IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කිරිවෙහෙර හිමි මුවන්ට කිරි පොවති

කිරියා හා සාලිය නමින් හදුන්වන මුවෝ දෙදෙනක් කතරගම කිරිවෙහෙර විහාරාධිපති  රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ගේ සුරතලූන් බවට පත්ව සිටිති. සෑම උදෑසනකම කොබවක හිමියන්ගේ සුරතින්  කිරි බීමට හුරුවී සිටින මුවන් දෙදෙනා ඉමහත් ආදරයෙන් රැක බලාගැනීමට සේවක පිරිසක්ද නායක හිමියන් විසින්  පත් කරනු ලැබ සිටිති.

img_73



අදහස් (0)

කිරිවෙහෙර හිමි මුවන්ට කිරි පොවති

පෙරුමාල් Tuesday, 28 June 2016 12:37 PM

කවුරු හරි පන්සල් වත්තට වීසි කරල ගිය මුවෝ දෙන්නෙක් වෙන්න ඇති. (බ)

:       0       0

කරු Wednesday, 29 June 2016 05:04 AM

සිද්ධිය වෙන වෙන පැති වලට ගෙනියන්න බොහෝ දෙනෙක් හදන බව පේනවා. අද රටේ තත්වය ඒකයි. හොඳට පැහැදිලියි. ඔන්න වෙනස (නි)

:       0       0

සහන Wednesday, 29 June 2016 05:22 AM

මුවන් විසින්ම පන්සලට ඇවිල්ලද දන්නේ නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 29 June 2016 05:37 AM

අන්ත අසරණ දරුවෝ දැක්කම අහක බලාගෙන යන අපේ සමාජයේ අලිපැටවුන් දරුවන් සේ හදා ගන්න ප්‍රසිද්ධියේ මුවන්ට කිරි පොවන අයගෙන් නම් අඩුවක් නැහැ වගේ. (බ)

:       0       0

සිරි Tuesday, 28 June 2016 08:30 AM

හාමුදුරුවනේ, අද කාලේ සතුන්ට කන්න බොන්න දීලා බලාගන්න එකත් හිරේ යන වරදක් (නි)

:       0       0

වරුණ Tuesday, 28 June 2016 08:57 AM

සිරි, මේ මුවාවත් කාටහරි අමතකවෙලා පන්සලේ දාලාගිය එකෙක්ද කොහෙද නේද? (නි)

:       0       0

නිම්මි Tuesday, 28 June 2016 02:57 PM

අනේ හාමුදුරුවනේ පරිස්සමෙන්. බල පත්‍රයක් ඕනෙද කියලා හොයලා බලන්න. (හේ)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 28 June 2016 09:04 AM

හාමුදුරුවනේ සත්ව කරුණාව භයානකයි. නඩුවක් වැටෙන්න පුළුවන්. (ම)

:       0       0

සුසන්ත Tuesday, 28 June 2016 03:11 PM

දැන් මේකටත් ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ.(හේ)

:       0       0

කමල් Tuesday, 28 June 2016 09:07 AM

වන සත්ත්ව හා වෘක්ෂ ලතා පනත අනුව මුවන් ඇති කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. (ම)

:       0       0

ජයම්පති Tuesday, 28 June 2016 09:30 AM

පරිස්සමෙන් අපේ හාමුදුරුවනේ, සත්ව කරුණාව නීති විරෝධී වෙන්න පුළුවන්. (ර)

:       0       0

සමින්ද Tuesday, 28 June 2016 09:34 AM

කතරගම වනජීවී කාර්යාලයයේ නිලධාරීන් පංසලේ බුදිද? (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 28 June 2016 06:15 PM

කොබවක ධම්මින්ද හිමියන් දෙපැත්තකින් පරෙස්සම් වෙන්න ඕනෑ. මෙම පින්වත් කාර්යයට එරෙහිව රජයේ නිලධාරීන් උන්වහන්සේට එරෙහිව පැමිණිලි කරන්නත් බැරි නැහැ. අනිත් පැත්තෙන්, ඔය පළාතේ ඉන්න මස් වැද්දන්ගෙන් මේ අසරණ සතුන් දෙන්නා බේරාගන්නත් ඕනෑ. (නි)

:       0       0

පද්මිණි Tuesday, 28 June 2016 06:28 PM

අපූරු දර්ශනයක්. කාටහරි අමතකවෙලා දාලා ගිහින්ද දන්නෙත් නැහැ (නි)

:       0       0

කවිදු Tuesday, 28 June 2016 09:42 AM

මේ කරන දේ අගය කළ යුතුයි.(හේ)

:       0       0

මහේෂ් Tuesday, 28 June 2016 09:55 AM

සුන්දර දසුනක්.(හේ)

:       0       0

උදිත් Tuesday, 28 June 2016 08:31 PM

ගොඩක් දෙනා මේ වන සතුන්ගේ ප්‍රශ්නය දිහා බලන්නේ ඉතා වැරදි විදියට. වන සතුන්ට මිනිස්සු කෑම දෙන එක සත්ව කරුණාව නොවේ. එය සතුන්ට කරන අපරාධයක්. මෙහෙම මිනිසුන්ගේ කෑම වලින් යැපෙන්න පුරුදුවුණාම ඒ සතුන්ගේ ස්වභාවික චර්යාරටා වලට හානි වෙනවා. සමහර ලෙඩ රෝග හුවමාරු වෙන්නත් පුළුවන්. මෙහෙම වෙලා අන්තිමට ගහණ පිටින් සතුන් වඳවෙලා ගිය අවස්ථා ඕනෑතරම් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වෙලා තිබෙනවා. අප සතුට ආදරය කරනවා කියන්නේ ඔවුන්ගේ දීර්ඝකාලීන සුරක්ෂිතතාවය තහවුරු කිරීම විනා ඔවුන් අපේ සුරතලුන් කරගැනීම නොවේ. (නි)

:       0       0

ශක්ති Wednesday, 29 June 2016 12:45 AM

සිරි, ජයම්පති වැනි අය අදහස් ලියන්න පෙර පානදුර කෙසෙල්වත්තේ දිග්ගල පිහිටි කැලේ පන්සලට යන්න. එවිට සියලු කරුණාව පහළවේවි. (නි)

:       0       0

අනුපමා Tuesday, 28 June 2016 10:52 AM

කැලේ ඉන්නවට වැඩිය පන්සලේ ඉන්න එක නම් ආරක්ෂිතයි. .(හේ)

:       0       0

කුමාර Tuesday, 28 June 2016 11:26 AM

අපේ හාමුදුරුවනේ, ඔය මුවන් ඇති කරන්න බලපත්‍රයක් තියනවද? බලාගෙන! (නි)

:       0       0

කරු Tuesday, 28 June 2016 11:47 AM

මතකයි නේද සත්ව කරුණාව පෙන්වන්න ගිහින් අපේ රටේ හිමි නමකට වුණ කරදරේ එහෙම විපතක් නොවේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 7 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 286 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 413 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 172 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 458 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1123 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 362 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site