(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට ඊයේ රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
ව්‍යාපාරිකයට වෙඩි තැබීමට උත්සහා කරද්දී එහි පොතොරම දෝෂයකින් බිම වැටී ඇත.
වෙඩික්කරු එම පතොරම නැවත අහුලා ගෙන ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන විට අදාල ව්‍යාපාරිකයා නිවස තුලට ගොස් දොර වසා ගැනීම නිසා ඔහු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.
යතුරු පැදියකින් සැකකරුවන් දෙදෙනා පැමීණ ඇති අතර ඔවුන් කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පලමුව පවසා තිබේ.
ඔවුන් පිළිබඳව ඇති වු සැකය මත ව්‍යාපාරිකයා සිල්ලර මිලට කරවල ලබා නොදෙන බවත් තොග පමණක් අලෙවි කරන බවත් පවසා තිබේ.
ඉන් අනතුරුව සැකකරුවන් පිටව යාමට සූදානම් වී සගවා ගෙන සිටි ගිනි අවියෙන් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙන බවද කියති.
කෙසේ වෙතත් මෙම සිද්ධියට නිශ්චිත හේතුව හෝ පැමිණි සැකකරුවන් කවුරුන්දැයි හදුනා ගෙන නොමැත.
එම සිද්ධිය සී.සී.ටී.වී කැමරා පද්ධතියක පටිගත වී ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් පැමිණි යතුරු පැදියේ අංක තහඩුව හදුනා ගෙන ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනට සමගාමීව ගාල්ලේ කිලෝ මීටර් 76 දික වෙළෙ පිරිසිදු කිරීම ආරම්භ කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද ප්රමුණ රජය
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.
නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප
ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කරවල මුදලාලි කට පුංචාගෙන් බේරෙයි