IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ තහනම්

යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේතනායගම් මහතා මින් ඉදිරියට තම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සඳහා අවසරය නොදීමට තීරණය කර ඇත.

මෙයට හේතුව වී ඇත්තේ පසුගිය දිනෙක යාපනය පළාත් සභාවේ සාමාජිකයින් කිහිපදෙනෙක් පැවැත්වූ උද්ඝෝෂණයක් නිසාවෙන් ඔහුට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයකි.

රජය බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගනිමින් සිටිනා බව කියමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී තිබෙන ඔවුහු පසුව දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට ගොස් ඔහු අතට පෙත්සමක් භාරදී ඇත.

පෙත්සම භාරගෙන ඇති වේතනායගම් මහතා එය අදාළ බලධාරීන්ගේ අවධානයට යොමුකරන බවට සහතිකවී තිබේ.නමුත් එය පිළිගැනීමට උද්ඝෝෂකයන් කැමැත්තක් දක්වා නැත.

ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් කාර්යාලය ඉදිරිපස රැදී සිටින බව පවසා ඔවුන් ඉවත්ව ගොස් ඇත්තේ වේතනායගම් මහතාගේ කාර්යාල දොර වසා අගුලද දමාගෙනය.

වහාම පොලිසිය කැදවුවද විරෝධතාකරුවන් කාර්යාලයට ඇතුල් වන වැරැන්ඩාව අවහිර කරමින් එහි වාඩිවී සිටි බැවින් වේතනායගම් මහතාට ළඟාවීමට පොලිස් නිලධරයින්ට හැකිව නොමැත.

බොහෝ වේලාවක් බලා සිටියද උද්ඝෝෂකයන් ඉවත් නොවූ තැන ඔහු කාර්යාලයේ පිටුපස දොර හැරගෙන පිටව ගොස් තිබේ.

දැන් ඔහු පොලිස් ආරක්ෂාවද ඉල්ලා තිබෙන අතර උතුරු පළාත් පොලිස් අධිකාරිවරයා වෙත තම කාර්යාල භූමියට ආරක්ෂාව සළසන ලෙස දන්වමින් ලිපියක්ද යවා ඇත.



අදහස් (0)

කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ තහනම්

ධම්ම Sunday, 17 April 2016 02:34 PM

ඉඩම් ඇමතිතුමාට මේ ප්‍රශ්නය ඉදිරිපත්කළා නම් ක්ෂණික පිළිතුරක් ගන්න තිබුනා. එතුමා ඉතා කාර්යශීලී ඇමතිවරයෙකු බව රටට පෙන්වා දී තිබෙනවා. (නි)

:       0       0

උපසේන Monday, 18 April 2016 03:18 AM

දැන් උද්ඝෝෂණ කරන එක විලාසිතාවක් වෙලානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 34 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 326 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 468 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 536 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 315 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 175 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site