IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ක්‍රමෝපාය පනත සම්මතයි

අද පාර්ලිමේන්තුවට ගෙන ආ ක්‍රමෝපාය සංවර්ධන පනත වැඩි ඡන්ද 71කින් සම්මත විය.

පක්ෂය ඡන්ද 113ක් ද, විපක්ෂව ඡන්ද 42ක් ද ලැබිණි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමියෝ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ඇමැති චම්පික රණවක ඇතුළු හෙලඋරුමයේ සෙසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටියේ නැත.



අදහස් (0)

ක්‍රමෝපාය පනත සම්මතයි

විරාජ් Thursday, 24 April 2014 07:36 PM

දී කිරට බළල්ලුත් සාක්ෂිලු. ඒ.ජ.ප. ප්‍රතිපත්ති ඒ.ජ.ප. වඩා හොදින් ක්‍රියාත්මක කරන සන්දානය දිනේවා ! (නදී)

:       0       0

අසංක සංජය සුරවීර Thursday, 24 April 2014 07:27 PM

ඇයි ඔවුන් රජයේ ගොඩක් දේවල් වලට හරස් වෙන්නේ? මම හිතන්නේ ආයෝජන ගැන විතරයි.

:       0       0

ලංකා Thursday, 24 April 2014 08:26 PM

හොඳයි හොඳයි. (ත)

:       0       0

අල්විස් Thursday, 24 April 2014 09:18 PM

මේ සිද්දියේ කිසිම විශේෂත්වයක් මම නම් දකින්නේ නැහැ. එ.ජ.නි.ස. ය ගොඩ නැගුනු ආකාරය ගැන දන්නා, එහි කොන්දේසි සහ එකඟතාවයන් ගැන දන්නා කිසිවකුට මෙය අමුතු දෙයක් නොවෙයි. රජයේ හොඳ දේවල්වලට සහය දෙනවා වගේම වැරදි දේවල් වලට විරුද්ධ වීම ජ.හෙ.උ.යේ පිළිවෙතයි. එහෙම කළා කියල සන්ධානය කඩාගෙන යන්නෙත් නැහැ. පවුලක හැඩයත් එහෙම නේද.? වැඩිහිටියන්ගේ වැරදි විවේචනය කරන දරුවෝ දෙමුපියන් දාලා යනවද..? (අ)

:       0       0

කුමාර Thursday, 24 April 2014 09:27 PM

ගින්දර (අ)

:       0       0

නිශාන්ත පණ්ඩිතරත්න Thursday, 24 April 2014 09:14 PM

රස්සාවක් නොකර ගෙදරට වෙලා ගෑනු දරුවෝ ටික කැසිනෝ එකේ වැඩට අරින්න සමහරුන්ට පුළුවන්. නියම වැඩේ (ස)

:       0       0

පද්මිණී Thursday, 24 April 2014 09:41 PM

කඩාගෙන බිඳගෙන ආශ්චර්ය කරා යන ගමනට ඇයි මේ බාධා? (ස)

:       0       0

සලීම් Thursday, 24 April 2014 11:06 PM

ක්‍රමඋපාය~ නම් ලේසියට මුදල් සොයන්නට ගොස් විනාසවන පිරිසක් බිහිකිරීමයි. පවුල් වල සන්ඩු දෙමාපියන්ට දරුවන්ගෙන් කරදර සොරුන් මංකොල්ලකාරයන් බිහිවීම දේපොළ උකස්කර සින්නවීම අනාගත පෙරනිමිති කීපයක් සුදුවෙන් ලැබෙන පල සෙලුවෙන් ගෙදරපල! (නධී)

:       0       0

සත්‍යයා Thursday, 24 April 2014 11:20 PM

ක්‍රමෝපාය කිව්වත් ගණිකා වෘත්තීය කිව්වත් ඊට කැසිනෝ කියල කියන එක හරි නැහැ. මොකද මෙතන කරන්න යන්නේ හෝටල් හදන එක. ඒ හෝටල් ඇතුලේ වෙන්නේ මොනවාද කියල දැනගන්න ආණ්ඩුවේ බුද්ධි අංශ මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද හෝටල් සේවකයෝ දන්නවා හංගපු කැමරා වලින් ඒවා නරඹන හැටි. ඒ ක්‍රමොපායත් මෙතනට හොඳට ගැළපෙනවා.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 26 April 2014 12:57 AM

මේ හැම ප්‍රශ්නයකටම මුල අප තුලින් විළි-බිය තුරන් වීමයි. කැසිනෝ කියල දැම්මොත් ජනතාව ඇවිස්සෙන බව දන්නා නිසා ඒ කට වෙනත් නමක් දාගෙන. ඒත් ගලේ පහරපු කිසිම බළලෙකුට තමා පහකළ දෙය වහන්න බැහැ. දේවදාසී කිව්ව පළියට ඉන්දියාවේ ළමා ගණිකාවක් සුජාතාවක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ද සිල්වා Friday, 25 April 2014 03:12 AM

තරු පහේ හෝටල් තුල කැසිනෝ වැනි සුදු ක්‍රියාත්මක වීම ලංකාවට අලුත් දෙයක් නොවේ. මෙය අවරුදු 25 ට විතර උඩදී පටන් ලංකාවේ ප්‍රසිද්ධියේ ක්‍රියාතමක වෙනවා. කැසිනෝ වලට විරුද්ධ නම් විරුද්ධව ඡන්දය දෙන්නේ නැතුව පලායාම අනුමත කල නොහැක ? (නදී)

:       0       0

සීල Friday, 25 April 2014 03:16 AM

නම වරද්දල දාල වාගේ.ඕක වෙන්න ඕනේ 'කාමෝපාය' කියලා. (නදී)

:       0       0

බන්දුල ද සිල්වා Friday, 25 April 2014 04:56 AM

ඇල්වතුර නිවලා බීපු තවත් අවස්ථාවක් නේද? මේක ඉතින් අපේ කරුමේ නම් මොනවා කරන්නද නේද ඇමති තුමෝ. ඔයාලා කොහොමත් එක එක කාලවල වැඩි වාසි තියෙන මත වාදය එක්ක එල්ලිලා ඔයාලගේ මුලික අරමුන වුණු කවුන්සිලිට එන එක දැන් ඉටුවෙලානේ එ්ක නිසා ජනතාවගේ මතයට පයින් ගහන එක පොඩි දෙයක්. විලි ලජ්ජා නැති කම මැති ඇමති කම තරම් වටින්නේ නැහැනේ නේද? (නදී)

:       0       0

රායි Friday, 25 April 2014 06:00 AM

රතන හිමි ඡන්දෙ නොදීමත් ක්‍රමෝපායක් තමයි.(නදී)

:       0       0

ග්‍රාම්‍යා Friday, 25 April 2014 07:15 AM

ආණ්ඩුව මොන පනත් ගෙනාවත් වැඩි ඡන්ද වලින් දිනනවා. හරි හෝ වැරදි හෝ වෙනසක් නැ වැළ යන අතට මැස්ස ගහන, කල දුටු කල වල ඉහගන්න මන්ත්‍රීවරු ඉන්නකම් පාර්ලිමේන්තුවේ ඕනෑම පනතක් සම්මතයි.(නදී)

:       0       0

චමින්ද Friday, 25 April 2014 06:36 AM

ඉදිරියට 100 යට 200 ඕට්ටු දානවා නම් හොදයි.(නදී)

:       0       0

නාමල් Friday, 25 April 2014 06:39 AM

මේක සම්මත උනේ වැඩි ඡන්ද 3 කින් නේද? 68ක් ඡන්දය දුන්නේ නෑ කියලයි අපි දන්නේ. නාමල් රාජපක්ෂ වත් ඡන්දෙ දෙන්න ආවේ නෑ නේද? (නදී)

:       0       0

රවිනාත් විජේසේකර Friday, 25 April 2014 08:37 AM

නාමල්, ඡන්දය නොදී සිටීම යනු විරුද්ධව දුන් ඡන්දයක් ලෙස සලකන්න ඔබට ඉගැන්නුවේ කවුද? අනික් පැත්තේ කට්ටිය කිව්වොත් ඒ 68ත් ඔවුන්ට පක්ෂයි කියලා? (ස)

:       0       0

ඉන්දික Friday, 25 April 2014 09:22 AM

මේ ගැන මෙච්චර සද්දයක් දැන් මොකද? මේවා ඉස්සර ඉඳන්ම තියෙන ඒවා. අනිත් එක කැසිනෝ තිබුණත් ඒවා සංචාරකයන්ට පමණයි නම් ඇයි වද වෙන්නේ. කවුරු හරි දන්නා කෙනෙක් ඒක ලංකාවේ බහුතරයකට බලපාන හැටි කියල දෙන්න. මොකද මේකට වඩා බහුතරයකට බලපාන ප්‍රශ්න ඕන තරම් තියෙන්නේ. මම හිතන විදියට මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. විපක්ෂය රටට ලොකු යෝජනා එනවට කැමති නැහැ. (ස)

:       0       0

ඉන්දික Friday, 25 April 2014 09:37 AM

රවිනාත් විජේසේකර, ඕවා ඔය විපක්ෂෙ අයගේ ඉලක්කම් විජජා! (ස)

:       0       0

චනිල් Friday, 25 April 2014 09:41 AM

ඉන්දික කැසිනෝ "සංචාරකයන් ට පමණයි " වුණාට ඒවාත් සමග එන සමාජ වසංගත ගැන ඔබ සිතනවද ? ගමේ ඉන්න තරුණියෝ ටික කීයක් හරි හොයා ගන්න මේවා තිබෙන තැන් වලට රිංගාවී. සුද්දන්ට ආවතේව කරන්න යන තරුණයෝ ටික කැසිනෝවට පුරුදු නෙවේද ? මොකද එතන කැසිනෝ කරන්නේ විදේශිකයෝ විතරම ද කියල පරීක්ෂාව කවුරුත් යොදවලා නැහැනේ. බුරුවො ගැහුවාත් එකයි බුරු පලේ හිටියාත් එකයි. (ස)

:       0       0

රොෂාන් Friday, 25 April 2014 09:08 AM

මේක කරන්න කලින් ලොකු විනාශයක් වෙනවා. (ස)

:       0       0

චන්දන Friday, 25 April 2014 09:19 AM

දැන් ඉතින් ඊළඟට සම්මත කරන්න ඕන සීල කිව්වත් වගේ "කාමෝපාය " හෙවත් ගණිකා පනත තමා. කැසිනෝ ගහන්න එන සුද්දන්ට ඊළඟට අවශ්‍ය සේවාව ඒකනේ. (ස)

:       0       0

වාසනා Friday, 25 April 2014 09:21 AM

අපට අපේ නොවන අපේම කැසිනෝ එකක් ලැබුණා. ප්‍රීති ප්‍රීති... (ස)

:       0       0

ජයලත් Friday, 25 April 2014 10:09 AM

බුදු දහමට අනුව විනාශය කරා යන්න පුළුවන් ජීවිකාවන් පහෙන් එකක් තමා සුදු පොළවල් ඇරීම. අද ශ්‍රී ලංකාව විනාශයට පත්වන එක බහුතරයකට නොපෙනෙන එක තමා දුක, මගේ ඇස් වලින් කදුළු ආව මේ ප්‍රවෘත්තිය කියවපුවහම. අපි දහම් පාසල් ගිහින් හැදුනේ. අමාරුවෙන් හොයපු සේසතම එක රැයකින් මේ තැන් වලදී නැති වෙනවා. මිනිස්සු සියදිවි නසා ගන්න තත්වෙට පත්වෙනවා. ? අපේ රට බුදු දහම ලෝකෙට යවපු දහම් දීපය නේද? (ස)

:       0       0

ඉන්දික Friday, 25 April 2014 09:28 AM

චනිල්, කැසිනෝ ගහන්න තියා ඇතුල් වෙන්න ටිකට් එකක් ගන්නත් අපේ මාසේ පඩිය මදිවෙයි. ඒක හින්ද ගමේ කොල්ලෝ ගැන බයවෙන්න එපා. (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 26 April 2014 08:51 AM

රවිනාත් විජේසේකර ඔය විදියට ගණනය කිරීම් කරන්න කියල ඉගැන්නුවේ අර ඇමති තුමා. ඔය විදියට ගණන කරලා ජිනීවා වලදී අපිට වැඩි ඡන්ද ලැබුන කියල කිව්වා මතක නැද්ද? (නදී)

:       0       0

රවිඳු Friday, 25 April 2014 09:36 AM

මේ හෝටල් වල වැඩට ඔය ඇමැතියන්ගේ කට්ටිය යැව්වානම් ඒ අයට එකෙනුත් ගාණක් ලැබෙනවානේ (අ)

:       0       0

ශ්‍රීමාල් Friday, 25 April 2014 09:37 AM

ඒ ගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපිට දෙන්න විදියක් නැ ... කණගාටුව ප්‍රකාශ කරමි. (ස)

:       0       0

සමීර Friday, 25 April 2014 10:35 AM

මොනවද මේ වෙන්නේ? (නදී).

:       0       0

අමරෙ Friday, 25 April 2014 10:36 AM

ඊලග සුනාමියට ලැස්ති වෙන්න. (ස)

:       0       0

ජනක Friday, 25 April 2014 10:38 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා. (ස)

:       0       0

දොන් පලිහේන Friday, 25 April 2014 09:56 AM

රට යන්නේ කොහාටද කියලා රටෙන් පිට ඉදන් බලන අයට පේනවා. (ස)

:       0       0

සද්ධා Friday, 25 April 2014 10:41 AM

මේ පාර සුනාමියට මැරෙන්නේ කැසිනෝකාරයෝ. (ස)

:       0       0

නිශාන්ත පණ්ඩිතරත්න Friday, 25 April 2014 10:01 AM

ඉන්දික,කැසිනෝ වලට යන්න සල්ලි ගන්නේ නැහැ .එ වුණාට එලියට එන කොට පොකට් එක සුද්දයි (දිල්)

:       0       0

ප්‍රසංක Friday, 25 April 2014 11:48 AM

කැසිනෝ අවට කමක් නෑ. ඒ්ත් බදු ගහන්න ඕන. නැත්නම් සංචාරකයෝ රට බලන්න අැවිත් වියදම් කරන්න එකක් නෑ. කැසිනෝ ගහල යාවි. එතකොට ලංකාවට මොකද වෙන්නේ.. මොකද කැසිනෝ සල්ලි පිට රට යන නිසා.... (ස)

:       0       0

අල්විස් Friday, 25 April 2014 11:41 AM

කැසිනෝ ක්‍රීඩාවක් ගැන අහලවත් දැකලත් නැති බොහෝ දෙනෙක් අනුන් කියන දේ අහලා ලෝක විනාශය ඇතිවෙන්ට යනවා වගේ අදහස් ලියනවා. සමහරු කියනවා කැසිනෝ වලට යන්න සල්ලි ගන්නේ නැහැ කියලා. සමහරෙක් කියනවා කැසිනෝ හෝටල් ඇතුලේ සිදුවෙන දේවල් ගැන දන්නේ සිසිටිවී කාමර නොවෙයිලු. රටෙන් පිට ඉඳල බලනකොට රට යන අත පෙනෙනවලු. මේ කතා හෙට කවුරුත් කතා කරන්නේ නැහැ. ඔක්කොම අදහස් වලට පමණයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 248 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2317 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 290 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 3025 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1861 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 756 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33575 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23926 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site