(අංජුල මහික වීරරත්න)
මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එම සමාගම් සඳහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවද අදාල සමාගම් ව්‍යාපෘතියට රුපියල් මිලියන 8275ක් ආයෝජනය කරන බවද අමාත්‍යවරයා කීය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිරි ගවයින් 4200ක් ආනයනයට අවසර
ජනයා Tuesday, 07 September 2021 02:55 PM
ගිය ආණ්ඩු දෙකම කොමිස්වලට හරක් ගෙන්නුව කියල කෝප් කමිටුව හෙලි කලා. හැබැයි දන්න අය දන්නවා ඒ හරක් ලෙඩ හැදිල මැරුණ කියල. මේකට දූෂිත පශු වෛද්‍යවරියක් සම්බන්ධ වුණා කියල මාධ්‍යයෙන් කියවුණා. මේ විදියට කෝටි ගාණක් අපතේ ගියාට විශාල කිරි හිගයක් තියන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. දශක පහකට විතර උඩදි අයර්ශයර් සහ ජර්සි යන කිරි ගවයින් තුන් දෙනෙක් ඉදලත් ගමටම කිරි සපයන පොල් ඉඩම් අයිතිකරුවන් මීගමුව එහායින් ඇති නගරවලත් හිටියා. කරුණාකර නිර්පාක්්‍ෂිකවූද ගවයන් සම්බන්ධම විශේෂවූ පශු වෛද්‍ය මණ්ඩලයක ශක්‍යතා අධ්‍යයනයකින් පසු නිවැරදි එතෙර බෝකිරීමේ ස්ථානය තෝරා ගන්න. මේක තවත් මොඩ ක්‍රියාවක්නම් නොවේවා!
Kule Tuesday, 07 September 2021 03:37 PM
මුලු ලංකාවෙම ඒකම දේශගුණයක් නෑ ඒ් ඒ් පළාත්වලට වෙනයි ඒ් නිසා අපේ ලංකාවේ දේශගුණයට ඒළදෙනුන් බෝ කිරීම යෝග්‍යයි නේද
mihira Tuesday, 07 September 2021 06:33 PM
පාර්ලිමේන්තුවේ අයට මේ ටික තේරෙන්නැ
Ruhunu Tuesday, 07 September 2021 06:27 PM
අපේ රටට හරියන හරක් ගෙනාවනම් හරි . ඒකවතාවක් ගෙනනපු හරක් මැරුණා
ජනයාTuesday, 07 September 2021 10:08 PM
දූෂිත ගනු දෙනු යට බාල බඩු එන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ජර්සි වර්ගයේ හරක් ඉන්දියාව වගේ උෂ්ණ රටවලත් ඉන්නවා. ලංකාවේ විශාල වතුවලත් ඉන්නවා. මේවා දන්න විද්වත් පශු කමිටුවක් අවශ්‍යයයි. අලුතින් හැදූ සමාගම්වලට කොන්ත්‍රාත් දුන්නොත් ඔවුන්ට අතරමැදියන් වැඩි නිසා පසුගිය වාරයන්හි සිදුවූ දේ නැවත සිදුවීමට ප්‍රවණතාවය වැඩියි. කමක් නෑ කැමති විදියක්. කිරි නොවූනට අපේ කට්ටියත් හරක් නිසා සත්තු මැරුනොත් මේ අයගෙ ඔලු ගෙඩි ගැනල මාරු වෙන්නත් පුලුවන්.