IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු

කතරගම  කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් අද (12) රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා  හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කතරගම පොලිසීය පවසයි.

නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන  ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී ඇත.

රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන බව පොලිස් ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක්  සිද්ධිය පිළිබඳව අද රාත්‍රීයේ පරීක්ෂණ ආරම්භ කළේය.

ඡායාරූපය - වසන්ත චන්ද්‍රපාල



අදහස් (29)

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති

කුමාර් (ගල්ෆ්) Tuesday, 12 June 2018 06:45 PM

ධර්මද්වීපයේ මහිමය දෝරේ ගලනවා. අනේ මෙහෙමත් දෙව්දත් තෙරලා රජකරන බොදු සමාජයක්...

:       357       230

chandana Tuesday, 12 June 2018 07:04 PM

කියන්නට දෙයක් නැත. හෙට මෙම තුවක්කු එසවෙන්නේ ඔබ වෙනුවෙන්ද නැතහොත් මා වෙනුවෙන් දැයි නොදනිමි. තිස් අවුරුදු යුධ සමයදීවත් මෙසේ ඝාතන රැල්ලක් නොදුටුවෙමි. අභය තුමනි, බලා හිටියා හොඳටම ඇති, ඝාතකයන් පලවා හැර නැවත රට සාමකාමී කරන්න කාලය පැමිණ ඇත.

:       506       374

මාදවWednesday, 13 June 2018 10:38 AM

අභය තුමා කරයි.... සුදුවෑන්..මිනී මෝරු එහෙම..

:       241       381

Thilina Wednesday, 13 June 2018 01:17 PM

සුදු වෑන් ගැන කියෙව්වට යුද්දයෙන් පස්සෙ සුදු වෑන් වලින් අතුරුදහන් වුන කවුරුවත් නැහැ කියලා ආණ්ඩුවම ප්‍රකාශ කලා. මීනී මෝරු ඇති කරනවා ඔබතුමා දැක්කාද?? තවත් මඩ එපා මහත්තයෝ. අවුරුදු තුන හමාරක් කරපුවා හොඳටම ඇති.තවත් බොරුවෙන් ජීවත් වෙන්න බැහැ

:       24       77

soma dubayi Tuesday, 12 June 2018 07:06 PM

මේක රෙජීමයේ වැඩක්, රජය අපහසුතාවට පත් කරන්න කරපු වැඩක්...

:       725       665

de silva Tuesday, 12 June 2018 07:12 PM

පාතාලය මර්ධනය කිරීම ෆොන්සේකාට භාරදීම හැර වෙන විකල්පයක් නැත.

:       167       674

බද්රානි Tuesday, 12 June 2018 07:51 PM

දේශපාලනයට සම්බන්ධ පාතාල කල්ලි වෙඩි තියා ගැනීම් දැන් ලංකාවේ සාමාන්‍ය සිද්දියක් බවට පත්වෙලා. තව ඉස්සරහට මෙවැනි සිදුවීම් දිනකට දෙක තුනක් ඇති උනත් අපි නම් පුදුම වෙන්නේ නැහැ.

:       201       140

Sanath Tuesday, 12 June 2018 08:05 PM

සංඝ රත්නයට පහරදීම අවීචි මහා නරකාදියට පාර කපාගැනීමක් කියලා හිතාගත් තොත් හොඳයි.

:       17       170

rasika Tuesday, 12 June 2018 08:24 PM

විපක්ෂ මන්ත්‍රීන් මරනවා, හාමුදුරුවරු මරනවා, TNL එක වහනවා.. මොකද වෙන්නේ රටට.. ආපහු භීෂණ කාලේ මතක් වෙනවා...

:       78       209

hewawitharana Tuesday, 12 June 2018 09:27 PM

කොටි කලබල කාලෙට වඩා හපන් වගේ දැන්

:       0       46

naradha Wednesday, 13 June 2018 01:03 AM

දැන් මේ වෙඩි තැබීම් රටේ සාමාන්‍ය සිද්ධි බවට පත් වෙලා ඉවරයි!

:       0       27

Saththaya Wednesday, 13 June 2018 01:38 AM

මේ රටේ වපුරපු දේවල් වල අස්වැන්න තමයි මේ . දැන් කිසිම විසබීජ නාශයකට මේ දේවල් මැඩපවත්වන්න බැහැ. ආගම ධර්මයක් නැහැ , බලය මිසක් .

:       2       218

Gunawardana Wednesday, 13 June 2018 03:43 AM

යූ ටියුබ් සර්ච් කරානම් කට්ටියට ගොඩක් දේ බලන්න පුළුවන්

:       275       254

rama Wednesday, 13 June 2018 03:48 AM

දැන් නම් රටේ තත්වය අන්තිම නරකයි ආරක්ෂාව දුර්වලයි.

:       107       320

සතයපාල Wednesday, 13 June 2018 05:21 AM

පංසලේ දේපොල ආරවුලක්ද දේශපාලන මැදිහත්වීමක්ද?

:       4       40

Jagath Leanage Wednesday, 13 June 2018 05:49 AM

හත් දෙයියනේ... ලංකාවට මොනවද මේ වෙන්න යන්නේ. හරිම නරක කල දසාවක්.

:       7       11

athula Wednesday, 13 June 2018 06:25 AM

රටේ පිරිහීම මේවගෙන් ම පේනවා මේවා නිකම්ම වෙච්ච දේවල් නොවේ අනෙක අද රටේ හැම තැනම ස්වයංක්‍රීය අවි මේවා ආවේ කොහෙන්ද ?

:       0       25

Samathasena A . Aluthgama Wednesday, 13 June 2018 07:02 AM

" මිනිසුන් නොමිනිසුන් වී ඇත සතර අතේ " " හොරකම,බොරුව මැරවර කම් නිමක් නැතේ " " චීවර ධාතු වෙත වෙඩි හඬ පැතිර ඇතේ " " දැන්නම් පුතේ .... ඉවසීමෙන් පලක් නැතේ "

:       1       1057

රනසිංහ Wednesday, 13 June 2018 07:12 AM

මහත්වරු කලබල වෙන්න එපා ඊයේ හාමුදුරුවන්ගේ කතාව අහපු අයට ඝාතකයන් ගැන හෝඩුවාවක් ලැබෙයි?

:       0       151

sena Wednesday, 13 June 2018 08:03 AM

සමහර හාමුදුරුවරු ගැන ඉතාමත් නරක ආරංචි එනවා එක නගරයක ගිහි ජීවිතෙත් තවත් නගරයක පැවිදි ජීවිතෙත් ගත කරනවාලු - අනේ මන්දා??

:       17       533

Samathasena A . Aluthgama Wednesday, 13 June 2018 08:55 AM

"පොලිස්පති තුමනි, නීතිය පසිඳලන " " මැරවරයන් රැගෙන දඟගෙයි දමනු මැන" " සුළුදිය පොවා ඇතිවෙන තුරු තලනු මැන" " සත්‍යය වමාරා ... හිමිවරු රකිනු මැන "

:       141       469

බණ්ඩාර-(කැකිරාව) Wednesday, 13 June 2018 09:06 AM

යහපාලනය දොරේ ගලනවා ..සුපිරි වෙනසක් අවුරුදු 3න්ම ලැබුනා ...

:       31       241

වෙදා රුචිර Wednesday, 13 June 2018 09:11 AM

මේකත් පොඩ්ඩක් You Tube එක බැලුවනම් ඇත්ත නැත්ත මොනා උනත් දේශපාලුවන්ට කඩේයන එකනම් හොඳ නැත.

:       53       23

Perakum Wednesday, 13 June 2018 09:21 AM

කව්දෝ කියලා තිබුණු යූටියුබ් එක බලන්න කියලා. යූටියුබ් එකේ තියන හැම දෙයක්ම ඇත්ත කියලා හිතන මෝඩයන් මේ රටේ තව කොච්චර ඇතිද..? නොදන්නා දේ ගැන කතා කරලා ජනතාව නොමග යවන එක නම් මහා අපරාධයක්. මම මේ කාටවත් සුදු හුණු ගානවා නොවෙයි.

:       134       139

කමලසිරි Wednesday, 13 June 2018 09:50 AM

විහිළුවෙන්ම රට ගෙනයන්න බෑ. පවතින සමාජ යථාර්ථය අවබෝධ කරගෙන කඩිනම් විසදුම් ලබාදිය යුතුයි.

:       0       25

jeewa Wednesday, 13 June 2018 10:37 AM

දුෂ්ට පාලකයෝ රජ පුටුවට අවාම රටට මෙවැනි විපත් ඇති වෙනවා. ආප්ප කාලා තාප්පෙන් පැනපු අයවනේ ඔහෙලා මල් මාලා දාලා ගිහින් රජ පුටුවේ තිබ්බේ... ඒවගේ විපාක දැන් පොලිත් එක්කම ගෙවපල්ලා

:       34       51

shan saudi Wednesday, 13 June 2018 10:42 AM

රටේ නීතිය බල්ලට ගොස් ඇතිබව හොදින් පෙන්නුම් කෙරේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරවීමට නම් ඒ සඳහා සුදුසු පුද්ලගලයා සරත් ෆොන්සේකා මිස වෙන කිසිවෙකු නොවේ කොන්දක් නැති අයට නීතිය භාරදීම රටේ විනාශය ගෙන එයි ජනපතිට මෙය කිරීමට අද නොහැකිව ඇත.....

:       2       91

singapuli Wednesday, 13 June 2018 11:01 AM

මේ වෙඩි තැබීම පාපතර වැඩක්. හිමියනට ඉක්මන් සුවය පතමු.!

:       3       8

ප්‍රීති Wednesday, 13 June 2018 11:01 AM

සමාජයේ වපුරපු සරු බීජවල අස්වැන්න දැන් කවුරුත් සරුවට නෙලා ගනිද්දී, නාහෙන් හඬා පලක් නැත. එදා, සරු බීජ වපුරද්දී, සමාජයට මුදාහල රසායනික ද්‍රව්‍ය වලින් මිනිසුන්ගේ හදවත් තුල තිබුණු, කරුණාව, අනුකම්පාව, හා ගෞරවය වඳවී ගොස් බොහෝ කල්ය. කාලගෝට්ටි, මිනීමැරුම් සමාජයේ පවතින රසවත් සිදුවීම් බවට පත්වී හමාරය.

:       0       115

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 585 2

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 324 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 435 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 166 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 375 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 640 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 563 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 455 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site