IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොරියා විභාගයට විසිදාහක්

අද අවසන් වු කොරියන් භාෂා ප්‍රවිණතා විභාගයට කොළඹ නාලන්ද, අශෝක , ඩී එස් සේනානානයක ,ගෝතමී බාලිකා ,ඉසිපතන හා තර්ස්ටන් විද්‍යාලයන්හි විභාග මධ්‍යස්ථානවලදී අපේක්ෂකයන් 20536 දෙනකු පෙනී සිටි බව විදේශ සේවා නියුක්කති කාර්යාංශය කියයි.

ප්‍රතිපල සති දෙකකදී  එනම් නොවැම්බර් පළමුවැනිදා නිකුත් කිරීමටද නියමිතය.

මෙය 11 වැනි කොරියන් භාෂා ප්‍රවීණතා විභාගයයි.විභාග සමතුන්ට ලබන වසරේ රැකියා දීමට හැකි වෙතියි ද කාර්යාංශය  පවසයි .

ශ්‍රී ලංකා දකුණු කොරියා තානාපති කාර්යාලයය හා දකුණු කොරියා රජයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ විදේශ ශ්‍රමික සුදුසුකම් තිරණය කිරීමේ නිලධරයින්ගේ ද සහායෙන් විභාග දෙපාර්තමේන්තුව මෙම විභාගය පැවැත්විය.

www.slbfe.lk, www,eps.go.kr, www.hrdkorea.or.kr   යන අන්තර්ජාල වෙබ් අඩවි වලින්  ප්‍රතිපල නිකුත් කරන බව විදේශසේවා නියුක්ති කාර්යාංශය කියයි.

   



අදහස් (0)

කොරියා විභාගයට විසිදාහක්

අමිල කටුනායක Sunday, 20 October 2013 09:51 PM

ඒ රටේ අයටත් කන්න බැරි වැඩ අපේ අයගෙන් ගන්නේ (අ)

:       0       0

සෙන්තිල් Sunday, 20 October 2013 10:10 PM

ජනක අසාධාරණයක් ගැන කතාකරනවා. ඊට වැඩිය අසාධාරණ තිබෙනවා (නි)

:       0       0

අනුර Sunday, 20 October 2013 10:20 PM

කොරියානු විසා ලංකාවට ලබා ගත්තේ 2001 රනිල් මහත්තයා අගමැති උන වෙලාවේ. මට මතකයි එවිට කම්කරු ඇමති වෙලා හිටියේ මහින්ද සමරසිංහ. මගේ ඥාතියෙක්. ඒ වෙලාවේ කොරියා ගියා මමයි මුදලින් උපකාර කලේ ඒ මල්ලිට. අවුරුදු 5ක් ඉදලා ලංකාවට ආවා. නිකමටවත් අපේ ගෙවල් පැත්තේ ආවේ නැහැ. මගේ මුදල් මට ලබාදුන්නා රට ඉන්න කාලය තුල හැබයි අවස්ථාවේ හැටියට උදව් අමතක කලා. හරි ගියාට පස්සේ ඕක තමයි ලංකාවේ අයට තියන අඩුව මුල අමතක වීම.(නදී)

:       0       0

අමිල Sunday, 20 October 2013 11:01 PM

මේ කොරියානු විසා ලංකාවට අරගෙනදුන්නේ රනිල් මහත්තය 2001 අග මැති උනවෙලාවේ ඒ තුමා හොද විදෙස ප්‍රතිපති නිසා තමයි ලංකාවට ඔය දේවල් ගන්න හැකි උනේ අද ඉන්න දෙසපලුවෝ මේ දේවල් වියාපාර කරගෙන. (අ)

:       0       0

පෙරේරා Sunday, 20 October 2013 11:16 PM

කව්රු සමත් අසමත් වුණත් අපිට නම් කමක් නැහැ (නි)

:       0       0

අරුණ Monday, 21 October 2013 12:21 AM

මෙවර විභාගය ලියපු අපේක්ෂකයන්ට වැඩි අවස්ථාවක් තියෙනවලු, මොකද ගියපාර වගේ කටපාඩම් කරලා පස්වෙන්න බැරි නිසා. (අ)

:       0       0

තබුක් සිල්වා Sunday, 20 October 2013 04:08 PM

විනීත කම ජීවිතය නිසිමගට යාමට පාර කියාවි.(නදී)

:       0       0

පෙරේරා Monday, 21 October 2013 07:26 AM

ආසියාවේ ආශ්චර්ය මොන තරමට ආශ්චර්යක්ද කියල මේකෙන්ම පේනවා (නදී)

:       0       0

ජීවක Sunday, 20 October 2013 05:05 PM

තබුක් පින්වත ඔබ හරි , අපේ දේශපාලුවෝ ඔක්කෝටම ඔය කියන සුදුසුකම තියනවා.(නදී)

:       0       0

මගරී Monday, 21 October 2013 08:14 AM

අමිල ,මතක් කරන්න එපා එජාපයේ විදේශ ප්‍රතිපත්තිය. ඒ විදේශ ප්‍රතිපත්තියේ හොදකම නිසා තමා අවරුදු 30 ක යුද්ධයක් තිබුනේ.මතකයිනේ පොක්ලන්ත අර්බුදය වෙලාවේ ලංකාව ක්‍රියා කරපු හැටි. (නදී)

:       0       0

එරන්දු Monday, 21 October 2013 08:40 AM

කොරියාවට විදෙස් ශ්‍රමිකයෝ එන්නේ රැකියා අවසර ක්‍රියාවලිය යටතේ. මුලින්ම රැකියාවන් සදහා ශ්‍රමිකයෝ ගෙන්වන්නේ 1994 හෝ 1996 දී මට මතක විදිහට. හැබැයි ඒක පටන් ගන්නේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමති වෙලා ඉන්න කාලයේදී. ඒ පුහුණු කිරීම් සඳහා ගෙන්වන සිසුන් විදිහට ඩී-3 කියන වීසා එකට. රැකියා අවසර ක්‍රියාවලිය ඇති වෙන්නේ 2004 දී. ඊට වසර 10 කට පස්සේ. මේ වන විට කොරියාවට ශ්‍රමිකයන් රටවල් 14කින් ගෙන්වනවා. මේ ගෙන්වන ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වෙන්නේ කොරියානු නීතිය යටතේ. කොරියානු විභාගයේ සිට සෑම දේම. මම කොරියානු රජයේ කම්කරු අමාත්‍යාංශයේ වැඩ කරන කෙනෙක්. සමහරුන්ගේ අදහස් දකිද්දී මට මේ අයගේ නොදැනුවත්කම සම්බන්ධව ඇත්තටම ලොකු කණගාටුවක් ඇති වෙනවා. විභාගය ලිවාම මෙහේ රැකියා අයතන වලිනුයි සුදුසු ශ්‍රමිකයන් තෝරා ගන්නේ. නැවත විභාග තියන්නෙත් කොරියානු රජය යටතේ. (ස)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 20 October 2013 06:52 PM

''විනීත'',-''පින්වත'',දෙපලම හරි. මෙවරත් විසි දාහට වැඩියි, විභාගේ අමාරුවෙන් ගොඩ දාගන්න අය පෝලිමේ ඉද්දිත් දේශපාලුවන්ගේ අය විභාග අසමත් වෙලත් කොරියා ගිහින් ඉන්නවා නේද?ආණ්ඩුවෙන් සහය ඕනේ, ඒත් කොරියා යන්න මන්තිරිලාගේ උදව් නොගෙන ඉමුද?එහෙම වුනොත් සාදරනයක් ඉටුවේවි කොරියා යන අපේ කොල්ලන්ට.(නදී)

:       0       0

ඡානක Sunday, 20 October 2013 06:55 PM

2013 අය යවන්න ඕනා 2012,2011 විභාගේ කරපු අය යවලා තමයි. නැත්නම් මේක ලොකු අසාධාරණයක්.(නදී)

:       0       0

ඉන්දික Monday, 21 October 2013 09:45 AM

මගරී, ඇයි ලංකාවට පරිප්පු දාපු වෙලාවේ. රටවල් කීයක් නම් අපිත් එක්ක හිටියද !! (ස)

:       0       0

විරාජ් ඉන්දික Monday, 21 October 2013 04:41 PM

2011 සහ 2012 අයට මොකද වෙන්නෙ.??? (ස)

:       0       0

ලක්මාල් Sunday, 20 October 2013 08:05 PM

2012 අයට මොකද වෙන්නේ? අපි දැන් විභාගය කරලා අවුරුද්දක් වෙනවා. තවම අපිට රැකියා නැහැ. මේවට වග කියන්නේ කවූද? (නි)

:       0       0

ජීවක Sunday, 20 October 2013 08:16 PM

20,000 ක් රටින් පනින්න විදින දුක්?? කොරියා යන්න බැරි වුණ අයට මොකද කරන්නේ ? (නි)

:       0       0

ඉදුනිල් Sunday, 20 October 2013 08:41 PM

අපි නම් කොරියාවේ ඉන්නේ දැන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1515 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2018 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2515 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5736 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1800 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6393 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18306 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site