IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කිරි පැකැට්ටුවෙන් ලොකු සුද්දයක්

මැද පෙරදිග රැකියාවක්  කළ තරුණයෙක් ගම රට පැමිණ හොරණ නිව් චැටල් වත්තේ දී උපන්දිනය සැමැරීමට ගොස් බ්‍රේස්ලට් ,රන් මාල හා මුදු මැර කල්ලියකට ‘පිදීය.’

උපන් දිනයට පුජා වට්ටියක් සොයා යද්දී  ත්‍රිරෝද රියකින් ආ නාඳුනන පිරිසක් ඔහු එහි නංවාගෙන  කිරි පැකැට්ටුවක් බීමට දී  ඉන් සිහි නැති වු පසු ඉන ඉහ අතගාගෙන ඇතැයි  පොලීසිය කියයි.

 

 



අදහස් (0)

කිරි පැකැට්ටුවෙන් ලොකු සුද්දයක්

සමදරා Wednesday, 11 December 2013 09:55 AM

ධම්ම නොදන්නා පණ්ඩිත කතා කියන්න එපා. ඔයාද සල්ලි දෙන්නේ සේප්පු වලට. නිකන් දෙන දේ කාලා ඉන්න බැරිද??? (ස)

:       0       0

ආරියසේන Tuesday, 10 December 2013 08:24 PM

ලංකාවේ කිරි හුඟක් කාලෙකින් බීල නැති නිසා රස බලන්නත් එක්ක බොන්න ඇති.මදැයි කරගත්ත ජංජාලය. (නි)

:       0       0

ධම්ම Tuesday, 10 December 2013 03:08 PM

මේ මල්ලී දැනගෙන ඉඳලා නැහැ ලංකාවේ රත්තරන් තැබීමට බැංකුවල සේප්පුවක් තියෙන බව. (ස)

:       0       0

ඩෛ්සි Tuesday, 10 December 2013 03:10 PM

දැන් කව්ද මෙවැන්නන් බේරාගන්නේ.(නදී)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 10:38 AM

සමදරා කියන කොට තමයි මට තේරුනේ මා ලියු දෙය එහෙමත් තේරුම් ගන්න පුළුවන් කියලා. ඇත්තෙන්ම මා අදහස් කලේ රත්රන් පළඳින්න තරම් ආරක්ෂාකාරී පරිසරයක් දැන් ලංකාවේ නැහැ කියන එකයි. බොහෝ දෙනෙක් කරන්නේ ඒවා බැංකුවේ තැන්පත් කරන එකයි. ස්තුතියි සමදරා තවත් පැතිකඩක් පෙන්වා දුන්නාට. (ස)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 10 December 2013 03:28 PM

විශ්වාස කරන්න එපා.දැන් ලංකාව වෙනස් කරලා තියෙන්නේ.මොකද හැමෝටම ආශ්චර්ය පහල වෙලා. නීතිය, ආරක්ෂාව, පිලිබදව කතා කරන්න දෙයක් නැහැ.ලෝකයේ අනිත් රටවල තිබෙන ජීවිත සහ දේපොළ ආරක්ෂාව ඔබ උපන් මෙන් දැන් ගිලිහිලා බව තේරුම් ගන්න.වර්තමාන ආර්ථික, සමාජයීය, දේශපාලන ක්‍රමයන් රට මේ තැනට පත් කර තිබෙනවා. (ස)

:       0       0

සජිත් Tuesday, 10 December 2013 03:39 PM

මැද පෙරදිග ගිහිල්ලත් මෙයා දන්නේ නැහැනේ පිරිමින්ට රත්තරන් පැළදීම තහනම් බව.(නදී)

:       0       0

තිලක් - ඩුබායි Tuesday, 10 December 2013 04:24 PM

දැනට අවුරුදු දෙකකට කලින් මගේ මිත්‍රයෙක් මහා මඟදී හමුවුන ලස්සන ගැහැණු ළමයෙක් නිසා ලක්ෂ තුන හතරක් වටිනා බ්‍රේස්ලට්, රන් මාල හා මුදු, ඔරලෝසුව සිට සකල මනාවම සෝබනියකට පුදලා පාරේ යන කෙනෙක් ගෙන් බස් එකට ටිකට් එක අරන් හිස් අතින් ගෙදර යන්න සිද්ධ වෙලා තිබුනා. පොලිසියට කියන්නත් බැහැනේ ගැහැණු ළමයෙක් නිසා.මොනවද දෙන්නම බිව්වා මතකයිලු.එච්චරයි මතක.පාඩුව විදගෙනම නැවත ගෙදර ආවා. (ස)

:       0       0

ශාන්ති Wednesday, 11 December 2013 02:08 AM

අපරාදේ දුක් මහන්සියෙන් හම්බ කරගත්තු දේවල් ටික නිකන්ම පුජා කලානේද? (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 11 December 2013 02:11 AM

මේවා කොළඹට කිරි ගමට කැකිරි ප්‍රතිපත්තිය හරහා වර්ධනය වූ ප්‍රවනතාවයන්. ඇත්තන් හා නැත්තන් අතර පරතරය මහමෙර මෙන් උස්වෙද්දී, නැති එකා මුදල් හොයන්නේ මේ ආකාරය ට තමයි. (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 10 December 2013 05:57 PM

මෙයා කිරිවලට ගොඩක් ආසයි වගේ (නි)

:       0       0

අජන්ත Tuesday, 10 December 2013 06:29 PM

තව ඉස්සරහට උපන් ඇදුමෙන් තමා පාරෙ යන්න වෙන්නේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 08:11 AM

මෙතන හිනාවෙන්න වගේම අඬන්නත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ මනුස්සකම.අපි මගතොටේදී හමුවෙලා කතා බහ කරලා හිතවත් වුණහම ඒ මනුස්සයව විශ්වාස කරනවා. තේ එකක් බොමුද ඇහුවොත් බයක් නැතුව ගිහින් තේ එකකුත් බොනවා. අපි එහෙම කළේ මෝඩකමට නෙවෙයි තියෙන ලෙන්ගතුකමට. හැබැයි දැන්නම් දෙපාරක් නෙවෙයි තුන්හතර වතාවක් හිතන්න වෙනවා (නි)

:       0       0

සේරම් Wednesday, 11 December 2013 08:12 AM

එයා දන්නේ නැතුව ඇති ලංකාවේ දැන් නීති ලිහිල් කරලා කියලා (නි)

:       0       0

අචිර Wednesday, 11 December 2013 08:42 AM

එක කාන්තාවක් ගොඩක් වටිනා රන් මාලයක් පැළඳගෙන පාරේ යන විට කුඩු කාරයෙක් මාලේ කඩාගෙන දිව්වලු. ළඟ හිටපු කට්ටිය හොරා අල්ලන්න දුවනකොට කාන්තාව කිව්වලු හොරා අල්ලන්න ඕනෑ නැති බවත් එම මාලය ඉමිටේෂන් එකක් බවත්. ටික වෙලාවකට පසු මාලේ කඩාගත්ත හොරා පැමිණ මාලේ කාන්තාව දෙසටම විසි කර මින්පසු ඉමිටේෂන් දාන්න එපා යැයි බැන වැදුනලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 5 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 43 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 113 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 423 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 548 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 82 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site