IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කැරම් ලෝක ශූරතාවලියට 120 ක් කොළඹ එති

කොළඹ ගලදාරී හෝටලේදී මේ මස 31 වැනිදා ආරම්භවන හය වැනි ලෝක කැරම් ශූරතාවලිය සංවිධානය කිරීම සඳහා මිලියන 7 ක පමණ වියදමක් දැරීමට ශ්‍රී ලංකා කැරම් සංගමයට සිදුව තිබේ. මේ වන විටත් මිලියන හතරක් කැරම් සංගමය සොයාගෙන ඇති නමුත් තවත් මිලියන තුනක මුදලක් සොයා ගැනීමට අනුග‍්‍රහකයන්ගේ සහයෝගය අපේක්‍ෂාවෙන් පසුවන බව කැරම් සංගම් නිලධාරීහු පවසති. කැරම් සංගමය සතුව තිබෙන මිලියන හතරෙන් මිලියන දෙකක මුදලක් ක‍්‍රීඩා අමාත්‍යංශය ලබා දී ඇතැයි කැරම් සංගමයේ ලේකම් රෝහිණී මතායස් මහත්මිය පැවසුවාය. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සිය අමාත්‍යංශයේ සහයෝගය තරගාවලිය සංවිධානය කිරීම සඳහා ලබාදෙන අතරේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ද නොඅඩුවම ලබාදීමට කටයුතු කර ඇතැයි ද ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. ‘‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අනුග‍්‍රාහකයන්  ඕනෑ තරම් සොයාගෙන එනවා. නමුත් කැරම් වගේ ක‍්‍රීඩා කිහිපයකටම අනුග‍්‍රාහකයන් සොයා ඒමක් වෙන්නේ නැහැ. අපි උත්සහ කරනවා ලෝක ශූරතාවක් දිනා තිබෙන කැරම් ක‍්‍රීඩාවට අනුග‍්‍රහකයන් සොයා දෙමින් මෙම ක‍්‍රීඩාව දියුණු කරන්න යැයි ’’ ජයකොඩි මහත්මිය කොළඹදී පැවැති මධ්‍ය හමුවකදී පැවසුවාය. අන්තර්ජාතික කැරම් තරගාවලි රැසක් පසුගිය වසරවලදී පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුවද, ලෝක කැරම් තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මෙරටට හිමි වන්නේ පළමු වතාවටය. ලෝක කැරම් ශූරතාවලිය සිවු වසරකට වරක් සංවිධානය කෙරේ. තරගාවලියට ලෝක කැරම් සම්මේලනයේ සාමාජික රටවල් 18 ක් සහභාගිවේ. ලෝක ශූර ඉන්දියාව ඇතුළුව ශ්‍රී ලංකාව, මාලදිවයින, පාකිස්තානය, ස්විස්ටර්ලන්තය, බංග්ලාදේශය, එංගලන්තය, ඉතාලිය, පෝලන්තය, ඇමරිකාව, චෙක් ජනපදය, මුරිසි දිවයින, ජර්මනිය, මැලේසියාව, කොරියාව, කටාර් රාජ්‍යය, ජපානය සහ කැනඩාව යන රටවල් තරගාවලියට සහභාගිවේ. ඊට එක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීහු ගණන 120 ක් පමණ වෙති. ශ්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක ශූරතාවක් හිමිකර ගත් තෙවැනි ක‍්‍රීඩාව වන්නේ කැරම් ක‍්‍රීඩාවයි. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.



අදහස් (0)

කැරම් ලෝක ශූරතාවලියට 120 ක් කොළඹ එති

saman t manamperi Monday, 29 October 2012 08:15 PM

අපේ සොහොයුරන්ට ජයවේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 76 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 476 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 241 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 674 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1530 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 451 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site