IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කාරියකරවන කාරිය නිම කරයි

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ පතාක යෝධයකුවූ ඩී.ඇෆ්.කාරියකරවන මහතා (94) අභාවප්‍රාප්ත විය.

ඔහුගේ ඉල්ලීම අනුව 24 පැයක් ඇතුළත අවසන් කටයුතු සිදුකරමින් දේහය කඩුවෙල නෙවිල් ප්‍රනාන්දු රෝහලට බාරදෙන බව සමීප නෑයෝ කියති.

කාරියකරවන මහතා දශක 8කට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ යෙදී සිටියේය. මීගමුවේ උපන් ඔහු මුලින්ම පුහුණු ගුරුවරයෙක් විය. සිංහල බස මනා ලෙස හැසිරවීමේ දක්ෂතාවයක් තිබූ ඔහුගේ ශෛලිය බොහෝ පාඨකයන්ගේ සිත් ගත්තේය. නිවැරදි සිංහලෙන් ලිවීමේ වැදගත්කම ඔහු සැමවිටම පෙන්වා දුන්නේය.

ලේක් හවුස් ආයතනයේ දිනමිණ පත්‍රයේ උප කර්තෘවරයකුවූ කාරියකරවන මහතා ජනතා හා සිළුමිණ පත්‍රවල කර්තෘවරයා විය. ජනතා පත්‍රයේ ඔහු කර්තෘවරයාවූ සමයේ සුවිශේෂ සිද්ධියක් වූයේ හොඳ සිංහලය වෙනුවෙන් සම්මත සිංහල සටන ශක්තිමත් කිරීමයි. ප්‍රධාන පෙළේ පුවත්පත් ඊට එරෙහි වෙද්දී ඔහු හිටපු අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතාගේ සම්මත සිංහලය මගින් මුළු රටේම සම්මතයක් ඇති කරගැනීමට වෙහෙසුණේය.

ලංකා පත්‍ර කලා සංගමයේ පුරෝගාමියකුවූ ඔහු නවක මාධ්‍යවේදීන්ට බෙහෙවින් අත දුන්නේය. ජනමාධ්‍ය කලා පාඨමාලා මගින් ඔවුන් අතර උනන්දුවක් ඇතිකිරීමට ඔහු බොහෝ වෙහෙසවීය.

ලේක් හවුස් ආයතනයෙන් විශ්‍රාාම ගැනීමෙන් පසු කාරියකරවන මහතා ලේඛන කලාවේ නියැලී සිටියේය. එතෙර මෙතෙර සිය අත්දැකීම් අළලා ඔහු විසින් පොත් රැසක්ම ලියන ලද්දේය. ඒ හැම පොතක්ම එක හුස්මට කියවා නිමකළ හැකි බව බොහෝ පාඨකයෝ කියති.

කාරියකරවන මහතාගේ අවසන් තීරු ලිපිය සඳුදා ලංකාදීපයේ පළවිය.

 



අදහස් (0)

කාරියකරවන කාරිය නිම කරයි

මංජු රංග විලේගොඩ Tuesday, 21 April 2015 06:58 PM

ගුරු පියාණනි, ඔබට නිවන් සුව අත්වේවා! (ස)

:       0       0

ධම්ම Tuesday, 21 April 2015 09:34 AM

නිවන් සැප ලැබේවා මහතාණෙනි! (ම)

:       0       0

අමිත ගුණසේකර Friday, 24 April 2015 04:04 AM

රටට උතුම් මෙහෙවරක් කළ කාරියකරවන මැතිතුමනි, ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

ජිනීවා බෞද්ධ විහාරය, ස්විට්සර්ලන්තය Tuesday, 21 April 2015 09:55 AM

ඉතාම විශිෂ්ට ගණයෙහි පුවත් පත් මාධ්‍යවේදියෙකුවූ එතුමන් කල සේවය සදා ජීවමානයි . නිවන් සුව පතමු (ම)

:       0       0

මහේෂ් Tuesday, 21 April 2015 09:57 AM

අපි හිස නමා ගෞරවය පුද කරමු. නිවන් සුව පතමු.(ම)

:       0       0

අමිත ගුණසේකර Tuesday, 21 April 2015 10:49 AM

ලොවට ඉතා වැඩදායි යමක් ඉටුකර අපෙන් සදහටම සමුගත් කාරියකරවන මැතිදුනි, යළිත් අප අතරම ඉපදේවා , ඔබට නිවන් සුව පතමු (බ)

:       0       0

සුනිමල් Tuesday, 21 April 2015 11:07 AM

නිවන් සුව පතමු (බ)

:       0       0

රාජා Tuesday, 21 April 2015 12:03 PM

මෙතුමා ලියන නොයෙක් තීරු ලිපි කියෙව්වේ හරිම ආසාවෙන්. එක ලස්සන කතාවක් ලිව්වා පසු ගිය නත්තල පසුවුන ගමන් අනෙකුත් නෑදෑ හිතමිතුරන්ට තමන්ව නත්තලේදී අමතකවුන නිසා ඔවුන්ට ඔහු සුභ පැතුව හැටි කියලා. ඒවගේම සිංහල භාෂාව ඉතා නිවැරදිව හසුරන හැටි කියවෙන ලිපි පෙලකුත් ලියුවා. අපේ භාෂාවට මෑත කාලයේ විශාල සේවයක් කරපු කෙනෙක්. ඔබතුමාට මොක් සුවය ලැබේවා.! (ර)

:       0       0

කිත්සිරි Tuesday, 21 April 2015 12:17 PM

ඔබ තුමා නිවනෙන් සැනසේවා! ඊට පෙර සිංහල බස වෙනුවෙන් යලිත් වරක් ලංකාවේ ම ඉපදේවා! (ර)

:       0       0

රනිල් Tuesday, 21 April 2015 12:18 PM

නිවන් සුව ලැබේවා.! (ර)

:       0       0

ශාන්ත සේනාදීර Tuesday, 21 April 2015 01:17 PM

සිංහල පුවත්පත් කලාවේ උන්නතියට ඔබකර ඇති සේවාව මෙතෙක් ජිවත්ව සිටි කෙනෙකුගෙන් ඉටු නොවුවා පමණක් නොවෙයි එවැන්නක් බලාපොරොත්තු වන්නත් බැහැ.හෙළ බස හරි ලෙස ලියන්නට ඔබ කියා දී ඇති වා වගේම පුවත්පත් කලාවේදීන්ගේ ජිවන තත්වය අද තිබෙන මට්ටමට ගෙන ඒමට ඔබ නිහඩව කර ඇති සේවය අපමණයි.මට ඔබ හමුවූ මුල් දින මට තවමත් මතකයි.එවකට ජනතා පත්තරයේ කතුවරයා වූ ඔබ මට දුන් ගුරු හුරුකම් අදත් මතකයට නැගෙන්නේ නිහතමානී බව එදා මා වැනි නවකයෙකුට කොතරම් අගනා දැයි සිහිපත් වනවිටය.ඔබ ලන්ඩනයට පැමිණි විටදී කළ කතාබහ මට මගේ මතකයට ගෙන එන්නේ ඒ කෙටි කාලයද තම පුවත් පත් කලාවේ උන්නතියට අදාල පරිදි යොදාගත් හැටි සිහි වීමෙනි..ඔහුගේ වැඩිමල් පුතූ මුදිත මගේ සමකාලින පුවත්පත් කලාවේදියෙකු වුවා සේම,ඔහුගේ මුනුබුරවූ කුරුළු අද ඒ තුන්වන පරපුර දක්වා ගෙනයාමත් මෙහිදී සදහන් කිරීම ඔහුට කරන උපහාරයක් සලකමි. කාරියකරවන මැතිදුනි, ඔබට නිවන් සුව පතමු. ශාන්ත සේනාධිර -ලන්ඩනයෙන් (බ)

:       0       0

සමන්ති Tuesday, 21 April 2015 01:22 PM

හෙළ වියතාණනි ,ඔබට නිවන්සුව (බ)

:       0       0

සුමුදු හේවා Wednesday, 22 April 2015 05:10 AM

මෙතුමන්ගේ සිංහල භාෂා දැනුමෙන් දුහුනන්ට ලැබුණු ආලෝකය පැසසුම් කටයුතු ය. මෙතුමාට නිවන් සැප ලැබේවා! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 355 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 423 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 697 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 543 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 382 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 719 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site