IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොරියා රැකියා මහ මොළකාරිය රටින් පනී

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ  වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පිහිටුවා දකුණු කොරියා රැකියා  අපේක්ෂකයන්ගෙන්  රුපියල්  දස ලක්ෂ ගණනක් වංචා කළැයි  කියන  සිද්ධියේ ප්‍රධාන සැකකාරිය  රටින් පැන ගොස් ඇතැයි  රහස් පොලීසිය අධිකරණයට දැන්වීය. අංගොඩ ,කොටිකාවත්ත වෙළෙද සංකීර්ණයේ  අංක දෙක දරන කඩයේ හිමිකාරිය තුෂාරි දිල්හාරි රටින් පනින්නට ඇතැයි  කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.

තවමත් පැමිණිලි ලැබෙන බවත්  වංචා  කළ මුදල කොතෙක් දැයි  දැන්ම කළ නොහැකි බවත් දැනට රුපියල් තිස් ලක්ෂයක් වංචා කළ බවට තොරතුරු  ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

බොරු වෙබ් අඩවිය බැලු පිරිස් සැකකරුවන් නම් කළ බැංකුවලට මුදල් බැර කර ඇති බව ද රහස් පොලීසිය කියයි.

සමන් තිලක දර්ශන උද්‍යාන හෙවත් මොහොමඩ් වෂිර් ,සිත්ති නසීමා නිෂාම්දීන් හා ජුඩී ස්ටීවන්සන්  යන සැකකරුවෝ ජුලි 14 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.

වෙබ් අඩවිය නිර්මාණය කළැයි කියන තෙවැනි සැකකරු විශ්ව තරංග ෆොන්සේකා රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප දෙකක් මත මුදා හැරිණි.

පළමුවැනි හා දෙවැනි සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ පනක් සොයාගත් බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

කොළඹ 03,ගාලු පාරේ,අංක 994/1/4 ස්ථානයේ කේ එල් සී ප්ලේස්මන්ට් ස්ර්විස්  ප්‍රයිවෙට් ලිමිටඩ් යන නම යටතේ  මෙම ව්‍යාජ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.

 

 



අදහස් (0)

කොරියා රැකියා මහ මොළකාරිය රටින් පනී

රසික කටාර් Friday, 04 July 2014 02:01 AM

ඔය සුසන්ත, කොහෙද දන්නේ නැහැ රැකියාව කරන්නේ. (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 30 June 2014 07:00 PM

කෝටියකට වඩා වැඩියෙන් හොරකම් කලොත්,වංචා කලොත්,ගසා කෑවොත් ලංකාවේ නීතියෙන් ගැල වෙන්න ක්‍රම තියෙනවා. (දී)

:       0       0

සින්දු Tuesday, 01 July 2014 09:56 AM

මේ වගේ බොරු වෙබ් සයිට් හ‍රියට තියෙනවා. එ්ත් ලංකාවේ පොලිසියයි, අර මොකක්ද සර්ට් (http://www.slcert.gov.ලක්) එකයි, කිසිම පියව‍රක් ගන්නේ නැහැ දැනුමකුත් නැහැ (නදී) මේ වගේම වෙබ්සයිට් ඔරිජිනල් වෙබ් සයිට් එකට සමාන නමකිනුයි, සමාන පෙනුමකිනුයි හදන වෙබ් සයිට් වලින් මිනිස්සු අනන්තවත් රැවටෙනවා, මමත් කිහිපයක් පැමිණිලි ක‍රා ස්ර්ට් එකට, ඒත් කිසිම වැඩක් නැහ. උදා: ගොසිප් ලංකා වෙබ් සයිට් එක වහේ හදපු -> http://www.gossip-lankanews.com ලියතඹ‍රා වෙබ් සයිට් එක වගේ හදපු http://liyathabara.lk/ එත් ඉතින් ලංකාවනේ අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහගන්නත් බැරිවෙලා වගේ මෙක දැක්කම.

:       0       0

කාන්ති Monday, 30 June 2014 07:17 PM

දැන් ඉතින් මේ නෝනා කොහේ හරි රටක දේශපාලන රැකවරණ පතාගෙන ඇති. (දී)

:       0       0

හෂාන් Tuesday, 01 July 2014 08:22 PM

මේ ප්‍රශ්නය මෙච්ච දුරදිග යනතුරු සිටියේ ඇයි? (නි)

:       0       0

වීරසිරි Tuesday, 01 July 2014 08:40 PM

මෙච්චර මහ මොළකාරියෙකුට රටින් පනින එකත් වැඩක්ද? (නි)

:       0       0

සිරා Monday, 30 June 2014 07:53 PM

මේ ගොල්ලොමයි කිව්වෙ මහ මොල කාරියක් කියල​.එච්චර ලොකු මොලයක් තියනව කියල දැනගෙනත් ඇයි මෙච්චර නිදහසේ ඉන්න දුන්නෙ.?? (දී)

:       0       0

ගිහාන් Monday, 30 June 2014 08:03 PM

මම මිට කළිනුත් සටහන් කළා. මේ වගේ ලෝක හොරු හැංගෙන්න තැන් හොයාගෙනයි වැඩට බහින්නේ. ඒක මං වගේ සොක්කෙකුට තේරුණාට වෙන කාටත් තේරිලා නැහැනේ. (දී)

:       0       0

ලක්ෂපාන Monday, 30 June 2014 08:18 PM

අනේ මන්දා පොලිසියේ වරදක්ද අධිකරණයේ වරදක්ද කියල මෙච්චර බරපතල වරදක් කරලත් නිදැල්ලේ ඉන්නට ඉඩ සැරස්සුවේ.කොහොම හරි දැන්නම් ගිය දුන්පාරක්වත් හොයාගන්න හම්බවෙන්නේ නැ.මේ දේවල් දැක්කම දෙපැත්තෙන්ම හිනා යනවා.. (දී)

:       0       0

අමිල Monday, 30 June 2014 08:54 PM

මේවට විදේශ සේවා එකත් වග කියන්න ඕන . (දී)

:       0       0

මිලානො ජයන්ත Monday, 30 June 2014 08:58 PM

මෙවනි වන්චාවන්ට ගොදුරුවෙන අය බොහොමයක් තරුන තරුණියො.රටක පාලකයන් මීටවඩා ජනතාව ගැන සලකීමක් ඒවගේම වගකීමකින් කටයුතු කලයුතුයි .රටෙ රැකියා නොමතිනම් එහෙම නතිනම් පිටරට නොගොස් තමරටෙ රකියාව කරගෙන ජිවත්වෙන පිනිස වැඩි වටුපක් ඔවුන්ට හිමිකරදියයුතු වෙනව.මෙවගෙ රකියා ආයන ගන දැඩිනීති අනුව වගකීමෙන්‍ යුතුව ක්‍රියාකලයුතු වෙනව. (දී)

:       0       0

සුජිත් Monday, 30 June 2014 09:33 PM

රටින් පනිනකල් බලන් හිටියේ මොකද (දී)

:       0       0

සුනෙත් Monday, 30 June 2014 11:18 PM

වංචා කරුවන් වැහිවැහල පරිස්සම් වෙන්න (දී)

:       0       0

සත්‍යා Monday, 30 June 2014 11:21 PM

මේ නම් දිහා බැලුවහම ආගම්, වර්ග භේදයකින් තොරව සහජීවනයෙන්ම වැඩ කරලා තියෙන බව පේනවා. (දී)

:       0       0

සුසන්ත Tuesday, 01 July 2014 01:50 PM

රට යන මාතෘකා ආවහම සමහරු පොලවේ අඩි හප්පගෙන මෙතන අදහස් ලියන්නේ, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන උපන් රටට වැඩ කරන්නේ නැහැ පිටරටට ඒ සේවය ලබා දෙනවා කියලා.එතකොට ඔය නෝනලා මහත්වරුන්ගෙන් මම අහන්නේ ඔහෙලගේ ඒ ආඩිපාලි කියවිල්ල කොරියාවට,මැදපෙරදිගට යන අයට අදාළ වෙන්නේ නැද්ද...? ඒක අදාළ වෙන්නේ සංවර්ධිත රටවල ජීවත් වන අයට විතරද....? (දී)

:       0       0

ප්‍රියාන් Tuesday, 01 July 2014 12:32 AM

අපරාධ දවසින් දවස වැඩිවෙනවා. අනේ ලංකාවකට ගිය කලක්! (නි)

:       0       0

කරුණාජීව Wednesday, 02 July 2014 02:12 AM

රවී මහත්මයා, ඔබ හරි. ටෙනිසන් මහත්මයාට තව කරුණක් මතක්කර දිය යුතුයි.ඔබතුමා දන්නේ නැතුව ඇති, සංවර්ධිත රටවල ජීවත් වෙන ලාංකිකයන් මාස්පතා විදේශ විනිමය මිලියන කීයක් ලංකාවට එවනවද කියා.ඒකෙන් අපේ ආර්ථිකයට මොනතරම් පිටුවහලක් වෙනවද කියලා. (නි)

:       0       0

විමලරත්න. Wednesday, 02 July 2014 01:23 PM

ටෙනිසන් මහත්මයා, මමත් සැහෙන කාලයක ඉදලා සංවර්ධිත රටකට යන්න උත්සහා කරනවා. තාම හරි ගියේ නැහැ. මට පන්සලේ හාමුදුරුවෝ කිව්වා "ඒකටත් වාසනාව තියෙන්න ඕනේ, අපි ඒ අයගේ, වාසනාවට, පිනට ඉරිසියා කරලා වැඩක් නැහැ."මේ ආත්මෙදි පුළුවන් තරම් පින් අතේ වැඩ කරන්න "කියලා. ඉතින් මම මේ දවස් වල පින් අතේම වැඩ කරනවා. ලබන ආත්මේවත් මගේ ආශාව ඉටු වෙන්න කියලා. (නදී)

:       0       0

විදූෂි Tuesday, 01 July 2014 03:45 AM

රාජ්‍ය සේවයේ අය මීට වඩා කල්පනාකාරී වියයුතුයි. මේ ආයතනයේ පරිගණක නිලධාරින් හෝ පරිපාලන නිලධාරින් අන්තර්ජාලය භාවිතා කරන්න ඇතිනේ . තමන්ගේ ආයතන වෙබ් අඩවියට රාජකාරි කටයුතු වලට ඇතුලු වනවිටවත් මේ හොර වෙබ් අඩවිය අසු වුණේ නැද්ද ? මේවා හරි පුදුම සිදුවීම් (නි)

:       0       0

රන්ජි Tuesday, 01 July 2014 03:46 AM

ඇය කොහොමද ගුවන්තොටින් පැනගත්තේ? ඒවත් සොයා බලන්න වටිනවා (නි)

:       0       0

මැණික් Tuesday, 01 July 2014 03:54 AM

බලන්න කොච්චර සැළසුම්සහගතද කියලා? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 01 July 2014 03:59 AM

ඇයි අපේ පොලිසියට ඉන්ටපෝල් එකේ සහාය ගන්න බැරිද? (නි)

:       0       0

කල්හාර Tuesday, 01 July 2014 04:02 AM

අද හොරමැරකම් වුණත් කරන්නේ බොහොම බුද්ධිමත්වයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 01 July 2014 06:16 AM

ජාවාරම පිටුපස දේශපාලුවෙක් නැහැ කියලද හිතෙන්නේ? (නි)

:       0       0

ජගත් Wednesday, 02 July 2014 02:40 PM

විමලරත්න කියන කතා....කාටද, ටෙනිටද කියන්නේ....? (නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 02 July 2014 07:18 AM

කරුණාජීව මහත්තයෝ, බොරු කියන්න එපා.කරන එක රැකියාවකින් ජීවත් වෙන්නත් බැහැ (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 01 July 2014 06:23 PM

සුසන්ත මහත්තයට ටිකක් රිදිලා වගෙයි. මහත්තයෝ මැද පෙරදිග හෝ කොරියාව හෝ අපේ ශ්‍රමිකයන්ට ස්ථිර පදිංචිය දෙන්නේ නැහැ,එහෙ යන ශ්‍රමිකයෝ උපයන මුදල එවන්නේ ලංකාවටයි. එනිසා ඔවුන් රටට නය නැහැ. අද ලංකාවට ඉහලම විදෙස විනිමය ගෙනෙන්නේ ඔහුනුයි .හැබැයි ඔයාල වගේ ආත්මාර්ථ කාමියෝ අතලොස්සකුත් ඉන්නවා,එයාලගේ මුදල් තැන්පත් වෙන්නේ විදෙස් බැංකුවල. දැන් තේරෙනවනේ ආඩපාලි කියන්නේ කවුද කියල.කරුණා කරලා අපේ රටේ අනාගතය වෙනුවෙන් මැද පෙරදිග හා කොරියාවේ දහදිය හෙලන මිනිසුන්ට අපහාස නොකරන්න (දී)

:       0       0

කාංචන Monday, 30 June 2014 06:00 PM

රටින් පනින්න කලින් විදේශ ගමන් බලපත්‍ර අවලංගු කලේ නැද්ද ? මෙහෙම වංචා කාරයෝ ඉස්සෙල්ලාම උත්සහ ගන්නේ රටින් පිට වෙන්න කියන එක කාටවත් තේරිලා නැහැනේ . හැබයි ගමේ කෙසෙල් කැනක් හොරකම් කරපු අප්පුහාමිගේ විදේශ ගමන් බලපත්‍රය නම් මෙලහකට නඩු භාණ්ඩයක් වෙලා ඇති. (දී)

:       0       0

නාලි Tuesday, 01 July 2014 09:04 AM

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අයත් ගුවන් තොටුපලේ ඉන්නවා නේද...? (නදී)

:       0       0

ලලනි Monday, 30 June 2014 06:06 PM

අලි බෙටි දැක්කාට පස්සෙලු පෙරහැර ගිහිල්ල කියලා දන්නේ ! (දී)

:       0       0

සිතාරි Tuesday, 01 July 2014 07:28 PM

කොහොමද ඇය මෙහෙම පැන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 July 2014 09:14 AM

මෙවැනි වෙබ් අඩවි රජයේ වගකිව යුතු ආයතනවල අනුදැනුමක් නැතිව ලියාපදිංචි කරන්නේ කොහොමද? මේවට උඩගෙඩි දෙන මිනිස්සු පළමුවෙන් අල්ලලා ගස් බදින්න ඕනේ.(නදී)

:       0       0

රවී Tuesday, 01 July 2014 07:58 PM

ටෙනිසන් මහතාට සංවර්ධිත රටවලට ගිය උදවිය මතක් කරනකොට හොඳටම හිත රිදිලා. සාධාරණ රැකියා අවස්ථා, දේශපාලනීකරණය නොවූ උසස්වීම් තිබෙනවා නම් කවුරුත් රට යන්නේ නැහැ. මම ඉංග්‍රීසි ගුරු විභාගයෙන් දිවයිනේ දෙවැනියා වෙලා කැඳවීමක් නොලැබුන කෙනෙක්. කාටද පාඩු? මටද? මම දැන් වෙනත් ක්ෂේත්‍රයක පිටරට රැකියාවක් කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 235 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1901 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 223 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 866 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1002 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1223 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37579 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site