IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කාරයේ මියගිය අය හඳුනා ගනී

පානදුර නරගය ආසන්නයේ කාරයක මියගොස් සිටි පුද්ගලයා ප්‍රංශයේ හා ඉතාලියේ සිට වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරයන (40) ලෙස ඔහුගේ මව ද සහෝදරයකු ද හඳුනාගත් බව පොලිසිය කියයි. ඔහුගේ බිරිය ඉතාලියේ සිට හෙට ලංකාවට පැමිණීමට නියමිත බව ද කියයි. ඔහුගේ නාහයෙන් ලේ ගැලීමක් දක්නට ඇති අතර කමිසයේ මඩ පාරක් ඇතැයි ද පොලිසිය පවසයි. රෑ කෑමට ගෙදර එන බව කියා පිට වී ගිය බව මවත් සහෝදරයාත් පොලිසියට පැවැසූහ. රාත්‍රී 7.30 සිට කාරය එතැන තිබූ බව අසල් වැසියන් පොලිසිය කියා ඇත.



අදහස් (0)

කාරයේ මියගිය අය හඳුනා ගනී

සුමනසිරි Tuesday, 02 July 2013 07:34 AM

මොනවද මේ අහන්න ලැබෙන කතා? (නි)

:       0       0

පද්මා Tuesday, 02 July 2013 08:27 AM

ලෝකෙන් ණයට කන ඊනියා ජාතිවාදියෝ ටික චුන් වෙලා තියෙන්නේ. මළත් මගේ දේ මගේ රට හොදයි උතුම් කියලා කොහේ හරි දේශපාලුවෙක්ට අරක්කු බාගෙට වන්දිබට්ටකම් කරලා කතිරේ ගහන අයට තරහ ගොහින්.ලෝකේ 68 වෙනි හොදම රට ලංකාව කියලා මම නෙමෙයි කියන්නේ ලෝකය... වාර්තා කියවන්න. (නි)

:       0       0

පෙරේරා Monday, 01 July 2013 12:11 PM

බොහෝවිට රට සිට පැමිණෙන අයට ඇති ප්‍රශ්නයක් තමා අධික මේද ඇග තිබීම. මේකට විදෙස් සේවා කාර්යාලය ගුවන් තොටුපලේ වෛද්‍ය සායනයක් පටන්ගෙන එන අයගේ ලේ මුත්‍ර සම්පුර්ණ පරික්ෂාවකට සාම්පල ගත යුතුයි. පළමු සතිය තුලම අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි. නැත්නම් අකාලයේ විදෙස් ශ්‍රමිකයන් මැරිලා යනවා. (දී)

:       0       0

පද්මා Monday, 01 July 2013 12:21 PM

ඇයි ප්‍රන්ශය ,ඉතාලිය දාලා ආවේ? එහෙ හිටියා නම් මෙහෙම දෙයක් නොවන්න බොහෝ විට ඉඩ තිබුනා.හොර තක්කඩියෝ මිනි මරුවෝ පිරිච්ච රටක් හරි උතුම් කියා හිතාගෙන ආවම ඔහොම වෙනවා.... (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 12:29 PM

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර 'බයිපාස්' සැත්කම් බහුලව සිදුවීම සියල්ල සැලකිල්ලට ගත යුතුයි. තම රුධිරය සහ සාමාන්‍ය ශරීර තත්වය මාස හයකට වරක්වත් පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් පරීක්ෂා කරගන්න. අධික බීමතට ඇබ්බැහිවී සිටීමද මෙයට හේතුවකි. (දී)

:       0       0

රූපවතී Monday, 01 July 2013 07:17 PM

තිබුනට වැඩකුත් නැහැනි ,,,? ඔය ඉස්කෝල ටික කඩල දමල තව හිර ගෙවල් ටිකක් හදමු....? පොඩි උන්ගේ ආරක්ෂාවට ගෙදර තියාගන්න එකනි දැන් හොදම ක්‍රමයත් ....?මිනි මරුවන් වෙනුවෙන් උපරිම පහසුකම් තියෙන්න ඕන .....? (අ)

:       0       0

තුෂාර-ඩුබායි Monday, 01 July 2013 07:58 PM

මේකේ අදහස් දාල තියෙන හරක්ට කියන්නේ. හරකුනේ මිනිහෙක් මැරිලා හරි මරලා හරි තියෙන්නේ. ඉතාලිය ගැන කියන්නයි, මේදය ගැන කියන්නයි ඔබ තුමන්ලා මන්ද බුද්දීකයෝද? අනුන්ට කියන්න කලින් තමන්ගේම මොළ ගෙඩිය ටිකක් පරික්ෂා කරගන්නවා හොඳා. විශේෂයෙන්ම මාටින් ලොක්කා,ඉන්දික ඉන්දික යෝදයා, ම.බුද්දික,පෙරේරා,කට වාචාල පද්මා නැන්දා,සියල්ල දත් ගලබොඩ මාමා,හි..හි..පිටිගල අන්කල් ඔයාටත් කියන්නේ අදාල දේට අනුව අදහස් දාන්න.බැරිනම් නිකා ඉන්නවා හොඳා.(නදී)

:       0       0

සුනිල් විමලසූරිය Monday, 01 July 2013 02:03 PM

පද්මා ඔයා හරි පරිස්සමින්. ඇත්ත කතා කරන අයට ජීවිත හරි අවදාකම් ලංකාවේ.(නදී)

:       0       0

ශිරෝමි Monday, 01 July 2013 09:25 PM

තුෂාර ඩුබෛ- මට කියන්න ඕන ටික ඔයා කිව්වා. ඉස්තුති ඔයාට (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 01 July 2013 02:40 PM

අපේ උගත් ලේක්කෝ ගලබඩයානන් ඉහත දක්වා ඇති අදහස අනුමත කරන අතර ශ්‍රි ලාංකිකයින්ගේ බීමතට අමතරව අධික ලෙස හරක් මස් අනුභවයද මෙම තත්වයන්ට හේතු වනවා නොඅනුමානය. ලාබෙට හරක් මස් විකුණන 'ටිච්නේසි' මස් කඩේට ගියා නම් බලාගන්න පුළුවන් අපේ අය පෝලිමේ ඉන්න හැටි. මෙහි අඩු මිලට විකිනෙන්නේ කිරි ගෙන ඉවරවූ වයසක දෙනුන්ගේ මස්ය. (දී)

:       0       0

අනුර Monday, 01 July 2013 02:43 PM

ගුවන් තොටුපොළ මල මුත්‍රා පරීක්ෂා කරන ආයතනයක් නොවේ.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 01 July 2013 02:53 PM

ශ්‍රමිකයින්ගේ ඇඟේ අධික මේද තියෙන්න පුලුවන්ද?(නදී)

:       0       0

සම්පත් Monday, 01 July 2013 10:36 PM

පද්ම ඔයා ඉතාලි ගිහින් හිගා කෑවට අපට ප්‍රශනයක් නැහැ. එත් මේ අප උපන් පුණ්‍ය භූමියට අගෞරව කරන්නෙපා. අතට සල්ලි කියක් හරි හම්බ වෙනකොට අම්ම තාත්තා අමතක කරන්නේ ඔයාල වගේ ය තමයි (අ)

:       0       0

සේනානායක Monday, 01 July 2013 03:06 PM

පද්මාගේ නම වෙනස් කර ගත්තා නම් හොඳ නැද්ද?:? (දී)

:       0       0

සුජා Wednesday, 03 July 2013 05:12 PM

මේවට ලියන්නේ බත් කන හරක්ද කියලත් හිතෙනවා. ලිපිය කියවලා අදාල දෙයක් ලියන්න. මේ වගේ මෝඩ කතා ලියන්නේ ඇයි? (නි)

:       0       0

ජීවන්ත Monday, 01 July 2013 03:13 PM

පෙරේරා, ඔය කියන පරීක්ෂාවන් කරන්න විදෙස් රටවල පහසුකම් නැද්ද, ඒකත් පුළුවන් සිරි ලංකාවට විතරද ? (දී)

:       0       0

සසද Friday, 05 July 2013 04:35 AM

අහෝ පද්මා... දුකකි නුඹ වැදූ මාපියන් ගැන. ඔයාලා වගෙ අය තමයි මේ රටට හෙනේ. මෙහෙ ඉපදිලා, මෙහෙන් කාල, මෙහෙ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන (සැකයි ), පිටරට සුද්දන්ගෙ වහල් වැඩ කරන ඔයාලා වගේ අය වදාපු මාපියන්ටත් ලැජ්ජයි. වෙලාවට ලක් මෑණියන් ඔයාලා වගේ අය දරාගෙන ඉන්න තරම් පවු කරල නෑ.(නද)

:       0       0

ශෙහාන් Tuesday, 02 July 2013 12:12 AM

ඔයා කියපු දේ හරියට හරි තුෂාර.(අ)

:       0       0

සුරාජ් Tuesday, 02 July 2013 12:15 AM

පද්මා ඔයා ලංකාවට එනකන් අපි බලන් ඉන්නවා ඔයාව සාදරයෙන් පිළිගන්ඩ. (අ)

:       0       0

මොහෙමඩ් Monday, 01 July 2013 03:35 PM

කන බොන මනුස්සයෙක්. මොනවා වුනත් තාම මරණය වුන ආකාරය දොස්තර කෙනෙක් කියලා නැහැ. සමහරු ඉන්නවා හෙට මැරුණත් සිතට සැපයි අද ජොලි කරලා කියලා ජිවත් වෙන. සමාදානයේ සැතපේවා පතමි (දී)

:       0       0

පෙරේරා Monday, 01 July 2013 03:51 PM

මොකද පද්මා, එහෙම එව්වෝ නැති රටක් දැකලා අහලා තියෙනවද?  මී දෙනක් වුනාට තප්පුලන්න එපා. දෙයියනේ කියලා ඔයත් වෙන රටකට වෙලා ඉන්නකෝ. මේකේ ඉදන් රටට අපහාස කරන්නේ නැතුව.(නදී)

:       0       0

ඉන්දික Monday, 01 July 2013 04:17 PM

පද්මල වගේ හොද අය රට ඇරලා ගියහම නිකන්ම ඉතුරු වෙන්නේ ඔය කියන අය විතරනේ . ඒකට පද්මලත් වග කියන්න ඕනි. අනික, තමන්ට මොනවා හරි අසාදාරනයක් උනා කියල තමන්ගේ මව් රටට බනින එක, කුපාඩිකම් කරන එක හරිද මන් අහන්නේ.(නදී)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Monday, 01 July 2013 04:20 PM

ඔතන වෙන ප්‍රස්නයක් ඇති.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 06:43 AM

අයියෝ , මෙතනත් දෙන පාතාලේ වගේ මරාගන්නනේ හදන්නේ , පොලීසය ඒක හොයගනී ඔයාල රණ්ඩු නොවී ඉන්න ළමයිනේ (අ)

:       0       0

චතුල වෙරෝනා Monday, 01 July 2013 05:00 PM

ගලබඩ මාමට ඔලුව කොලොප්පන්ද මිනිමෑරුමක් වෙලා තියෙද්දි ලේ ටෙස්ට් කර ගන්න උපදෙස් දෙන්නෙ.(නදී)

:       0       0

මාටින් Monday, 01 July 2013 05:02 PM

මට ඔය වගේ රටක ඉන්න ලැබුනේ නැහැ. මෙයාලට හොද රටවල් ලැබිලත් මොන කරුමෙට මෙහෙ ආවද මන්දා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 880 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 314 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3996 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1440 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2436 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site