IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කරු ජයසුරිය මල්වතු අස්ගිරි යයි

එක්සත් ජාතික පක්ෂ නව නායකත්ව මණ්ඩලයේ  සභාපති කරු ජයසුරිය මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සමග  අද මහනුවරදී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දුටුවේය.

තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියන් පැවසුයේ එජාප නායකයන් එකතු වී සමගි වී  පක්ෂයේ ඉදිරි වැඩකටයුතු කරගෙන යා යුතුයි.

‘දැන්වත් ඉතින් එකමුතු වී වැඩ කරගෙන යන්න’

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවත් විපක්ෂය බලවේගයක් ලෙස ඉදිරියට රැගෙන යාම අරමුණ බවත් ශක්තිමත් විපක්ෂයක් ගොඩ නගන බවත් ජයසුරිය මහතා කීවේය.

අස්ගිරි මහා විහාරයේදී  උඩුගම බුද්ධරක්ඛිත මහා නා හිමියන් කරු ජයසුරිය මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පෞද්ගලිකව කතා බහ කළහ.

 



අදහස් (0)

කරු ජයසුරිය මල්වතු අස්ගිරි යයි

නිහාල් චන්ද්‍රසිරි Thursday, 07 November 2013 05:01 AM

ශක්තිමත් විපක්ෂයක් නොමැති රටක ඒකාධිපති පාලනයක් ඇති වෙනවා එජාප නව නායක මණ්ඩලයට සහ රනිල් ජාතික නායක තුමාට මේ රටේ ජනතව වෙනුවෙන් කල යුතු ජාතික වගකීම ඉටුකරන්න හැමෝම සහය දීම යුතුකමක්.(නදී)

:       0       0

අක්ෂි Friday, 08 November 2013 05:29 PM

මහා නාහිමිවරු කියන්න ඕනෑ තමන්ගේ කියලා තියෙන පුංචි රටේ අනාථයන් වෙලා ඉන්න සිංහලයන ගැනත් කතාකරන්න කියලා? ඒකයි දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය. ඇයි නොකරන්නේ? මානව හිමිකම් එයාලට නැද්ද? නැත්නම් හේතුව මොකක්ද? 13 දෙන්න කියලා කියන මේගොල්ලෝ මොනවා නොදෙයිද බලය ගන්න? ඉස්සර කළ හරිය මතකනේ? (නි)

:       0       0

රොකී Wednesday, 06 November 2013 07:05 PM

රනිල් මිසක් ඔය පක්ෂය ගෙනයන්න පුළුවන් වෙනත් නායකයෙක් නැත (නි)

:       0       0

නාමල් Friday, 08 November 2013 05:34 PM

රට ජාතිය අනතුරක වැටිලා ඉන්නකොට තරුණ, අවංක අයගෙන් පක්ෂයක් හදන්න හරි මේක බාර දෙන්න හරි ඕනෑ. (නි)

:       0       0

උපාලි Thursday, 07 November 2013 06:50 AM

ඔය ගමන්ම මහනුවර තිබෙන ප්‍රසිද්ධ දේවාල ටිකටත් ගොඩ වැදිලම ආවා නම් හොඳයි මගේ හිතේ. (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 06 November 2013 07:13 PM

වර්තමාන පාලනය වෙනස් කරන්න පෙර ගරා වැටි ඇති විපක්ෂය වෙනස් කළයුතුයි. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 06 November 2013 07:28 PM

විපක්ෂය ගොඩගන්නට නම් ජනතාවාදී නායකයෙක් අවශ්‍යයි (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 06 November 2013 07:28 PM

කරු ජයසුරිය මැතිතුමනි, සියලුම සුභවාදී බලවේග ඔබතුමා සමගයි.ජයවේවා! (නි)

:       0       0

නාමල් Thursday, 07 November 2013 08:09 AM

හැබැයි කාටවත් සජිත්ට තරම් ඉල්ලුමක් නැහැ (නි)

:       0       0

නාමල් Thursday, 07 November 2013 08:12 AM

අතීතය අපට තාම මතකයි (නි)

:       0       0

සුනිල් Thursday, 07 November 2013 08:36 AM

ප්‍රශ්න අනා ගන්නවා පමණක් බවයි මට නම් හිතෙන්නේ. පරණ අශ්වයෝම ඉදිරියට ගෙන ඔය යන ගමන ගැන මගේ නම් කැමැත්තක් නැහැ (නි)

:       0       0

ඔකිත Thursday, 07 November 2013 08:40 AM

පියා ජනපති වීමම පුතාට මූලික ‍සුදුසුකමක් නොවේ (නි)

:       0       0

ධනුකේ Wednesday, 06 November 2013 07:37 PM

මට නම් එයාව විශ්වාස කරන්න අමාරු චරිතයක්. විහිළුවක් මහත්තයෝ. (නි)

:       0       0

සුනෙත් Wednesday, 06 November 2013 07:38 PM

සියලු දෙනාටම එකතු වෙන්න බැරි වුණත් එකතු වුණ අයවත් සමගියෙන් වැඩ කළොත් ඇති. (නි)

:       0       0

කැලුම් Thursday, 07 November 2013 09:09 AM

කරු ආවොත් පෙනේවි තරු!. (ස)

:       0       0

ස්ටැන්ලි Wednesday, 06 November 2013 07:51 PM

කල්ලි බැහැ කියලා මාධ්‍යට කියපු එයාලම වෙනම කල්ලියක් හදාගෙන වගේ කියලයි මට නම් හිතෙන්නේ. හරි නම් සජිත්වත් එක්කරගෙන එකමුතුව මේ ගමන යා යුතුයි (නි)

:       0       0

කුමාරන Wednesday, 06 November 2013 07:58 PM

කරු හොඳ දේශපාලන චරිතයක් වුණත් දැනට තිබෙන තත්ත්වයෙන් විපක්ෂය ගොඩ ගන්න පුළුවන් කෙනෙක් කියලා මට හිතෙන්නෙ නැහැ.මෙපමණ කලක් ඔය කට්ටියම තමා පක්ෂය මෙහෙයවනු ලැබුවේ.කොහොම නමුත් කැපුවත් කොළ,කැපුවත් නිල් කියන දේශපාලනය තිබුනේ අපි කොන්ඩය බැදපු අත්තලාගේ කාලේ බව අමතක කරන්න එපා.පාක්ෂිකයෙක් වශයෙන් හරිම දුකයි. (නි)

:       0       0

සමන් Wednesday, 06 November 2013 08:11 PM

දැනට සිටින නායකත්වයට සුදුසුම පුද්ගලයා කරු ජයසුරිය පමණි. (නි)

:       0       0

ජෝන් Wednesday, 06 November 2013 08:12 PM

සජිත් මහත්තයා පවු. ඔබතුමා තව ටිකක් ඉවසන්න (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 06 November 2013 08:22 PM

නාහිමියන් වුණත් දෙසන බණ මේ සමහර ඇත්තෝ අහන්නේ නැහැනේ (නි)

:       0       0

චැනි Thursday, 07 November 2013 10:10 AM

හොඳ ආරම්බයක්. රනිල් මැති තුමාට සහ කරු මැතිතුමාට ජය නියතයි (දී)

:       0       0

රුවිනි Thursday, 07 November 2013 10:13 AM

ඔබ තුමාලා වගේ ජෙෂ්ටයින්ගෙන් රටට වැඩක් ගන්න අවස්තාවක් නැහැ (දී)

:       0       0

කපිල Wednesday, 06 November 2013 09:21 PM

සජිත්ට නායකත්වය නොදී මේ කරන අපරාදෙට පක්ෂය හැමදාම විපක්ෂයම තමයි.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 06 November 2013 09:45 PM

කට්ටය එක්ක ගිහින් තනිව ආ කෙනෙක්.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 06 November 2013 09:47 PM

අනිල් හිතන්නේ යු.ඇන්.පි කියන්නේ රනිල් කියලා. සජිත් හිතන්නෙත් එහෙම තමයි. (නදී)

:       0       0

මිනිපෙ Wednesday, 06 November 2013 09:58 PM

පක්ෂය ගොඩ ගත යුතුයි කියා හැමෝම කියනව මිසක්, කවුරුත් ඒක කරන්නේ කොහොමද කියලා යෝජනා කරන්නේ නැහැනෙ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Thursday, 07 November 2013 08:36 PM

මල්වතු අස්ගිරි යනවා වගේම ජන්දදායකයාගේ හදවත් තුළටත් යන්න. මෙතරම් ප්‍රබල පක්ෂයක් සෝදා පාලුවෙන්න හේතුව කුමක්ද කියලා සොයා බලන්න. විශේෂයෙන් යුද්ධය පැවති කාලයේදී මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීන කිරීමට ගත් උත්සාහයන් හා එජාපයේ ප්‍රකාශයන් ගොඩක් අවාසි වුණා. "අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා යුද්ධය විකුණගෙන කනවා' වගේ දේවල් බොහොම අවාසි වුණා. වේදිකාවකට නැග්ග පළියට හෝ මයික්‍රෆෝනයක් ලැබුණු පලියට කටට එන හැම දෙයක්ම කතා කළ එකේ විපාක තමා. හනික නායකත්වයේ වෙනසක් අවශ්‍ය මොහොතක පාක්ෂිකයන් රවටන බොරු නවත්වන්න. ඊටපස්සේ උත්සාහ කරන්න. සමහර විට සාර්ථක වෙන්න පුළුවන් (නි)

:       0       0

දයාන් Wednesday, 06 November 2013 10:17 PM

රොකි, ඒ කිව්වේ 28 වෙනි සැරේටත් ජය වේවා!(නදී)

:       0       0

ආරියසේන Thursday, 07 November 2013 01:33 AM

ශක්‍රයාගේ පුතා වයිමට නායකත්වය දුන්නත් ඒ පක්ෂයට තව කල්පයකටවත් ගොඩඒමක් නැහැ වගේ (නි)

:       0       0

ඇන්ඩි Thursday, 07 November 2013 12:10 PM

දැන් සජිත්ට තියෙන්නේ දකුනු පළාත් මහ ඇමති වෙලා තමන්ගේ හක්තිය පෙන්විමයි. ඇයි එහු එයට පස්ස ගහන්නේ. පක්ෂ කායනත්වය අවහ්‍ය නම් පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 816 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 588 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 353 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 337 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 379 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 501 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site