IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘කුරුලු හදවත පොලිසිය හඳුනාගනියි‘

නුගේගොඩ, හයිලෙවල් පාරේ  කුරුල්ලන් වෙළඳාම් කරන්නේදැයි සොයා බැලීමට වැටලීම් කරන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

ඇසල පොහොය දා නුගේගොඩ, හයිලෙවල් පාරේ දෙල්කඳ ආසන්නයේ කුරුල්ලන් කුරුල්ලන් විකුණන බව එසැණ බදාදා හෙළි කළේය.  කුඩා කුරුල්ලන් රාශියක් ඉතාමත් සීමිත ඉඩක් ඇති කූඩුවක සිර කර පාරේ යන එන අයට විකුණන බව එසැණ වාර්තා කළේය. 

ඒ ගැන පොලිස්පතිට දැනුම් දීමෙන් පසු වැටලීම් කිරීමට උපදෙස් දී ඇතැයි පොලිසිය පවසයි.

නීතිය සමච්චලයට ලක් කරමින් මේ ආකාරයෙන් සිදුකරන වෙළඳාම පොලිස් නිලධරයන්ගේ ඇස් වසා සිදුකරනු එසැණ කැමරාවට හසුවිය.

කුරුල්ලන් මිලදී ගැනීමට එන තැනැත්තකුට කුරුල්ලකු අලෙවි කළේ කඩදාසි බෑගයක දමා වෙළඳපොළෙන් හාල් සීනි ගන්නා ආකාරයටය.  



අදහස් (0)

‘කුරුලු හදවත පොලිසිය හඳුනාගනියි‘

කසුන් ප්‍රසංග Friday, 03 July 2015 02:55 AM

පිළිනොපැද්දත් මෙහෙ තවමත් නිර්මල බුදු දහම තිබෙනවා නන්දලාල් (නි)

:       0       0

සුමිත් Friday, 03 July 2015 03:41 AM

ඒ අහිංසක සත්තු එයාලගේ ලෝකයේ ඉන්න ඕන , ස්වභාව ධර්මයට පිටුපාන්න යන එක වැරදි , උන්ගේ ලෝකය රංචු ගැහිලා එකමුතුකමින් ඉන්න එක නේද , නන්දලාල් ඔයා ලංකාවේ කෙනෙක් නොවේද , ලංකාව නිර්මල ථෙරවාද බෞද්ධ රටක්, මිනිස්සු වැරදි කරනවා තමා , එත් ගගෙන් වතුර බීල මුහුදට ආවඩන්න එපා , (ම)

:       0       0

ආනන්ද Friday, 03 July 2015 03:49 AM

බුදුදහම අදහන කෙනෙක් විදියට මමනම් විශ්වාස කරන්නේ ගිය ආත්ම වල ඔය වැනි අයගෙන් කුරුල්ලන් මිලදී ගෙන නිදහස් කළ අය තමා ඔය කූඩු වල හිරවෙලා ඉන්නේ ගනුදෙනුකරු එනකම්.(ම)

:       0       0

පිටබැද්දර ජයා Friday, 03 July 2015 04:13 AM

කසුන් පවු කාරයෝ බුදුන්ගේ කාලෙත් හිටිය , දැනුත් ඉන්නවා , මතුවටත් එයාලගේ පැවැත්ම ඒ විදියටම තියෙයි එ්කට ඉතින් නිර්මල බුදු දහම මක් කොරන්නද ? බුදු හාමුදුරුවෝ කවදාවත් එපා කීවෙත් නැහැ කරන්න කීවෙත් නැහැ හැබැයි උන්වහන්සේ අපිට මාර්ගය පෙන්නුවා කළොත් මේකයි වෙන්නේ නොකළොත් වෙන්නේ මේකයි කියල ඉතින් මේ පවුකාර වැඩ කරන එවුන් දැනගන්න ඕන පවුකාර කමෙන් නිදහස් වෙන්න , ඔක්කොටම කලින් උතුම් බුදු දහම අඳුරගෙන ඉන්න (බ)

:       0       0

චමී Friday, 03 July 2015 04:24 AM

දැන් මේවා තහනම් නම් සාමාන්‍ය ජනතාව පෙන්නනකම් පොලිසියට පේන්නේ නැද්ද? (බ)

:       0       0

නන්දසේන Friday, 03 July 2015 06:20 AM

දෙල්කඳ පැත්තේ කුරුලු ජාවාරම කරගෙන ගියේ අද ඊයේ නොවේ. වසර අවුරුදු ගණනාවක සිටයි. පොලිසිය නින්දෙන් නැගිටලා තියෙන්නේ දැනුයි.(හේ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 02 July 2015 07:30 PM

ශ්‍රී ලංකාවේ කුරුල්ලන් විකිණීම තහනම්ද? මෙහේ නම් සමහර වෙළඳ ප්‍රදර්ශන හෝ සති පොළවල විවිධ සතුන් විකුණනවා. (නි)

:       0       0

සිරි Friday, 03 July 2015 06:40 AM

ගහ කොළ , ගංගා ඇල දොළ සතා සිව්පාවා , ඇලේ දොලේ වෙලේ වැලේ වෙලී පිපෙන සුවඳ පිරි මල්වලට පවා පමණක් නොව මිනිසා එකිනෙකාට සෙනෙහස, ඇල්ම බැල්ම, ආදරය, කරුණාව දැක්වීමටත් බෞද්ධ දේශනාවට අනුව සංසාරගතව පුරුදු පුහුණු කරගෙන ආ පුරුද්දක් තිබිය යුතුයි (ම).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4417 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1617 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4531 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 415 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4235 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2407 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33957 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23959 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site