IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කුරාම් ෂෙයික් ඝාතකයන්ගේ පෙත්සමත් විභාගයට

තංගල්ල හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ තංගල්ල ප‍්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචාන පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නොමැති අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (6) තීන්දු කළේය.

පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණි වල්ගම සහ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ යන මහත්මීන් හමුවේ සලකා බැලිණි.

කොළඹ මහාධිකරණයේ පැවැති ඔවුන්ට විරුද්ධ නඩුවේ දඬුවම පැනවූයේ එවකට  මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මියයි.

තංගල්ල ප‍්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය , ප‍්‍රගීත් චතුරංග සහ ළහිරු කැලූම් තම සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින්  අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කරනු ලැබීය.



අදහස් (0)

කුරාම් ෂෙයික් ඝාතකයන්ගේ පෙත්සමත් විභාගයට

චාමර Friday, 07 October 2016 07:32 AM

ජත්‍යන්තරයට අපි හරි දේ කරන්ව කියල පෙන්නන ඕන, වැරදි මිනිස්සු හිරේ දමල. එහෙම නැතුව නිවරදි කාරය හිරේ දමල නෙමේ (ම)

:       0       0

චාමර Friday, 07 October 2016 07:34 AM

ඇත්තම තත්වය නොදැන කතා කරන එක වැරදි කියලයි මමනම් හිතන්නෙ, මොකද මේ නඩුවෙ ගොඩක් අපහැදිලි තැන් තියෙනවා. ඒ නිසා අන්තගාමී නොවී ඇත්ත මොකද්ද කියලත් හරියට හොයා බලන්න (ම)

:       0       0

බුද්ධික Thursday, 06 October 2016 02:52 PM

මොවුන්ව මැරිය යුතු නැත ජීවිත කාලයම සිතින් විඳව විදව ඉන්න ජීවිතාන්තය දක්වා සිර දඬුවම දික් කොරන්න. හැබැයි මරණ දඬුවම නියම කළත් වන්නේ ඔය ටිකම තමයි (හේ)

:       0       0

මාලක Thursday, 06 October 2016 03:09 PM

මොවුන්ට මරණ දඬුවම අනිවාර්යයෙන්ම දිය යුතුයි රටේ නීතිය කාටත් එකවගේ කියල පෙන්නුවොත් ඉදිරියටවත් මෙවැනි දේ අඩුවේවි. (බ)

:       0       0

රූපවතී Thursday, 06 October 2016 03:24 PM

මේ මිනිසුන්ව නිදහස් කරන්න කියන්නේ මොකුන්ද උන්වත් හිරේට දමන්න ඕනේ ..? විදේශිකයෙක් මේ රටට් ආවේ තම අනාගත සහ කාරියත් සමග ..නිවාඩුවක් ගත කරන්නයි .. ?එවැනි මනුස්සයෙක්ව වෙඩි තියල මරල ..ඒ මිනිහගේ ගෑනිවත් දුෂණය කරලා දමන තරමට මේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වගකිවයුත්තෙක් එවැන්නක් කළා කියල එක සාක්කිත් සමග ඔප්පුත් වෙලා තියෙන එක ..? මේ මිනීමරුවෝ ජීවිතාන්තේ දක්වාම හිරේට මිස ..නැවත සලකා බැලීම් තියා සිතන්නවත් එපා. (බ)

:       0       0

ශාන් Thursday, 06 October 2016 03:36 PM

මරණිය දණ්ඩනය දෙන්න ප්‍රමාද මොකද. කාලය අපතේ යවන්න එපා. (බ)

:       0       0

ද සිල්වා Thursday, 06 October 2016 04:47 PM

මොවුන්ට මරණිය දණ්ඩනය දෙන එක තංගල්ල පළාතට කරන සේවයක්. පූටිනුත් සතුටු වේවි. එංගලන්තෙත් සතුටු වේවි. ලංකාව සංචාරකයන්ට ආරක්ෂාකාරී රටක් කියලා සංචාරකයොත් වැඩිපුර ඒවි. මේගොල්ලෝ ගෙදර අවොත් අපිට සිද්ධ වෙන්නේ හැමදාම වද විඳින්න (නි)

:       0       0

චාමර Thursday, 06 October 2016 05:02 PM

අපි කොහොමද දන්නෙ ඇත්තටම මෙයාලමද මේ වැරැද්ද කළේ, වෙන කෙනෙක්ද කියලා (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 06 October 2016 05:21 PM

මේ අයට සමාව දුන්නා නම් ලංකාවේ නීතිය විහිළුවක් බවට පත්වේවි. අනික මෙම අපරාධ වලට මුහුණදීපු අය ලාංකිකයින් නොවේ. ලංකාවේ අහිංසක මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක කරනවා වගේ නොවේ මේක. අභියාචන පෙත්සම නොසළකා හැරීම වඩාත් සුදුසුයි. (නි)

:       0       0

කුමාර Thursday, 06 October 2016 06:15 PM

ඔවුන් එල්ලිය යුතුමයි (නි)

:       0       0

ද සිල්වා Saturday, 08 October 2016 04:13 PM

චාමර කියන විදිහට මේ සත්ගුණවතා නොකළ වරදකට මේ හිරේට දමලා තිබෙන්නේ. අනේ මේ විකාර දොඩවන්නේ නැතුව ඉන්න. මේ නඩුවේ කිසිම අපැහැදිලි තැනක් නැහැ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 06 October 2016 08:23 PM

තමා තමාට හරියට ආදරය පුද්ගලයා අනුන්ට ආදරය කරන්න දන්නවා. මේ පුද්ගලයෝ තමාටවත් ආදරයක් නැහැ. එම නිසයි මෙවැනි කුරිරු අපරාදයක් සිද්ධ කළේ. එමනිසා මොවුන් නිදහස් කරන්න කියා අභියාචනාවක් ගොනුකළාම නඩු ගාස්තුවටත් යටත්කොට එය නොකඩවාම නිෂ්ප්‍රභා කරන එක රටේ ඉදිරි අපරාධයන් කරන්නවුන්ට දෙන පණිවුඩයක් (නි)

:       0       0

බමුණුසේන Thursday, 06 October 2016 10:20 PM

රූපවතී, කව්රුත් මිනීමරුවන් නිදහස් කරන්න කියන්නේ නැත. එල්ලා මැරුවොත් මේ අය වේදනා විඳින්නේ තප්පර ගණනකටය. ජීවිත කාලයට හිරේ දැම්මොත් ජීවිත කාලයටම විඳවනු ඇත. එල්ල මැරීමට නියම වූ මිනිසුන් තමන්ව එල්ලා මරණ ලෙසට ඉල්ලන්නේ එමනිසාය (නි)

:       0       0

රූපවතී Saturday, 08 October 2016 10:05 PM

ඔයාලා ඔලුවෙන් හිටගෙනද මට මේවා ලියන්නේ..? එයාලා හිරේ ඉඳලා විඳවන්නේ මොනවාද? හිරේ ඉඳලා තවත් අසරණ දෙමාපියන්ගේ, අපේ දරු පැටවුන්ට කුඩු ටිකක් පැකට් කරලා එවයි. (නි)

:       0       0

එරන්ද Thursday, 06 October 2016 10:57 PM

එල්ලන්න හොඳ නැහැ. විඳවන්න දෙන්න ඕනෑ තව (නි)

:       0       0

සාරා Thursday, 06 October 2016 11:08 PM

මෙයාලට ඡන්දෙ දීපු අයටත් දඬුවම් දෙන්න ඕනෑ. ඒක තමා හරිම දඬුවම (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 06 October 2016 11:47 PM

තම කාම පිපාසය මැඩගැනීම උදෙසා පෙම්වතිය දුෂණය කර පෙම්වතා ඇය ඉදිරියේ මරාදැමූ මේ අපරාධකරුවන්ට මරණ දඬුවම පනවන්න. (නි)

:       0       0

රෙබෙකා රෝඩ්රිගෝ Friday, 07 October 2016 12:02 AM

ඒ දවස්වල ඉතා සුළු දඬුවමක්නේ දුන්නේ. කොහොමද නීතිය ඒ දවස්වල? බලමු යහපාලන ආණ්ඩුව හරි අහිංසකයන්ට සාධාරණය ඉටුකරයිද කියලා. පිටරට මනුස්සෙකුට වුණත් සාධාරණය ඉටුවෙන්න ඕනෑ (නි)

:       0       0

සරත් Friday, 07 October 2016 12:12 AM

රටේ ප්‍රතිරූපය කෙළෙසූ මෙවැනි අය නැවත සමාජගත කිරීම මේ රටේ අනාගත ළමා හා තරුණ පරපුරට කරන සමච්චලයකි. මෙවැනි නඩු ප්‍රමාද කිරීම ගැන හිටපු පාලකයෝද වගකිව යුතුයි (නි)

:       0       0

සත්‍යයා Friday, 07 October 2016 12:22 AM

අපේ තියෙන අවාසනාවකට බලයට පත්වූවන් පාදඩ දේශපාලනය හරහා අපරාධකාරී උප සංස්කෘතියක් රටට හඳුන්වාදීම තුළින් මුළු රටේම සදාචාරයත් සාරධර්මත් අන්තයට පිරිහුණා. අපේ කරුමය තවමත් ගෙවී අවසාන නැති නිසා, ජනයාගෙන් කොටසක් මේ අපරාධකාරයින්ට නැවත බලයට එන්න පාවඩ එළනවා. (නි)

:       0       0

සුනිල් Friday, 07 October 2016 02:36 AM

මහින්ද මහත්තයා පුටුවේ හිටියා නම් නියමෙට විසඳාවි (නි)

:       0       0

රංග Friday, 07 October 2016 02:54 AM

සමහරු මොකද මේ අයව බේරගන්න හදන්නේ? (නි)

:       0       0

හර්ෂ Friday, 07 October 2016 03:39 AM

මේ අය නිදහස් කළොත් ලංකාවේ නීතිය ඉවරයි (බ)

:       0       0

හර්ෂ Friday, 07 October 2016 03:43 AM

මම ජනාධිපති වුණා නම් ඒදවස්වලම එල්ලලා දානවා ඔක්කොමලා. අභියාචනා දෙන්නවත් ඉඩ දෙන්නේ නෑ (බ)

:       0       0

දිලිප් Friday, 07 October 2016 04:14 AM

අප තවමත් යුක්තිය ඉටු කිරීමට වග වන ජාතියක් වන බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්න මෙය කදිම මග පෙන්වන්නක් කර ගත යුතුය.(ම)

:       0       0

බාසුරු Thursday, 06 October 2016 01:43 PM

මුන්ව එල්ලන්න ඕනේ ඒක තමා හරිම දඬුවම (බ)

:       0       0

භද්‍රානි Thursday, 06 October 2016 02:07 PM

ඔවැනි ස්ත්‍රී දුෂක මිනීමරුවන්ට මරණ දඬුවම නියම කරන මෙන් අපි ගෞරවනීය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිමු. (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 09 October 2016 01:04 PM

උසාවිය දීපු නඩු තීන්දුව ගැන අපට නම් ප්‍රශ්නයක් නැහැ. වසර 20 කියන්නේ සාමාන්‍යයෙන් වසර 12-13 එළියට එන්න පුළුවන්. දැන් වසර 2 විතර දඬුවමින් ගෙවිලා තිබෙන්නේ. ඒ කියන්නේ 2026 විතර මෙයා එළියේ. පුලුවන්නම් දීපු දඬුවම දෙගුණ කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 109 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 5 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 493 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 254 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 692 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1550 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site