන හැටි. (නදී)

:       0       0

මාලක සිල්වා Saturday, 26 April 2014 09:41 AM

වාසු,දිනේෂ් කොහොම ඇවිත් ද ඡන්දය දුන්නේ ? ඊලගට ගණිකා පනත් සකස් කරනවලු. (නදී)

:       0       0

නැනී Saturday, 26 April 2014 09:13 AM

සාත්ත්රෙන් හරි සුත්තරෙන් හරි අනාගත පරපුර විනාස වෙනවා.(නදී)

:       0       0

සුරංග මහේශ් Saturday, 26 April 2014 09:16 AM

පාටලී චම්පික රණවක ඇමති තුමනි අපගේ ප්‍රණාමය. (අ)

:       0       0

ගුණරත්න Sunday, 27 April 2014 12:26 AM

බන්දුල මේක බුරු ගහල කැසිනෝ ගහල හම්බකරන්න කන්න ඕන රටක් නෙවෙයි. ඔය කැසිනෝ පිටිපස්සේ තියන කොමිස් ගනුදෙනු ඔයා දන්නේ නැත්තනම් මේ ගැන කතා නොකර ඉන්න. ඔයාල වගේ අය තමයි කුඩු ගෙනාවත් ස්ත්‍රී දුෂන කලත් ඒවා හොදයි කියන්න සැදී පැහැදී ඉන්න අය. මේ රට සංවර්දනෙට කැසිනෝ නැතිව වෙන මගක් ඇත්තෙම නැද්ද? ඇයි මෙතරම් මහජන විරෝධයක් මැද කැසිනෝ ගේන්නේ ? අපිට ආදරේටද ? ඇයි ආණ්ඩුවේම ඉන්න සමහරු මේකට ව්රුද්ද වෙන්නේ? බඩ කට පුරවා ගන්න හෘද සාක්ෂිය පාවාදෙන්න එපා. ඔයා මොන ආගම ඇදහුවත් බුදුරජාණන් වහන්සේ නබි නායක තුමා ජෙසුස් වහන්සේ යන සියලුම ආගමික නායකයන්ට අනුවත් මේක වැරදි දෙයක්. වැරැද්ද වැරදියි කියන්න බයවෙන්න එපා. ලෝකේ මොන රටක් මේවයින් හම්බ කරන් කැවත් අපිට මේවා එපා. සුදු පිටිත්, ගණිකා මඩම් කුඩු ගේන එක එතනෝල් ගේන එකත් වැරදි තමා ඒත් ඒවත් තියෙන රටේ මේ මොකක්ද කියල සාදාරනිකරන කරන්නේ ඇයි ? (නදී)

:       0       0

ගුඛරත්න Saturday, 26 April 2014 11:53 PM

බන්දුල මහතයෝ ඔයාට යන්න බැරි ද පුලුවන්ද කියා මම දන්නේ නැහැ. නමුත් මම ඕකට විරුද්ද මට වත් මගේ දරුවන්ටවත් යන්න බැරි නිසා නෙමෙයි. අපි දැනට ලෝකේ ඕන තැනක ටිකක් ආඩම්බරෙන් කියන්නේ අපේ රට තේ නිෂ්පාදනය කරන ලස්සන රටක් කියල. මම කැමති නෑ අපේ රට විදෙසීකයනට කැසිනෝ ගහන්න ගණිකා පහස ලබන්න පුළුවන් රටක් කියල ලෝකේ ප්‍රසිද්ද වෙනවට. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා කරගෙන කන එක වැරදි නේද මහත්තයෝ . (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 26 April 2014 10:19 AM

සල්ලිකාර සුද්දෙක් මෙහෙ ඇවිත් කැසිනෝ ගහන එක රටම ලොකුවට කට කරනවා. පාසල් ළමුන් මත්කුඩු වලට ඇබ්බැහිවෙන වෙන එක ගැන කවුරුත් කට වහගෙන ඉන්නවා. මේවා නවත්වන්න ඕන පාසෙලෙන්. (අ)

:       0       0

ඉන්දික Saturday, 26 April 2014 10:24 AM

මට හිත ගන්න බැරි, අහිංසක දුප්පත් මිනිහ හුරගෙන කන සුරන ලොතරයියටයි රේස් බුකි වලටයි නැති විරෝධයක් මේකට විතරක් ඇයි කියලයි. මොකද කැසිනෝ වලින් විනාශ වෙන්නේ කෝටිපතියෝ කීප දෙනෙක්. ඒ කීපදෙනා බේරාගන්නද මේ ලොකු සද්දේ? (අ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 27 April 2014 12:11 AM

බන්දුල ඔයත් බන්දුල මමත් බන්දුල. බනුදුල නමට අපහස නොකර කඩේ යන එක නවත්වන්න බන්දුල මල්ලියෝ. ඔයා හැමදාම අනා ගන්නවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 26 April 2014 09:49 AM

මේ විරෝධතා ඇත්තටම විකාරයක් .මේ සුපිරි හෝටල්වල කැසිනෝ ගහන්න ගමේ ගොඩේ තියා ඉහලම සමාජයේ කෙනෙකුටත් පහසු වෙන්නේ නැහැ.මේ හෝටල් ආශ්‍රිතව ගණිකා ව්‍යාපාර ඇති උනත් මොන දුරාචාර ඇති උනත් ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට අදාල නැහැ.සංචාරක ව්‍යාපාරයේ දියුණුවට සංචාරකයන් අද්දව ගන්න මෙවැනි වැඩපිළිවෙලවල් යම් සිමාවන් සහිතව ක්‍රියාත්මක විය යුතුයි.මේවට විරුද්ද වෙන කට්ටිය මේ කරන්නේ ටෙලි නාට්‍ය රග පෑමක් පමණයි.මේ රටේ ඉන්න ලොකුම සුදු කාරයෝ දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් සංවර්දන ලොතරැයි මණ්ඩලයත් යන දෙක..එදා වේල හොයා ගන්න එකාගේ තුට්ටු දෙක හුරා ගෙන එකෙකුව කොටිපහියෙක් කරනවා.සාමාන්‍ය දවසේ අදායම 200ක් ගන්න එකා 100ක් වියදම් කරන්නේ ලොතරැයි ගන්න.මුලින්ම නතර කරවිය යුත්තේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සාක්කු හිස් කරන සාමාන්‍ය මිනිහට අදාල මේ මේ ලොතරැයි සුදුව.තෑගි මුදල් වැඩි කර කර මිනිස්සුන්ගේ පෙරේත කමත් කෑදර කමත් වැඩි කර කර මිනිස්සුන්ගේ සාක්කු වලට බහින ලොතරැයි මණ්ඩල වලට විරුද්දව පාරට බැසිය යුතු කාලයක් මේ එලබිලා තියෙන්නේ.කැසිනෝ අපිට අදාල නැත. ඒවා අදාළ සුපිරි පැලැන්තියට පමණි.(අ)

:       0       0

ඉන්දික Saturday, 26 April 2014 09:49 AM

එජාපයයි ජවිපෙයි හැම දෙයටම විරුද්ධ වෙන නිසා ඒගොල්ලන්ගේ විදෝධතා වලට වටිනාකමක් නැහැ. බලන්න අධිවේගී මර්ගෙට බැන්නට ඒගොල්ලෝ එකේ යන්නේ නැද්ද කියල. එකපාරක් ඒ බැනපු මන්ත්‍රී කෙනෙක් හයි ස්පීඩ් ගිහිල්ල අල්ලලත් තිබුණා !! (අ)

:       0       0

ගුණරත්න Sunday, 27 April 2014 02:43 PM

බන්දුල ගේ අදහස් වලට සමාන අදහස් තියෙන රටේ බහුතරයකගේ හාස්‍යට ලක් වී ඇති රුපවාහිනී චැනල් ලංකාවේ තියෙනවා. (දී)

:       0       0

ධම්ම Saturday, 26 April 2014 10:58 AM

"මේ හෝටල් ආශ්‍රිතව ගණිකා ව්‍යාපාර ඇති උනත් මොන දුරාචාර ඇති උනත් ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට අදාල නැහැ",ගණිකාවන් පිට රටින් ගෙන්වනවා නම්. හැබැයි ඉතින් එක වෙයිද කියලා හිතන්න අමාරුයි. (අ)

:       0       0

ප්‍රදීප් Saturday, 26 April 2014 10:59 AM

බන්දුල පෙරේරාගේ අදහස හරියට හරි. කැසිනෝ ගණිකා පැත්තකට දාන්න. අඩුම තරමේ රෑ කෑමකට යන්නේ කීයෙන් කීදෙනාද. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 199 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2261 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 287 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2990 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1839 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 753 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33569 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23925 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site