IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කරුවලගස්වැව උද්ඝෝෂකයන්ට කරුවල දසාවක්

පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී වැලි ට්‍රැක්ටරයක් මුදා ගත් බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොලිස් අත් අඩංගුවෙන් මුදා ගැනීම සඳහා පසුගිය 8 වෙනිදා උද්ඝෝෂණය කළ 12 දෙනෙකු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලස මෙම පිරිස පුත්තලම පොලිසියේ රඳවනු ලැබ සිටිති.

මොවුන් අතර එජාප, ජවිපෙ හා සන්දාන ආදාරකරුවෝද  වෙති

පොලීසිය අසල උද්ඝෝෂණය කළ පිරිස අතර සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද සිටියේය.

මෙම 12 දෙනා අතරට ඔහු අයිති නැති බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

කරුවලගස්වැව උද්ඝෝෂකයන්ට කරුවල දසාවක්

සෙන Wednesday, 11 June 2014 10:15 AM

පොලිසිය ගුටි කන්නේ දෙසපාලකයෝන්ගෙන් මිසක් සාමාන්‍ය මහජනයාගෙන් නෙවෙයි නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි (දී).

:       0       0

පහන් Wednesday, 11 June 2014 12:32 PM

ඔය කියන ඇමතිලා බනිස් ගෙඩියක් කැවත් බිල දාන්නේ ගුවන්තොටුපල සමාගමට. දන්නෝ දනිති. තමන් බාරව ඉන්න අමාත්‍යංශයට බරක් වෙනවා හැරෙන්නට කරන කෙහෙල්මලක්වත් නැත. අහෝ ලංකා මාතාව....(ස)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 12:55 PM

ඕන කෙනෙකුට ඕන දෙයක් ඕන විදිහකට කර ගන්න ඔය පොලිසි ටික වහල දැම්ම නම්. (ස)

:       0       0

බිමල් Wednesday, 11 June 2014 03:34 PM

මොකද්ද මේ විහිළුව? වැදගතුන් තේරුම්ගත යුතුයි නේද ඔවුන් කරන කියන දේවල් ගැන? (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 11 June 2014 10:44 PM

ඔව් 13 අපට ටිකක් අපල හන්ද එකක් අයින් කරන්න ඇති

:       0       0

ජයන්ත Wednesday, 11 June 2014 07:13 AM

මේ 12 දෙනා අතරට ඔහු අයිති නැත්තේ ආශ්චර්ය නිසා වෙන්න ඇති (නි)

:       0       0

සේරම් Wednesday, 11 June 2014 07:27 AM

ඒ මොකද ඒ? කොහොමද එහෙම වුණේ? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 11 June 2014 07:27 AM

මේ දොළොස් දෙනා අතරට ඔහු අයිති නැත්තේ ඇයි? ඔහු මේ රටේ පුරවැසියෙක් නේද? (නි)

:       0       0

ටිරෝන් Wednesday, 11 June 2014 07:52 AM

දොළොස් දෙනාට නම් හොඳම වැඩේ. අනෙක් උදවියටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 11 June 2014 07:54 AM

ඔයාලත් පුදුම ප්‍රශ්නනේ අහන්නේ. පහුගිය දවස් ටිකේ සිදුවුණ සිදුවීම් ටිකක් මතක් කර ගන්නකො. (නි)

:       0       0

ලලිත් Wednesday, 11 June 2014 07:58 AM

දේශපාලනයේ ආශ්චර්යය!! (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 June 2014 08:11 AM

හැමදාමත් තෝරු ටික පැනගන්නවා.හාල්මැස්සන් අහුවෙනවා. මේක පුදුම ලෝකයක් ! ඉතින් කොහොමද රටක් හදන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 June 2014 08:15 AM

මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. සමහර දේශපාලකයන් තමන්ගේ ගෝලයන්වත් අරගෙන ඇවිල්ලා කලබල කරලා බොරු මහජන මතයක් පෙන්නන්න හදනවා විතරක් නොවෙයි, නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේත් නැහැ (නි)

:       0       0

දසුන් Wednesday, 11 June 2014 08:16 AM

නීතිය කාටත් සමාන වියයුතුයි (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 11 June 2014 08:17 AM

මේක වෙන්න ඇති ආශ්චර්යයට යන්න තිබෙන කිට්ටුම පාර. ඡන්දදායකයන්ගේ පොට්ට වූ දෑස් දැන්වත් පෑදේවා! කෙසේ වෙතත් මෙවනි ගඳ ගසන වැඩ ජනතාවට හෙළිකිරීම ගැන ලංකාදීප පුවත්පතට ස්තුතිය! (නි)

:       0       0

පිටිගල Wednesday, 11 June 2014 08:25 AM

මට ‍නම් මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි. අර එක් කෙනෙකුට විතරක් වෙනම නීතියක්ද? හොඳයි බලමුකෝ (නි)

:       0       0

අනුර Wednesday, 11 June 2014 08:56 AM

මෙවැනි ක්‍රියා වලට මහජන නියෝජිතයෙකු සහභාගි වීම බරපතල වැරැද්දක්. (නි)

:       0       0

වසන්ති Wednesday, 11 June 2014 08:58 AM

නීතියේ සමානාත්මතාව නැතිතාක් ඒ රටේ සාධාරන නීතියක් නැති බවයි පෙනෙන්නේ. වර්තමානයේ ඇති මුලිකම ප්‍රශ්නය සාධාරන නීතියක් රටේ ක්‍රියාත්මක නොවීමයි. (නි)

:       0       0

රාජුන් Wednesday, 11 June 2014 09:10 AM

ඉතින් අමාත්‍යවරයා උද්ඝෝෂණය කළ පිරිස අතර සිටියා නම් ඇයි ඔහුත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ? පොලිසිය මෙහෙම දේවල් එකක් දෙකක් කළා නම් දේශපාලකයන් පොලිසියට ඇඟිලි ගහන එක හුඟක් දුරට අඩු වෙයි. (නි)

:       0       0

චන්දදාස Wednesday, 11 June 2014 09:36 AM

ඇමතිවරයා ආවෙ උද්ඝෝෂණය කරන්න නොවෙයි.උද්ඝෝෂණය කරන අයට සිසිල් බීම අරන් දෙන්න.ඉතින් ඒක වරදක්ද​? එහෙම අයව අත් අඩංගුවට ගන්න බැහැනෙ. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 09:43 AM

මොන පිස්සුද පොලිසියට දැන් කොහෙන්ද බලයක්, ඔක්කොම බලතල මෙවැනි දේශපාලකයොනේ අතට අරන් ඉන්නේ. (ස)

:       0       0

ඇසළ Wednesday, 11 June 2014 09:56 AM

මේ වගේ වැඩ නිසා තමයි ජනාධිපතිතුමා රටට කරපු හොඳ වැඩ වල නාමය ගිලිහි යන්නේ. මේ වගේ වැඩ වලට අනුබල දෙන එකෙක් දෙන්නෙක් එලවල දැම්ම නම් ඉන්න එවුන් ටික වත් හැදෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1302 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 793 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1875 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 481 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2767 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site