(අංජුල මහික වීරරත්න)
කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන අතර කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
වැඩ බලන කෙටි කාලසීමාව තුළ හදිසි පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙන බව කී ජනාධිපතිවරයා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකස් කරන බව ද කීය.
විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ජනාධිපතිවරයා මෙසේද කීය.
ශ්‍රි ලංකාවේ අට වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වුණා.ව්‍යවස්ථාවට අනුකූලව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වී නව ජනපති තෝරා පත් කර ගැනීමට පියවර ගන්නවා. ඒ් කෙටි කාලය තුළ වැඩබලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කටයුතු කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා. මේ කෙටි කාලසීමාව තුළ මා හදිසි පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යළිත් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ්නිසා 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒ්මට පසුබිම සකස් කිරීමේ වැඩ පිළිවෙල මා ආරම්භ කළා. ලබන සතියේ අලුතින් පත් වන ජනාධිපතිවරයාට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම මේ කෙටි කාලය තුළ සකස් කරනවා. ඒ් වගේම රටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමී අරගල කිරීමේ අයිතිය මා සියයට සියයක් පිළි ගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කිරීමට උත්සාහ කරනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී තවත් කණ්ඩායම් මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට උත්සහයක් දැරීමට සුදානම් වන බවට වාර්තා වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අප සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සළසා දෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අප කිසි විටක ඉඩ දෙන්නේ නැහැ.
ඒ් වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පැසිස්ට්වාදී ක්‍රමවේද ඔස්සේ රට ගිනි තැබීමට වෙර දරන කණ්ඩායම් සිටිනවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්ෂක කණ්ඩායම් වල තුවක්කු දෙකක් වෙඩි උණ්ඩ සමග පැහැර ගෙන ඇත්තේ එවැනි පිරිස් බව කිව යුතුයි. හමුදාවේ සාමාජිකයින් 24 දෙනෙක්ට තුවාල සිදු කර තිබෙනවා. ඉන් දෙදෙනෙක්ගේ තුවාල බරපතලයි. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියා නොකරන බව මගේ විශ්වාසයයි. කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙනවා. කැරලිකරුවන්ට එරෙහිව නීතිය අනුව ක්‍රියා කරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ඒ් අය සමග අප නීතිය හා සාමය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.එසේම මා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මා කිසිවිටක ව්‍යවස්ථා විරෝධි කටයුත්තකට ඉඩ හෝ අනුබල දෙන්නේ නැහැ. මා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නේ නැහැ. නීතිය හා සාමය බිඳ වැටුණොත් එය අපේ ආර්ථිකයට බලපානවා. ඉන්ධන, විදුලිය, ජලය සහ ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳ වැටෙන්න පුළුවන්. අප සියළු දෙනාම මේ අනතුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පෙලිස්පතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කළා. කිසිදු දේශපාලන අත පෙවීමකින් තොරව නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී අප අවධාරණය කළා. ඒ් සඳහා පොදු ඒකඟතාවයකට වහාම එළැඹෙන ලෙස මා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. දේශපාලන පක්ෂ බේද හා මතිමතාන්තර පසෙක ලා රට වෙනුවෙන් එකට එක් විය යුතුයි. ඒ් නිසා තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න. රටේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙන්න. පුද්ගලයන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන සිතන්න. ජීවත් වීමට සහ දේශපාලනය කිරීමට අපට රටක් තිබිය යුතුයි. ඒ් නිසා රට සහ ජනතාව ගැන සිතා කටයුතු කරන මෙන් මා සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.
මුලින්ම මේ ව්‍යාකූල තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගනිමු. ඊට පසුව පක්ෂ දේශපාලනය වෙත හැරෙමු. වැඩ බලන ජනාධිපති ලෙස මට පැවරී ඇති බලය අනුව මා තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටකට තිබිය යුත්තේ එක කොඩියයි. ඒ ජාතික කොඩිය පමණයි. අප ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවන ලබමින්.
අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරින් හිතන්න. මුළු රටටම නව ප්‍රවේශයකින් නව ගමනක් යෑමේ පසුබිම සැකසී තිබෙනවා. දූෂිතයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශය වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා. අපේ මව්බිම යළි ඉහළට ඔසවා තැබීමේ ඉඩකඩ පුළුල් වී තිබෙනවා.එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම අප සැමගේම යුතුකම හා වගකීමයි. අලුත් ක්‍රමයක් අලුත් යුගයක් ආරම්භ කිරීමට අප හැමදෙනාම පූර්ණ ශක්තිය සහ සහයෝගය ලබා දෙමු. පුරවැසියන් ලෙස අප සැවොම මේ මල් වට්ටියට අවංකවම අත ගසමු. අවසාන වශයෙන් දෙයක් සිහිපත් කිරීමට කැමතියි. අදට මාස දෙකකට පෙර මැයි 13 දා මා රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා.එම තීරණය ගත්තේ මේ රටේ මිලියන 22 ක ජනතාව ගැන හිතලා. පාර්ලිමේන්තුව විසින් අලුත් ජනාධිපතිවරයකු පත් කරන තුරු එම තීරණයේ වගකීම රට වෙනුවෙන් මා ඉෂ්ඨ කරනවා. ඒ් තීරණයේ වගකීම ඉටු කිරීමට මා ව්‍යවස්ථානුකූලව බැඳී සිටිනවා යනුවෙන් ද වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා’’
saman Friday, 15 July 2022 03:38 PM
විධායක බලතල කපන්න එපා. ඕකෙන් තමයි රට රැකිලා තියෙන්නේ..!
kamal Friday, 15 July 2022 03:47 PM
අරගලකරුවන් කැරැළිකාරයින් කරන මේ ක්‍රමය අපි වෙනස් කරනවා. කොච්චර සූත්තර දැම්මත් එය වළක්වන්න බැහැ.
BamunuarachchiSaturday, 16 July 2022 07:08 AM
පුළුවන් දෙයක් කතා කරන්න හලෝ. අපි දන්නවා කරන්නලු? රට ගිනිතියලා රට කාලා තව කරන්න එනවා. ජෙප්පෝ කරයි..
නියඟලා අලේ Friday, 15 July 2022 03:52 PM
ගෝඨා-ගෝ- හෝම් කරලා දින සීයයි අරගල මොල උපවාසයකට සැරසෙයි මරුවා සමඟ වාසය මුල පිරුවා කියයි නියඟලා අලේ කෑවා කතා මතක මවයි
sharm warn Friday, 15 July 2022 03:52 PM
මෙයා කතාවක් හදලා නිරායුධ අරගලයේ ඉන්න අයව කැරැළිකරුවන් කරන්න හැදුවොත්... මෙයාට වෙන්නේ මොකක්ද කියලා අපිත් බලාගෙන ඉන්නවා.
Kumara Friday, 15 July 2022 04:07 PM
බම්බුව තමයි..!
sisil Friday, 15 July 2022 05:52 PM
කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. එමෙන්ම විශ්ව විද්‍යාල තුළ සිදුවන නවකවදයද නවත්වන්න කටයුතු කරන්න. ලෝකයේ කිසිඳු රටක විශ්ව විද්‍යාල තුළ මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදුවන්නේ නැත...
BamunuarachchiFriday, 15 July 2022 07:36 PM
මේ මොන බම්බුවක්ද කතා කරන්නේ? දැන් ඕනේ වෙඩි තියා හරි මේ ත්‍රස්තයින් මර්දනය කරන්න. ඒක ප්‍රේමදාස කළාට අනික් නිවටයින්ට කරන්න බැහැ. විශ්ව විද්‍යාල වහලා දැම්මත් අපිට කමක් නැහැ. විශ්ව විද්‍යාලවලින් රටට වුණු සෙතක් නැහැ.
සත්‍ය ගවේෂී.Saturday, 16 July 2022 08:51 AM
සිසිල් කියලා නෙමෙයි නම දාන්න තිබුණේ. ගින්දර කියලා. රටේ මිනිසුන්ට කන්න නැහැ. තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය දේ නැහැ... ලෝකෙන්ම හිඟා කනවා. ඒ මදිවට ණය වෙනවා. දූෂිත පවුල් පාලනය රට හොරාකාලා බංකොළොත් කරපු බව ගැන ඇයි නොකියන්නේ? අදද ඉපදුනේ?
dm Friday, 15 July 2022 07:31 PM
කිසිම දේක වටිනාකමක් දන්නේ නැති හැමදේම එක්ක පුදුමාකාර තරහකින් පෙළෙන මානසික රෝගීන් කොටසනේ... කැම්පස් ගිහින් නොකරන්නේ ඉගෙන ගන්න එක විතරයිනේ. අපි අරගල කළේ ජීවත් වෙන්න අමාරු හින්දා. මේ ගොල්ලෝ අරගල කරන්නේ කවදාවත් ඡන්දෙකින් දිනාගන්න බැරි බලේ ගන්න...!
Lelwala Friday, 15 July 2022 09:31 PM
ගොඩක් හොඳයි... ශක්තිමත් නායකයෙක්... මේ මෝඩයින් කියන දේවල් කරන්න එපා...
buddi Friday, 15 July 2022 10:39 PM
දැක්කනේ ජනාධිපති වූ පමණින් හැමදේම ලේසිවෙයි කියලා හිතන්න එපා.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 July 2022 08:45 AM
මිනිසුන් පාරට බැස්සේ, තෙල් ටික ගෑස් ටික හා අත්‍යාවශ්‍ය බඩු මුට්ටු නැති වූ නිසයි. ඒ ගැන ඇයි කතා නැත්තේ? රටේ බඩුමිල තෙල් මිල ගෑස් මිල කී පාරක් වැඩි වුණාද? ඒ වුණත්, අත්‍යාවශ්‍ය දේවල් හොයාගන්න බැරි වුණා. දූෂිත පවුල් පාලනය රටම හොරා කාලා රට බංකොලොත් කළා. මිනිසුන්ට පීඩනය දරන්න බැහැ. ඉතින් මිනිසුන් පාරට බහින්නේ නැතිව වෙන මොනවා කරන්නද? කරන්නට වෙනත් දෙයක් නොමැති නිසා තමයි මිනිසුන් ඒ වගේ දෙයක් කරේ. එහෙම නැතිව ඇඟේ අමාරුවට නෙමෙයි. ඒ නිසා එංගලන්තේ දේශපාලනඥයන් වගේ අපේ රට විනාශ කළ දූෂිතයන් අල්ලා ගන්න උදව් කරන්න. සිදුවිය යුත්තේ එයයි. ජනතාවගේ සටනට වෙනත් අර්ථ දැක්වීම් නොවේ.