(අජිත්ලාල් ශාන්තඋදය)
මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල සිදුකර, බියවද්දා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් කොල්ල කෑ අපරාධයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් මේ මස 27දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් දුලානි සන්ධ්‍යා මහත්මිය අද (15) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ ඇහැලියගොඩ මාහර පංසල පාර ලිපිනයැති කේ.එල්. සමන්ත චන්ද්රසිරි, කුරුවිට, එක්නැළිගොඩ ලිපිනයැති එන්. රත්නසේන සහ බොරලැස්ගමුව,බෙල්ලන්විල, විහාරමාවත ලිපිනයැති,ඩබ්.ඩබ්. සිසිල් කරුණාරත්න යන අයයි.
අපරාධකරුවන් වෑන් රථයකින් 2023-11-22 දින අලුයම 05.00 පමණ පැමිණ මෙම අපරාධය සිදුකර තිබුණි. මාස දාහතරකට පමණ පසු මෙම සැකකරුවන් පසුගිය 12දින අත්ඩංගුවට ගෙන තිබුණි.
කුරුවිට පොලීසියෙ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එක් සැකකරුවෙක් අවිස්සාවේල්ල ප්රදේශයේදී පසුගිය 12දා මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සම්බන්ධයෙන් පැය 48ක රැදවුම් නියෝග ලබාගෙන ප්රශ්න කිරීමේ දී මෙම අපරාධයට හවුල් බවට තවත් සැකකරුවන් දෙදෙනෙක් මහරගම සහ කුරුවිට දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කුරුවිට දී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලියට නවාතැන් දුන් තැනැත්තා බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
ඇහැළියගොඩ, පඩුවස්නුවර සහ කුරුවිට ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවු සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට සැකකරන බව පොලිසිය අධිකරණයට කරැණු දක්වමින් පැවසීය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේද
ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාර
ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද(20) වන දා පාර්ලිමේන්තුවේ පිහිටි වි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට අදාළව මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බ
ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශන වලින් හෙලිවන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2
පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්‍ර කිරීමට පියවර ගෙන ති
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්
Laksman Sunday, 16 February 2025 06:52 AM
ඇහැළියගොඩ සමන්තා කිව්වොත් සතයකට විශ්වාස කරන්න එපා. ඊළඟට චන්දරේලා...