(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සෞඛ්‍යට අහිතකර, නරක් වූ මාළු කිලෝ 3000ක් කොළඹ සිට මන්නාරමට කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද(24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරන ලදී.
අදාළ මාළු තොගය ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් බවත්, විශාල මත්ස්‍යයින්ගේ කොටස්ද මේ අතර තිබූ බවත් පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් සුරේෂ් මහතා පැවසීය.
පුත්තලම නගරයේදී කැබ් රථය නවතා ඇති අතර, එහිදී මෙම කැබ් රථයෙන් පිටවූ අධික දුගඳ පිළිබඳව ජනතාව කඩිනමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කර තිබුණි. වහාම එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් කැබ් රථය පරීක්ෂා කර ඇත.
මේ අනුව කැබ් රථය පුත්තලම නගර සභා කසළ අංගනයට රැගෙන ගොස් බැරල් තුළ දමා තිබූ මත්ස්‍ය කොටස් හා නරක්වූ මත්ස්‍ය කිලෝ 3000ට ආසන්න ප්‍රමාණය විනාශ කෙරිණි.
මෙම නරක්වූ මසුන් කරවල සකසනු සඳහා රැගෙන යන බවත්, මත්ස්‍ය කොටස් සත්ත්ව ආහාර සැකසීමට ගෙන යමින් තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී එහි රියදුරා ප්‍රකාශ කර තිබුණි. සියල්ල විනාශ කිරීමෙන් පසු රියදුරා සහ කැබ් රථය දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කෙරුණි.
මෙම වැටලීම සදහා පුත්තලම නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් මහතා සමග කේ.එම්.යූ.ජී.ඒ.එන්.බී. දිසානායක, ජී.එම්.ඩී.මනෝජ් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව සිටියහ.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කරවල හදන්න ප්‍රවාහනය කළ නරක් වූ මාළු කිලෝ 3000ක් විනාශ කෙරේ
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 August 2020 01:06 PM
කරවල කියලා මුදල් ගෙවලා මෙන්න මේ මළ ජරාව තමයි අපි කන්නේ .. මේ වගේ මල ජරාව ගෙවල්වලින්, කඩවලින්, හෝටල්වලින් අපි කොච්චර කාලා ඇත්ද? මම නම් මේ දහජරාව දැක්ක නිසා කරෝල කෑම නැවැත්තුවා. හැමෝම එසේ කරනවා නම් මේ වගේ ජරා වැඩ වෙළෙන්දන් කරන එකක් නෑ. එසේ කරන්නේ කොහොමද? මොන ජරාව වුණත් කන්න මේ රටේ මිනිස්සු සැදීපැහැදී තමයි ඉන්නේ.