IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොරියානුවාගේ ඩොලර් කටුනායක හිරවේ

රුපියල් ලක්ෂ පහලොවක්  පමණ වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන  ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිනි කොරියානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සහ රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු 40 හැවිරිදි  වියේ පසුවන පුද්ගලයෙකි. ඔහු පසුගිය සිකුරාදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් ප‍්‍රමාණය  ඇමරිකානු ඩොලර් එකොලොස් දහස් හත්සීයකි.  

සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 123 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

එහිදී  සහකාර රේගු අධිකාරී අසංක ප‍්‍රියදර්ශක මහතාට ඇති වූ සැකයක් මත ඔහුගේ  ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගය සොයාගෙන ඇත.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා විසින් එම මුදල් රාජසන්තක කර කොරියානු ජාතිකයාට තරයේ අවවාද කර ඔහු මුදා හැරියේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන  අසංක ප‍්‍රියදර්ශන,  ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා,  එච්.ඒ.ඞී.ඞී දේවනාත්, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ජී.කේ.එන් පෙරේරා, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.



අදහස් (0)

කොරියානුවාගේ ඩොලර් කටුනායක හිරවේ

උපාලි Monday, 09 September 2013 01:33 PM

මේ අදහස් දාන සමහර අය අපේ හෝ වෙන රටක හෝ ගුවන් තොටුපලක් හරහා ගිහින් නැතුව ඇති. ඕන තරමක් සල්ලි ගෙනියන්න පුළුවන්. නමුත් රේගුවට ලිඛිතව ප්‍රකාශ කල යුතුයි. එච්චරයි. ලංකාවේ මගේ හිතේ ඇමෙරිකන් ඩොලර් 10,000 ට වැඩි නම් ප්‍රකාශ කල යුතුයි. ඔන්න ඔය නීතිය කැඩුවොත් තමයි ඔවුන්ව අත්අඩංගුවට අරන් මුදල් රාජ සන්තක කරන්නේ. (ස)

:       1       0

ද සිල්වා බෙර්ලින් Monday, 09 September 2013 01:43 PM

ඕනෑම ප්‍රමාණයක විදේශ මුදල් රට තුලට ගෙන යාමට සහ රටින් පිටතට ගෙන යාමට පුළුවන්. නමුත් එම මුදල ශ්‍රී ලංකාවේදී නම් ඩොලර් 10,000 වැඩි නම් ප්‍රකාශ කල යුතුයි , ජර්මනියේ නම් යුරෝ 10,000 , නීතියට අනුව එම මුදල් රාජ සන්තක කලහැක. නමුත් මානුෂික පැත්තෙන් බලන කොට ඩොලර් 11,000 කියනේ සාමාන්‍යයෙන් සංචාරකයකු ගෙන යන පොකෙට් මනී. (ස)

:       0       0

චමත්- මෙල්බන් Monday, 09 September 2013 01:57 PM

මම දකින විදියට මේ කොරියානු ජාතිකයා වරදක් කරලා ඇති.සමහර විට ඔහු ලංකාවට එනකොට මේ තරම් මුදලක් ගෙන එන්න නැතුව ඇති.එහෙමත් නැත්නම් රේගුව ලංකාවට ගෙන එන මුදල් ප්‍රමාණය දැනුම් නොදෙන්න ඇති.ප්‍රශ්නය ඇති වෙන්නේ එතනදී.සංචාරයකු රට ඇතුලට ගෙන නොආපු මුදල් රටින් පිට වෙනකොට ගෙනි යන්නේ කොහොමද කියන එක. අනිත් කාරණය දිල්ෂානි කිව්වට අපිට ඕන විදියට රටකින් සුට්කේස් ගණන් මුදල් රටකින් පිට කරන්න බැහැ. ඒ ඒ රටවලට අයත් නීති පද්තියට යටත්වයි රටකින් මුදල් පිට කර හැක්කේ. ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව එක මගියෙකුට ඩොලර් 10,000/= උපරිමයකට යටත් වේ.ඊට වැඩි වන්නේ නම් ඒ මුදල ඔහු රේගුවට දැනුම් දිය යුතුයි. රේගුවට ඒ බව දැනුම් දුන් පසු ඇති වෙන තත්වය මා දන්නේ නැත . මොකද මම එකවර එවැනි මුදලක් රටින් පිටකර නැත.නාලක අහලා තිබුණා කාඩ් එකේ තිබුනට අවුලක් නැද්ද කියලා.මම දන්නා විදියට නම් එකේ අවුලක් නැත .මුදල් {කොළ} ගෙන යාම තම ප්‍රශ්නය.අපි අපහු කොරියන් සංචාරකයාගේ ප්‍රශ්නයට යමු.මා දකිනා විදියට මොහු රටින් පිට කිරීමට ගිය මුදල් ගෙන රේගුවට දැනුම් නොදීම තමයි ප්‍රශ්නය. විදේශිකයෙකුට ලංකාවෙන් එක වරකට ගෙන යා හැකි උපරිම මුදල කොතෙක් ද කියා මා දන්නේ නැත.මගේ දැනුමේ හැටියටයි මේ පිලිබදව කතා කලේ. මා වැරදි නම් නිවැරදි කරන්න.එය නිහතමානිව පිලිගනිමි. (ස)

:       0       0

දම්මික පෙරේරා Monday, 09 September 2013 02:34 PM

බොහෝ දෙනෙකු ලංකාවේ සංචාරක නීති නොදන්නා වගේ.රටකට එන විට ක්‍රෙඩිට් කාඩ් පතක් නෙවේ නම් . මුදල් වලින් ගෙන ඒමට හැක්කේ ඇමරිකානු ඩොලර් 15,000ක උපරිමයකි . නමුත් මෙය ඇතුල් වීමේදී රේගුවට ප්‍රකාශ කල යුතුය . එවිට ඔහු නැවත යනවිට එම මුදල හෝ එයට අඩු මුදලක් කිසිම ප්‍රශ්නයක් නොමැතිව රැගෙන අපාසු යාහැක . එසේ නොමැතිව කෙනෙකු රටින් විශාල මුදලක් රැගෙන යන්නේ නම් එය නීති විරෝධී දෙයකි . දඩයක් ගසා මුදල් රාජ සන්තක කිරීමට රේගුවට බලය තිබේ . (ස)

:       0       0

සේරම් Monday, 09 September 2013 02:33 PM

අද කාලයේ කිසිම සංචාරයකු විශාල මුදල් ප්‍රමාණයක් මෙසේ අරගෙන යන්නේ නැහැ. හේතුව ආරක්ෂාව සහ රටින් රටට තිබෙන නීති රීති නිසා . බොහෝ විට ඩොලර් 3000 කට අඩු ප්‍රමානයක් මෙසේ අරගෙන යා හැක ප්‍රස්නයක් නොමැතිව. රටින් රටට ගෙන යා හැකි සග රැගෙන ඒමට හැකි මුදල් ප්‍රමාණය වෙනස්ය. ඕනේ නම් සංචාරක මුදල් පත් ( ට්‍රැවල චෙක් ) ප්‍රස්නයක් නැතිව ගෙන යා හැක. මෙලෙස මුදල් රටින් ගෙන යන්නන් බොහෝ විට හොර වෙළදාම කරන කොටසකි. ලංකාවට මෙහෙම මුදල් රැගෙන සංචාරකයන් එන්නේ නැත. මොවුන් වංචා කාරයන් විය හැක.(නදී)

:       0       0

මර්සි ලංකා Monday, 09 September 2013 02:44 PM

මෙම කොරියන් මිනිසා වරදක් කර නොමැති නම් ඔහුට පුළුවන් තමන්ගේ තානාපති කාර්යාලයට දැනුම් දීලා මෙය බේරුමක් කර ගන්න.එසේ නොකරන්නේ මොකක් හෝ හොරයක් නිසා. කවුද තමන්ගේ සල්ලි නිකන් දීලා යන්නේ. අනික මේ වගේ ලොකු මුදලක් ඩොලර් 11000ක් . මොහු සොරෙකු විය හැකිය. (ස)

:       0       0

මර්සි ලංකා Monday, 09 September 2013 02:44 PM

මෙම කොරියන් මිනිසා වරදක් කර නොමැති නම් ඔහුට පුළුවන් තමන්ගේ තානාපති කාර්යාලයට දැනුම් දීලා මෙය බේරුමක් කර ගන්න. එසේ නොකරන්නේ මොකක් හෝ හොරයක් නිසා. කවුද තමන්ගේ සල්ලි නිකන් දීල යන්නේ මේවගේ ලොකු මුදලක් ඩොලර් 11000ක් .(නදී)

:       0       0

හේමන්ත Monday, 09 September 2013 02:41 PM

විදේශීය මුදල් රටට ගෙන ඒමත් රටින් ගෙන යාමත් පිළිබද පැහැදිලි ප්‍රකාශ කාගේත් දැන ගැනීම පිණිස, රට රටවල ලංකා තානාපති කාර්යාල වෙබ් සයිට් වලින් හෝ වෙනයම් මාර්ගයකින් හෝ සංචාරකයන් දැනුවත් කල යුතුයි. සැබවින්ම සංචාරයේ යෙදන කිසිවකුගේ මුදල් රාජ සන්තක කරන්න පෙර ඔවුන්ව දැනුවත් කර තැබීම වටී.(නදී)

:       0       0

ටිරල් Monday, 09 September 2013 09:37 AM

පිටරැටියකුට පිටරට මුදල් ලංකාවෙන් ගෙන යාමට බැරි ඇයි ? (ස)

:       0       0

දිල්ෂානි Monday, 09 September 2013 10:09 AM

ඒ මුදල් ඔහුගේම මුදල් නම් ඔහුට එය ගෙන යාමට බැරිද?සංචාරකයෙකුට 11 ලක්ෂයක් කියන්නේ ලොකු දෙයක් නෙවේ.ඔහුට ඉන්දියාවේ සංචාරය කිරීමට තිබු මුදල් විය හැකි නොවේද?ඔහුට හෝටලේක ඉන්න, කන්න, බොන්න, වෑන් එකක් හයර් එකට අරන් ටජ් මහල් බලන්න යන්න, ඉන්දියාවේ කොච්චර තැන් තියෙනවද බලන්න.අනෙක් එක කොරියාව දුප්පත් රටක් නෙවේ.අනේ මන්දා. (ස)

:       0       0

ධම්ම Monday, 09 September 2013 10:18 AM

සල්ලි බෑග්වල දාලා හංගාගෙන යන්න බෑ. රට තුලට එනවිට සහ රටින් පිටවන විට මුදල් රැගෙන යාමේ ක්‍රමවේදයක් තියෙනවා. (දී)

:       0       0

තිලින බණ්ඩාර Monday, 09 September 2013 10:44 AM

ලංකාවේ මේ නිතිය හදලා තියෙන්නේ කවුද

:       0       0

ලුම්බිණි Monday, 09 September 2013 10:41 AM

මේ සල්ලි සංචාරකයා ගෙනාපු සල්ලි නොවේ නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒත් මේවා එම පුද්ගලයාගේ නම්? විදේශිකයන්ගේ අතේ තිබෙන සල්ලි මේ විදියට මංකොල්ල කන්න ගියොත් නම් අපට දෙවියන්ගේම පිහිටයි. (දී)

:       0       0

උපක්ෂනී - ක්වේට් Monday, 09 September 2013 04:32 PM

මගේ දරුවන් සඳහා මිලදී ගත් රත්රන් ග්‍රෑම් 100 ක් ඇත. එය ලංකාවට ගෙන යාමෙදී ලංකා සහ කුවේට් රේගුවේ නීතිමය තත්වය දන් වන්නේ නම් ස්තූතිවන්ට වෙමි. සියලු බිල්පත් මම ළඟ තිබේ. මෙයට බදු අය කරයිද. . (ස)

:       0       0

ටිරල් Monday, 09 September 2013 10:52 AM

කරුණ කරලා කවුරුහරී කීයන්න මොකක්ද ක්‍රමවේදය කීයල > (දී)

:       0       0

බණ්ඩාර Monday, 09 September 2013 11:04 AM

දන්නා දෙයක් කියන්න. මොන රටෙත් ඔහොම සල්ලි බෑග් වල අරන් යන්න බෑ. නිකන් මෝඩකම පෙන්නන්නේ නැතුව ඉන්න. (ස)

:       0       0

සමන්ත Monday, 09 September 2013 11:14 AM

දිල්ෂානි ඔබ හරි මම ඉන්නේ දෝහා කටාර් වල ලංකාවේ මේ නීති විහිළුවක් තවත් මිනිහෙක් අපේ රටට එයිද අනික ඔය මුදල ලොකු මුදලක්ද විදෙසිකයකුට හැරෙන්නත් මදි (මෙහෙ සල්ලි වලින් රියල් 41,600) මේ රටවල් වල ඔය විකාර නැහැ ඔනිතරම් සල්ලි ආබරණ ගෙනියන්න පුලුවන් තමාගේම නම් නීති තියෙනවා අවශ්‍ය දෙයට හොර බොරු දුසන මිනීමැරුම් ජාවාරම් මත්ද්‍රවිය කොහෙත්ම බැහැ නිතිය කටත් පොදුයි මේ දේවල් වෙනස් වෙන්න ඕනි (දී)

:       0       0

සතාසිවම් Monday, 09 September 2013 11:22 AM

අඩේ අප්ප ඔව්. බණ්ඩාර වගේ පස්සෙන් අරන් යන්න තමා ඕනේ (දී)

:       0       0

දිල්ශානි Monday, 09 September 2013 11:23 AM

මම පිට රට ඉඳල එනකොට ඔයිට වඩා මුදලක් ගෙනාපු නිසා මම කියන්නේ.එහෙනම් ඒ සල්ලි ඒ රටේ ඓර්පොර්ට් එකේදී ගත්තනම් මට දෙවියන්ගේම පිහිට තමා.නමුත් ඒ රටවල් දන්නවා ඒවා අපි දුක් මහන්සියෙන් උපයාපු මුදල් බව.මෙහෙම යනකොට සංචාරක කුරුල්ලෙක් වත් ඔය පැත්තෙන් පියාබන එකක් නැහැ. (දී)

:       0       0

නාලක Monday, 09 September 2013 11:50 AM

අතේ ගෙනාවොත් විතරද අල්ලන්නේ.කාඩ් එකේ තිබුනට අවුලක් නැද්ද . (දී)

:       0       0

තාරක Monday, 09 September 2013 11:44 AM

කොරියන් මිනිස්සුන්ට ලක්ෂ පහලව ටොයිස් (දී)

:       0       0

ටිරල් Monday, 09 September 2013 11:50 AM

බණ්ඩාර ,කොහොමද ගෙනියන්නේ .ලක්ෂ පහලොවක් කෝරියන් කාරයන්ට ලොකු මුදලක් නොවයෙයි . සමහර වීට මුදල් ඔහුගේ වෙන්න බැරිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1057 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 66 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1134 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 189 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2032 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32275 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23826 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site