(මනෝප්‍රිය ගුණසේකර)
කුරුම්බා ගෙඩි හතරක් කඩාගෙන බිව්වේ යැයි 17 වියැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) නිදොස් කොට නිදහස් කළේය.
සිද්ධිය ඇසින් දුටු එකම සාක්කිකරුවකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
සිද්ධිය ඇසින් දුටු එකම පුද්ගලයා වන මියගිය තරුණයා සමඟ කුරුම්බා බීමට ගිය තරුණයා අතුරුදන් බව මීට පෙර අවස්ථාවක සිතාසි වාර්තාවක් අධිකරණට ඉදිරිපත් කළ වැලිකඩ පොලිසියේ කොස්තාපල් 92942 සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම් දී තිබිණි.
පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති වීම හේතූවෙන් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ රාජගිරිය ඔබේසේකරපුර මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි එරාජ් ප්‍රනාන්දු මහතාය.
2008 දෙසැම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර මොරගස්මුල්ල ප්‍රදේශයේදී ලියනගේ පුබුදු සංජීව නමැති 17 වියැති තරුණයාට වෙඩි තබා බරපතල තුවාල කොට මරා දැමු බවට විත්තිතරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අතරතුර පළමු සාක්කිකරු වශයෙන් නම් කොට තිබු සිද්ධිය වු අවස්ථාවේ මියගිය පුබුදු සංජීව සමඟ කුරුම්බා කැඩීමට ගිය බව කියන අමිල ප්‍රසාද් නමැත්තා මහෙස්ත්‍රාත් අධිකරණ නඩුව විභාග කරන කාලයේදීම අතුරුදන් බව හෙළි විය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිද්ධිය ඇසින් දුටු එකම සාක්කිකරුවකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුම්බා කැඩු තරුණයා ඝාතනය කළැයි චෝදනා ලැබු විත්තිකරු නිදහස්
Nihal Wednesday, 15 December 2021 03:47 PM
එතකොට මේ ළමයා මරපු කෙනෙක් නැද්ද?
කිරි පුතා Wednesday, 15 December 2021 04:20 PM
ආ.. ඒ තරුණයා වෙඩි තියාගෙන. අනේ අපොයි...!
සෙනවි Wednesday, 15 December 2021 04:44 PM
මාර නඩු තීන්දුවක් හාමුදුරුවනේ... ඇසින් නොදුටු මිනීමැරුම් තවත් රටවල වෙනවා. ඒත් ඒ චූදිතයින් නඩුවිභාගයේදී වරදකරු වෙනවා. මේක පූර්වාදර්ශයක් වෙලා සාක්කි නැති විදිහට ඉදිරියේදී මිනීමරන්න ඉඩ තිබෙනවා. මෙහෙම නඩුවිභාගයක් ඇසුවාටමයි ජීවිතේට!. මේ විනිසුරුවරයාගේ තීන්දුව ගැන කුමට කියම්ද?
kamal Wednesday, 15 December 2021 04:53 PM
සාක්කිකාරයා අතුරුදහන්. විත්තිකරුගේ නෑයින් කවුද දන්නේ නෑ...
Nuwa Wednesday, 15 December 2021 06:55 PM
ඒ කියන්නේ අපිට වුණත් පුළුවන් සාක්ෂි තියන්නේ නැතුව ඕනම ගේමක් දීලා ආතල් එකේ ඉන්න.. ඒක මරු.. ජයවේවා...!!!
fairoos Wednesday, 15 December 2021 08:06 PM
එතකොට නඩුභාණ්ඩ මුකුත් නැද්ද? වෙඩි තිබ්බ තුවක්කුවත් අරන් සාක්කිකරු අතුරුදන් වෙලා වෙන්න ඇති. එක රටක්.. වෙන නීතියක්...