IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කොරියා යන අයට අපෙන්ම නිවාස

දකුණු කොරියාවේ සේවය කරනා ශී‍්‍ර ලංකා ශ‍්‍රමිකයින් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකර දීම සම්බන්ධයෙන් ඉදිකිරීම්,ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

පසුගිය දිනයන්හිදී දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැත්වුණු නිවාස හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් වූ සමුළුවට සහභාගීව සිට අමාත්‍ය විමල් වීරවංශ හා දකුණු කොරියාවේ ඉඩම්,යටිතල පහසුකම්,හා ප‍්‍රවාහන අමාත්‍ය සු සෙන් හුවන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී ඇතැයි සඳහන්ය.

ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය හා ආයෝජන අවස්ථා සම්බන්ධයෙන්ද අමාත්‍ය දෙපළ අදහස් හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තා වේ.



අදහස් (0)

කොරියා යන අයට අපෙන්ම නිවාස

නිරාන් - සෞදි Thursday, 06 November 2014 09:04 AM

මේ සෞදිවල පාලම් යට අව්වේ වේලෙමින් වතුර පොදක් නැතිව ජිවත් වන මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්න කෙනෙක් නැහැ. (ර)

:       0       0

සෆ්රින් Thursday, 06 November 2014 09:13 AM

හොඳ යෝජනාවක්. හැබයි ඇයි රටෙන් පිට රැකියාව කරන මිනිසුන්ට මොකටද දෙවිදියකට සලකන්නේ. අනික කොරියාවට වඩා 3ගුනයක් වැඩ කරන්නේ මැදපෙරදිග, අනික කොරියාවේ වැඩ කරන අයගෙන් 75% රුපියල් ලක්ෂ 2-3 පඩි ගන්න අය, ඒ උනාට මැදපෙරදිග වැඩ කරන අයගෙන් 75% ගන්නේ රුපියල් ලක්ෂ 1 ත් අඩු පඩියක්, එකෙනුත් වැඩිහරියක් රුපියල් 50,000 අඩු පඩි ගන්න අය. කොරියාවේ හා මැදපෙරදිග හැමෝම රට ගිහිල්ල ඉන්නේ එකම අරමුණු වලින් මෙය ඉතා අසාදාරන යෝජනාවක්. අපි කියන්නේ නැහැ මේ හැමෝටම ගෙවල් හදල දෙන්න කියල හැබයි පහසු ගෙවීමේ ක්‍රමයට නිවසක් හෝ නිවාස නයක් (පොලි රහිතව ) හරි දෙන්න පුළුවන් නම්... (ර)

:       0       0

බන්දුල Thursday, 06 November 2014 10:07 AM

මේකනේ වෙලා තිබෙන්නේ. කොරියා යන අය ඔක්කොම දේසපාලනය කරන අයගේ මිනිස්සුනේ.එයාල එයාලගේ අයටම කරගන්නවා. (බ)

:       0       0

පතිරණ Thursday, 06 November 2014 10:14 AM

ඕක කොරියාවට විතරක් සීමාවීම හොඳද? මැදපෙරදිග ඉන්න අපි එවන්නේත් විදෙස් විනිමය නොවේද? කොහෙන් ගියත් අපිටමයි කැපිල්ල. (නි)

:       0       0

කසුන් Thursday, 06 November 2014 10:18 AM

අනේ! අපිට අපි ගැන දුක හිතෙනවා. අපිට මේ මොකුත් නැහැනේ! (නි)

:       0       0

පතිරණ Thursday, 06 November 2014 10:20 AM

අපිටත් සාධාරණයක් කරන්න (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Thursday, 06 November 2014 11:37 AM

මොනවා වුණත් අපේ රජයේ හැම කටයුත්තක්ම වෙන්නේ අනිත් පැත්තටනේ.මේක ගැනත් කියන්න තියෙන්නේ එ්කම තමයි.ලංකාවට වැඩිම විනිමය ප්‍රතිශතයක් ගෙන එන්නේ මැදපෙරදිග රටවලින්. මෙම නිවාස ව්‍යාපෘතිය විදේශ රැකියාවේ නියුක්තියන් සියලු දෙනාම වෙනුවෙන් ඉදිකිරීමට කටයුතු කරනවානම් හැමෝටම වටිනවා.ඉසුරන්දි,සෆ්රින් කියනවා වගේ ගොඩක් දුක් විඳින මිනිස්සු ඉන්නේ මැදපෙරදිග රටවල.ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්න කවුරුත් නැහැ. විමල් වීරවංස මහත්තයට විතරක් නෙමෙයි ඩිලාන් මහත්තයටත් ආරාධනා කරනවා මැදපෙරදිග රටවලට ඇවිත් බලන්න විදේශ ශ්‍රමිකයන් කොපමණ වෙහෙසක් මුදල් ඉපයීම වෙනුවෙන් මහන්සි වෙනවද කියල. කොරියාවේ සේවයේ නියුතු යට හෝ එසේ ලබාදීම ගැන සතුටුවෙනවා.නමුත් මැදපෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙනුත් යම් ව්‍යාපෘතියක් අරඹන ලෙස සැවොම වෙනුවෙන් ඉල්ලා සිටිනවා.. (අ)

:       0       0

විජිත් Thursday, 06 November 2014 12:08 PM

ඇයි දකුණු කොරියාවේ විතරක්? එතකොට අනෙක් රටවල්? (නි)

:       0       0

නාමල් Friday, 07 November 2014 09:10 PM

මේක නම් හොඳ කටයුත්තක්. සුබ පැතුම්! (නි)

:       0       0

දිනේෂ් දකුණු කොරියාව Thursday, 06 November 2014 02:23 PM

මේ ව්‍යාපෘතිය සදහා ආධාර මුදල් ලැබෙන්නේ දකුණු කොරියාවෙන්.විශේෂයෙන්ම මේ නිවාස ලබාදෙන්නේ කොරියාවේ සේවය කරන අයටයි.අනිත් රටවල සේවය කරන අපේ සහෝදර අයියල අක්කල නංගිලා මල්ලිලා හිත රිද්දව ගන්න එපා.අපටත් කරන්න දෙයක් නැ ඉතින්.(හේ)

:       0       0

අසංක වික්‍රම Friday, 07 November 2014 03:34 AM

අපේ ලංකාවට විදේශ විනිමය වැඩි පුරාම එන්නේ මැදපෙරදිග රටවලින් ඒ ගෙන අපේ රටේ කිසිම දේශපාලකයන් හෝ වග කියා යතු කවුරුට් කට කරන්නේ නෑ.ඒ මදපෙරදිග කිව්වම මිනිසුන් දකින්නේ තුනේ පන්තියේ රටවල් හැටියට නමුත් මේ ගැනත් සිතන්න.(හේ)

:       0       0

චමිලා Thursday, 06 November 2014 02:36 PM

පිට රටවල් වල ඉන්න මිනිස්සුන්ට ගෙවල් හදන්න ඕන නැහැ . කොරියාවේ ඉන්න මිනිස්සු හොද වැටුපක් ගන්නවා . එයාලට පුළුවන් එයාල ගැන බලා ගන්න . ලංකාවේ කොච්චර මිනිස්සු ඉන්නවද අඩු වැටුපක් ගන්න ඉන්න හිටින්න තැනක් නැති . ඒ අයට ඉන්න තැනක් හදලා දෙන්න.(හේ)

:       0       0

චන්දන‍ Thursday, 06 November 2014 03:02 PM

අහිංසක, ගෙයක් දොරක් හදාගන්න බැරුව මුළු ජීවිත කාලයම දුක්විඳින, දුප්පත් මිනිස්සු දිහා බලලා සළකලා බැලුවොත් නේද හොඳ? (නි)

:       0       0

සුමිත් Thursday, 06 November 2014 08:06 AM

කොරියාවේ විතරද ලංකාවේ අය වැඩ කරන්නේ? එතකොට අන් රටවල ඉන්න අය ලංකාවට අයිති නැද්ද? (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 08:16 AM

එතකොට මැදපෙරදිග රැකියාව කරන මිනිසුන්ට මොකවත් නැද්ද. තුට්ටු දෙකට වැඩ කරන හුගදෙනෙක් ඉන්නේ මේ රටවලනේ. ඔය මහත්වරු මේවා ගැන කතාකරගන්න ඕනේ මේ වගේ රටවලටත් ඇවිල්ල. (ර)

:       0       0

සෆ්රින් Thursday, 06 November 2014 04:06 PM

දිනේෂ් (දකුණු කොරියාව) සහෝදරය මේ ලිපියේ කොරියාවෙන් ආධාර දෙන කතාවක් කියල නැහැ එකියි මේක ඉතා අසාධාරන යෝජනාවක් කියල කිව්වේ.කොහොමහරි අපේ කොල්ලොන්ට හොඳක් වෙනවා නම් එච්චරය් ජය වේවා...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 176 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 100 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 151 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 167 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site