IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කාරයෙන් ගංජා පනී

රුපියල් ලක්ෂ අටක පමණ වටිනා ගංජා කිලෝග්‍රැම් විසිපහක් සමග සැකකරුවෙකු  කෑගල්ල නගරයේ තටාක පාරේ දි  අත්අඩංගුවට ගත් බව  කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.

 සැකකරු   45  වියැති තිදරු පියෙකි.   ඔහු  මීට පෙරද ගංජා ප්‍රවාහනය කර අත් අඩංගුවට පත්ව  ඒ සම්බන්දයෙන් මහාධිකරණයේ නඩුවක් පවතින බවද සුරාබදු නිලධාරීහු පවසති.

සුරාබදු නිලධාරින් සති කීහිපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයකින් පසුව මෙම වැටලිම සිදුකර ඇති අතර සැකකරුගේ මෝටර් රථය පසු පස ෂුක්ෂම අයුරින් හබා ගොස් කෑගල්ල තටාක පාරේදි මෝටර් රථය නවතා මෙම වැටලීම සිදුකර  ඇත.

මෝටර් රථයේ රෝද හතරට ඉහලින් ගංජා පාර්සල් ලෙස අසුරා   පිටතට නොපෙනෙන ලෙස යටින් ඇලුමිනියම් තහඩු ඇණ මගින් සවිකර තිබු බව සුරාබදු නිලධාරීහු පවසති.

සැකකරු කාලයක් තිස්සේ  අදාල මෝටර් රථය උපයෝගි කරගෙන  ගංජා ප්‍රවාහණය කර ඇති අතර එක් ගමන් වාරයක් සදහා ඔහුට රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් ලැබෙන බව සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්චාරනය කර ඇත.

සැකකරු මෙම ගංජා කෑගල්ල ප්‍රදේශයේ ගංජා ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයෙකුට ලබා දිමට රැගෙන ආ බව සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.

මෙම ව්‍යාපාරය අගුණකොලපැලස්ස ප්‍රදේශයේ  පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට සුරාබදු නිලධාරින්ට තොරතුරු ලැබි ඇත.

මෙම වැටලිම සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතාගේ නියෝග මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) ජේ.පුෂ්පකුමාර සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ සුරාබදු අධිකාරි රොහාන් විජේරත්න මහතාගේ සහ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ඒ.ආර්.ලැම්බට් මහතාගේ මෙහෙයවිම මත සුරාබදු පරික්ෂකවරුන් වන ඒ.ටි.විරමන්, උපුල් සෙනවිරත්න, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිණි, සුරාබදු නියාමකවරුන් වන අරවින්ද, අරුණ චන්ද්‍රසිරි, සුරාබදු රියදුරු ප්‍රභාත් ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් සිදුකර ඇත.

 1 2 5 7 IMG_20160107_092834

 



අදහස් (0)

කාරයෙන් ගංජා පනී

නිශාර්ඩ් ප්‍රීනා Friday, 08 January 2016 03:10 AM

මොන විදියේ ක්‍රම සහ විධි භාවිතා කලත් කවද හරි මට්ටු වෙනවමයි. (ම)

:       0       0

නිහාල් Friday, 08 January 2016 06:20 AM

මත් ද්‍රව්‍ය අනවසර දැව හොරබඩු ප්‍රවාහනය කරන වාහන සේරම රාජසන්තක කරන නීති ගෙනෙන්න ඕන (බ)

:       0       0

ලක්මාල් Friday, 08 January 2016 04:43 AM

මිනිහට නඩු තිබිලත් එකම වරද නැවත කරන්නේ බය නැති කම නිසානේ? නීතිය මීට වඩා තද විය යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3163 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2292 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3150 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3043 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1348 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36076 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site