IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කූරියර් සමාගම ගඳ වැඩක් කරලා

 කූරියර් සේවවාකින් සිංගප්පුරුවට යැවීමට සුදානම් කර තිබූ  වල්ලා පට්ටා හෝ සුදු හඳුන් තෙල් අඩංගු බවට සැකකරන කිලෝගෑම් පනහක් බරැති ඇළුමිනියම් කෑන් දෙකක් කටුනායක ගුවන් බඩු පර්යන්තයේදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු  නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

මෙහි වටිනාකම රුපියල් කෝටිය ඉකමවනු ඇතැයි රේගුව කියයි.

 
කොළඹ ප‍්‍රදේශයේ අපනයනකරුවෙකු විසින් සාම්පල සහ ලියකියවිලි  බවට රේගුවට ප‍්‍රකාශ කරමින් කූරියර් සේවයක් හරහා මෙම භාන්ඩ සිංගප්පුරුවට යැවීමට උත්සහ කර තිබු බව රේගුව කියයි.

අදාල කූරියර් ආයතනය හරහා මිට මාස හයකට පමණ පෙරද කොතල හිඹුටු කිලෝ ග‍්‍රෑම් තුන්සීයක් පමණ මේ අයුරින්ම මෙරටින් පිට කිරීමට  උත්සහ කරද්දි රේගුවට අසු විය. 

රේගු නිලධාරීන් විසින්  කූරියර් බෑග් මළු  පරීක්ෂා කරද්දී  ලී සිලින්ඩර දෙකක් තුලට දමා තිබූ තෙල් අඩංගු මෙම අලූමිනියම් කෑන් සොයා ගෙන ඇත.

රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසූවේ වල්ලා පට්ටා මෙරටින් පිට කිරීමේ ජාවාරමක් පිළිබඳ මාස තුනක සිට  විමර්ශනය කරමින් සිටි රේගු ජෛව වවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද  අලූයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 302 දරණ ගුවන්යානායන් සිංගප්පුරුව බලා යැවීමට කටුනායක ගුවන් බඩු පර්යන්තයට ගෙනවිත් තිබියදී මෙය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.


 මෙහි ජාවාරමකරුවන් කොටු කර ගැනීම සඳහා රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ  උපදෙස් මත  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඞී නිකොලොස් මහතාගේ මෙයෙවීමෙන් රේගු අධිකාරී ආර්.ඞී නියරපොළ, නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප‍්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, සහන් ජයසිංහ, ඩිලාන් වීරරත්න සහ දමින්ද ජයසිංහ යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.

 



අදහස් (0)

කූරියර් සමාගම ගඳ වැඩක් කරලා

පිටබැද්දර ජයා Tuesday, 08 October 2013 04:13 PM

අනේ මහතුනේ ඔබ තුමන්ලා පැය විසි හතරේම අවධානයෙන් ඉඳන් කරන සේවය ඉතාම ඉහලයි. කොහොම හරි මේ ජඩයෝ ටික අල්ලලා ඉහලම දඬුවම් දෙන්න. අපේ සුබ පැතුම්. (ස)

:       0       0

නිමල් Wednesday, 09 October 2013 09:19 AM

කළයුතු එකම දෙය මෙම ද්‍රව්‍යය සාමාන්‍ය බඩු බවට සහතික කළ පනත,කුරියර් සමාගමේ වේවා, රජයේ වේවා සේවයෙන් පහ කර නීති මගින් කටයුතු කිරීමයි. දඬුවම අනිවාර්ය විය යුතුයි (නි)

:       0       0

සඳු Tuesday, 08 October 2013 04:35 PM

රේගුව මාරයිනේ??? (ස)

:       0       0

රන්ජිත් Tuesday, 08 October 2013 02:12 PM

අපේ හොඳ නිලධාරීන් නීතියට වැඩ කරද්දී දඬුවම් දෙන එක නම් වෙන්නේ නැහැ වගේ. ඔය අත්වැරැද්දත් හරියට වහනකම් ආශ්චර්යට නම් යන්න බැහැ. විස්තර දුන් ලංකාදීපයට ගරු කරමු. (නි)

:       0       0

උපාලි ගුණසේකර Wednesday, 09 October 2013 06:09 AM

රේගුවේ පැරණි සුහද මිතුරු සමන්ත ඇතුළු ජෛව විවිධත්ව ඒකකයේ සැමට උණුසුම් සුබපැතුම්. රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙවර තව තවත් ඉදිරියටම යේවා. (අ)

:       0       0

සෙයිලනිකස් Tuesday, 08 October 2013 02:57 PM

තේ, පොල්, රබර් වගාව නවතා වල්ලා පට්ටා වගා කලොත් නරක ද ? (ස)

:       0       0

මිනිපෙ Tuesday, 08 October 2013 07:55 PM

මොනවද ඔය වල්ලපට්ට කියන්නේ? (නි)

:       0       0

දර්ශන් Tuesday, 08 October 2013 03:45 PM

නිලධාරීන්ට උපහාරය, වැරදි කරුවන්ට මෙතෙක් ලබා දුන් දඩුවම් මොනවාද? (ස)

:       0       0

සෙන්තිල් Tuesday, 08 October 2013 08:05 PM

මොකද නැද්ද මේකට සිංහල අයගේ අදහස්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 811 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1727 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 821 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 789 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 779 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20105 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16840 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site