IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘කාරයක් ඇමට දී මන්ත්‍රීන් බිලී බාන්න හදනවා‘

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසමේ නිලධාරීන් පාර්ලිමේන්තුවට එන බව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආණ්ඩුව තීරු බදු රහිත මිලට මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනයට අමතරව තවත් සුපිරි වාහනයක් අල්ලසක් ලෙස ලබාදෙන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් සිටින බවත් අල්ලසට මීට වඩා හොඳ නිර්වචනයක් ඇතැයි තමා නොසිතන බවත් මන්ත්‍රීවරයා කීය.

dules_2016525



අදහස් (0)

‘කාරයක් ඇමට දී මන්ත්‍රීන් බිලී බාන්න හදනවා‘

ගමගේ Wednesday, 25 May 2016 02:38 PM

නියත ලෙසම ඒකාබද්ද විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් තිරු බදුරහිත වාහන නොගෙන ජනතාව ගැන සිතා ප්‍රතික්ෂේප කරාවී.(හේ)

:       0       0

සදිසා Thursday, 26 May 2016 06:00 AM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙකුට ඔව්ව හොඳට හුරුපුදුයි! 2005න් පස්සේ වැඩිපුරම සිද්ධ වුනේ ඕක නේ! හැබැයි එදා කාර් හම්බ වුනේ නායක හාමුදුරුවරුන්ට විතරයි, මෙයාලට හම්බ වුනේ මොනරුන්ගෙන් මිලියන ගණනින්! (බ)

:       0       0

සරත් Thursday, 26 May 2016 06:09 AM

මේගොල්ලන් අල්ලස් ගැන දන්නෙම නැහැ. හරි හොඳ අය නේද? (නි)

:       0       0

සුනිල් Wednesday, 25 May 2016 03:46 PM

මේ අහිංසක කට්ටිය අල්ලස කියන වචනේ අහාපු මුල්ම අවස්ථාවනේ මේ? (හේ)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 26 May 2016 06:31 AM

මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලා වෙන්න ඇති. අනේ මගේ කට! (නි)

:       0       0

සහන් Wednesday, 25 May 2016 04:01 PM

මෙන්න බොලේ බණ කියනවෝ.(හේ)

:       0       0

රජිත් මංජුල Wednesday, 25 May 2016 04:22 PM

මාලු ඉන්නේ වතුරේනම් ගොන්නු ඉන්නේ කැලේනම් ආයුද ආම්පන්න තියාගෙන ගෙට වෙලා ඉදල වැඩක් නැනේ (බ)

:       0       0

ජයලත් Thursday, 26 May 2016 06:54 AM

18 සංශෝධනය කරනකොට ඔයාලා නිදාගෙනද හිටියේ? (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 May 2016 06:56 AM

මෙයාලා පසුගිය රජය කාලේ කොහෙද හිටියේ? (නි)

:       0       0

අසාම් Thursday, 26 May 2016 07:02 AM

ඔතන ඉන්නේ කතාකරලා තේරුමක් නැති කට්ටියක් (නි)

:       0       0

රවීන්ද්‍ර සී.කන්කානම්ගේ Wednesday, 25 May 2016 05:11 PM

අනේ ඩලස් ඔහේ රෙදි ඇඳන්ද අල්ලස් ගැන නිර්වචන දෙන්නේ..(බ)

:       0       0

නන්ද Wednesday, 25 May 2016 05:10 PM

එක් කෙනෙක් සීගිරිය බලන්නවත් ගිහින් නැහැ. තව කෙනෙක් ආත්ම ගෞරවය සම්පුර්ණයෙන් අයින් කරලා ඇමතිකමක් ගත්ත කියල ප්‍රසිද්ධියේම කියපු කෙනෙක්. මැද්දෙන් ඉන්නේ මහින්ද මහත්තය කරපු කියපු හැම එකකටම යර්ස් සර් කියපු කෙනා. ඉතින් මෙතුමාලා කියන දේවල් කොහොමද පිළිගන්නේ ? (බ)

:       0       0

ජයම්පති Wednesday, 25 May 2016 05:34 PM

එයාලගේ කාලේ ඔහොම දේවල් උනේම නැහැනේ. (ර)

:       0       0

ධම්ම Thursday, 26 May 2016 07:20 AM

කවුරුත් දන්නවා මේ සියල්ලෝම රථ ගායෙන් පෙළෙන වග. ඉතින් එයට පිළියම් යෙදීම වරදක්ද? (නි)

:       0       0

අරවින්ද Thursday, 26 May 2016 07:23 AM

ඔය කොයි කවුරු ගැනත් දැන් අපි හොඳින් තේරුම්ගෙනයි තියෙන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 May 2016 06:54 PM

පක්ෂ පාට වැඩක් නැහැ... වැරදි නම් , වැරදි කියන්න. (ර)

:       0       0

නිශාදි Thursday, 26 May 2016 08:03 AM

මේගොල්ලෝ නම් ඔය වාහන ගන්න එකක් නැහැ එ්ක ෂුවර්. බොරුනම් බලන් ඉන්නකෝ. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 26 May 2016 08:04 AM

දේශපාලකයෝ කොහොම සැළකුවත් සෑහීමකට පත්වෙන්නේ නැති කොට්ඨාශයක්. (නි)

:       0       0

අරුණ Thursday, 26 May 2016 08:05 AM

ඔයාලා යන්නේ පරම්පරාවෙන් ලැබුන වාහන වලින්ද? (නි)

:       0       0

චතුරි Thursday, 26 May 2016 08:23 AM

මන්ත්‍රීවරු කොහොමත් බිලි බාන්න දෙයක් නෑ.(හේ)

:       0       0

දීප්ත Thursday, 26 May 2016 08:23 AM

වාහන කෙසේ වෙතත් මේ අයට දැන් මන්ද පෝෂණය බලන්න, ජරාව නැතිව ඇදිලා ගිහිල්ලා වගේ ? (හේ)

:       0       0

අමිරා Wednesday, 25 May 2016 10:56 PM

ඉතිහාසයේ ප්‍රථම වතාවටනේ මේ වගේ පොදු දේපල මිලියන ගණනින් හොරකම් කළ මන්ත්‍රීන්, රාජ්‍ය නිලදාරීන් ඉන්නේ. මීට පෙර දේශපාලනය කරපු අය රටට සේවය කළා මිසක් මේ වගේ පවුල් පිටින් මහා ධන සම්බාරයක් හොරකම් කර නැහැ (නි)

:       0       0

එම්. විජයතිලක Wednesday, 25 May 2016 11:00 PM

අනේ පවු! මේ දේශප්‍රේමීන්ට තවත් ලැජ්ජා නැහැ. දේශප්‍රේමය කියන්නේ පාස්පෝර්ට් කීපයක් තියා ගැනීමද? ලිපි ලේඛන වංචනිකව සැදීමද? (නි)

:       0       0

ජොහාන් Thursday, 26 May 2016 08:43 AM

අනේ මේවගේ තුප්පහි රාලලා ටිකක් (අ)

:       0       0

එච් . පෙරේරා Thursday, 26 May 2016 08:57 AM

අපි නොදන්න මේගොල්ලෝ ගැන. මෙයාලගේ ලොක්කා ඒ කාලේ කෝටි ගණන් දීල මන්ත්‍රීන්ව බාගත්ත හැටි අපි දන්නේ නැහැනේ. (අ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 26 May 2016 12:16 AM

ඩලස්, වංශ, වාසු මොනවද මේ කරන්නේ කියලා එයාලවත් දන්නේ නැතුව ඇති (නි)

:       0       0

සමන්ති Thursday, 26 May 2016 12:54 AM

ඒකාබද්ධ ඔබලාගෙන් කීදෙනෙක් වාහන ගැනීම ප්‍රතික්ෂේප කළාද? බලපත්‍රය විකුණුවාද? පුලුවන්නම් ප්‍රසිද්ධියේ කියන්න (නි)

:       0       0

නිර්මලී Thursday, 26 May 2016 01:38 AM

අනේ! අපිට කතා ඇති දැන් (නි)

:       0       0

ලසන්ත Thursday, 26 May 2016 09:37 AM

ගන්න තරම් වටින අය ඔය පක්ෂයේ ඉන්නවද (බ)

:       0       0

ජයරත්න Thursday, 26 May 2016 09:51 AM

පලකරල තියෙන අදහස් දිහා බැලුවහම පේන්නෙ මේ රටේ බහුතරයක් මිනිස්සු පුදුම ආසාවකින් ඉන්නව වගේ මැති ඇමතිවරු ජනතා මුදල් කෝටි ගනන් වියදම් කරල අනවශ්‍ය විදිහට සුපිරි වාහන ගෙන්වනකම්. සමහර විට දැක්කත් සැපයි කියල හිතනව වෙන්න ඇති. (බ)

:       0       0

ඩිලාන් Thursday, 26 May 2016 01:46 AM

ඩලස් මහත්තයෝ, නිකම් කඩදාසි ඉස්සුවට අසන්නන්ට නරඹන්නන්ට කිසිවක් කියවා බලා අවබෝධ කරගන්නට පෙනෙන්නේ නැත. එනිසා තව මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරන්න දැනට වැරදි ලෙස සංවර්ධන සභාපතිවරු පත්කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මොනවද කියා.ඊළඟට පැහැදිලි කරන්න මන්ත්‍රීවරයෙකුට වරස දෙකක් ඇතුළත තීරුබදු සහන වාහන දෙකක් ලැබෙනවද කියා. මෙහෙන් වාහන මිල වැඩිකරලා මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන දෙක ගණනේ ගෙනෙනවද? (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 26 May 2016 02:01 AM

යුද්ධය දිනීමෙන පසු හරියට වැඩකළා නම් රට ජාතියට මෙවැනි විපතක් වෙන්නේ නැත. (නි)

:       0       0

පිටබැද්දර ජය Thursday, 26 May 2016 10:04 AM

ජය වේවා ඒකාබද්ධ ඔබලාට (බ)

:       0       0

ප්‍රියා Thursday, 26 May 2016 02:17 AM

ඩලස් හරි ඇති. මොකද ඔය වගේ අල්ලස් දී ජනතා නියෝජිතයන් තමාගේ පැත්තට අරගෙන කරන කාටුන් සෙල්ලම් අපි වගේ සාමාන්‍ය ජනතාවට වඩා මේ අය හොඳට දන්නවා. (නි)

:       0       0

උපාලි Thursday, 26 May 2016 10:15 AM

අන්න හරි, එක කාර් එකකින් නම් වැඩක් නැහැ කියල කල් ඇතුවම ඔහොම අනතුරු ඇඟව්වහම ඒ ගොල්ල බය වෙලා අල්ලස ඩබල් කරයි. (බ)

:       0       0

දුමින්ද Thursday, 26 May 2016 10:41 AM

අතීතය නැවත.(හේ)

:       0       0

ජයරත්න Thursday, 26 May 2016 02:59 AM

දැන් මේ ප්‍රකාශයට විරුද්ධව අදහස් පළකරන අය කියන්නෙ ජනතා මුදල් කෝටි ගණන් වියදම් කරලා මැති ඇමතිවරු අනවශ්‍ය විදිහට මේ වගේ සුපිරි වාහන ගෙන්වන එක හරි කියලද? (නි)

:       0       0

පීරිස් Thursday, 26 May 2016 03:21 AM

ඔය හැමෝගෙම හදවතට තට්ටු කළොත් හොඳ නිර්වචන එළියට පනීවි (නි)

:       0       0

චතුරි Thursday, 26 May 2016 11:27 AM

සාමාන්‍යයෙන් මාළුවට ඇමට දෙන්නේ පරණ පාන් කැල්ලක් හරි පණුවෙක් ඉතින් මෙයාලට කාර් එපා කියන්නේ ලැම්බෝගිනිද ඉල්ලන්නේ නිකම් දෙන අස්සයගේ දත් ගණන් කරන කට්ටියක් පසුගිය කාලේ හොරෙන් කාපු හැටි අමතකයිද (බ)

:       0       0

ඩෙන්සිල් ගුණවර්ධන Thursday, 26 May 2016 03:56 AM

අපිට කියන්න බලන්න කොමියුනිකේෂන් එකක් කරලා කෝටි පහක ගෙයක් හදපු හැටි. (බ)

:       0       0

රෝහිණී Thursday, 26 May 2016 11:46 AM

මළ හත්තතිලව්වේ කෑ ගගහ ඉන්නේ නැතුව ඕක නොගෙන ආදර්ශමත් බවක් පෙන්වන්නකෝ. ඕකත් අරන් බොරුවට අපිට ඇහෙන්න කෑ ගහනවා. අපි නොදන්න බබාල ටික​. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 May 2016 04:22 AM

මේගොල්ලෝ මෙච්චරකල් රහත්වෙලා වගෙයිද ඉඳලා තියෙන්නේ? (නි)

:       0       0

බුද්ධි Thursday, 26 May 2016 05:01 AM

කෑ නොගහා තමන්ට ලැබෙන වාහනය නොගෙන රටට ඇත්තටම ආදරෙයි කියලා ක්‍රියාවෙන් පෙන්වන්නකෝ (නි)

:       0       0

නිශාන්ත Thursday, 26 May 2016 05:21 AM

ජනතාව අහුවෙන්නේ නැහැ දැන්. නියම පිළිතුර 2020 ලැබෙයි (නි)

:       0       0

උපාලි Wednesday, 25 May 2016 02:09 PM

ඔය ළඟ ඉන්න අයගෙන් ඔයිට වඩා හොඳ නිර්වචන අහගන්න තිබුනනේ. (බ)

:       0       0

රුවන් Thursday, 26 May 2016 05:22 AM

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔබතුමාලා අල්ලස් ගත්තයි පිළිගන්නවා. එතකොට නොගත්තා නම් අල්ලස් කොමිසමට ආවහම මොකද? (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 25 May 2016 02:28 PM

අල්ලස්ස් කොමිසම කොහොමද? ඒ කලේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනේ ලොක්කට ඉහලින් වැඩ කරපු සියලු දෙනාට වුන දේ ඔබලාට අමතක වුනාට අපට අමතක නැහැ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 462 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 375 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 476 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 688 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site