IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොරේ පිටට මරේ

මාස හතකට පමණ පෙර සෞදි අරාබියේ කමිස මුසායඩ් ප්‍රදේශයට ගෘහ සේවිකාවක් ලෙස පැමිණි මාතලේ මාරගස්පිටිය කොළණියේ හැවිදිරිදි ඉහළ ගෙදර රූපලතා (44) මහත්මිය හදිසි අනතුරකින් මිය ගියාය.

මේ කාන්තාව රැකියාව කරන ලද නිවසේ විවිධ වද හිංසන  සහ ලිංගික අපචාර පිළිබඳව ඇය විසින් වාචිකව ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයටද අයගේ ඥාතීන්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද විදේශ රැකියා ආයතනයටද පැමිණිලි  කර ඇති බව සොයා ගෙන ඇත.

මෙම කාන්තාවගේ මරණය පිළිබඳව තොරතුරු සඳහන් කරන අබා ප්‍රදේශයේ වෙසෙන සමාජ සේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතා පවසනුයේ රූපලතා මහත්මිය කිහිප වරක්ම දුරකතනයෙන් කතා  කර  ඇය දැඩි ලෙස හිංසනයට  හා ලිංගික අතවරයන්ට පත් වී සිටින බවත් මා කෙසේ හෝ ලංකාවට පිටත් කර යනව ලෙස ඉල්ලා සිටි බවයි.

මේ පිළිබඳව කොන්සල් කාර්යාලයයේ කම්කරු නිලධාරී මොහොමඩ් මලික් මහතාට මේ පිළිබඳව දැන්වීමෙන් පසු  ජෙඩා පිහිටි කොන්සියුලර් කාර්යාලය මේ කාන්තාවට සිදු වන  හිංසනයන් හා ලිංගික අපචාරයන්  පිළිබඳව අදාළ හාම් පුතාගෙන් ප්‍රශ්න කළහ.

 දින කිහිපයකට පසු (මීට දින තුනකට පෙර) ඇය කමිස් මුසායඩ් විදේශ රැකියා ඒජන්ත කාර්යාලය වෙත බාර දී ඇති අතර කාන්තාව එහිදි පවසා ඇත්තේ ද කෙසේ හෝ තමා ලංකාවෙන් පිටත් කර හරින ලෙසයි.පෙරේදා(29) වන තුරු රැකියා නියෝජිත කාර්යාලයයේ රැදී සිටි ඇය කොන්සියුලර් කාර්යාලය වෙත දැනුම් දීමෙන් පසු අභා අසීරු ජාතික රෝහලට ඇතුළු කර ඇත.

දේහය දැනට අසීරු රෝහලේ තැන්පත් කැර ඇත.

කොන්සියුලර් කාර්යාලයේ කම්කරු නිලධාරී මොහොමඩ් මලික්  මහතා කියා සිටියේ මෙම කාන්තාව මිය යාමට පෙර කාලයක සිට අදාල හාම්පුතාගේ හිංසන සහ අපචාර සිදු වු බවයි. තමන් මේවන විට ගැබ් ගෙන ඇති බවත්  ඇය පැවසු  බව ඔහු කියයි.

ඒ අනුව ඇයට මා උපදෙස් දුන්නේ මෙම කරුණු පිළිබඳව  පොලිස් විමර්ශනයක් කිරීම සඳහා අභා කාන්තා සුභ සාධන කඳවුරට කඳවුරට ගොස් බාර වන ලෙසයි.ඉරිදා දින කිහිපයේදී අදාළ හාම් පුතාට විරුද්ධව  නිතීමය මගින් කටයුතු කරන බවත් කාන්තාව වෙනුවෙන් ලබා ගත හැකි වන්දි මුදල් හා ලබාගත හැකි වන්දි මුදල් හා  හිග වැටුප් ලබා ගැනීමට පියවර ගන්නා බවත් කාන්තාවගේ මෘත දේහය ලංකාවට එවීමට පියවර ගන්නා බවත් මලික් මහතා පැවසීය. 

mmm(1) rupalatha3

 



අදහස් (0)

කොරේ පිටට මරේ

නිශා Tuesday, 31 March 2015 04:02 PM

මෙම නිලධාරියගේ නොසැලකිල්ල තමා මෙම අකල් මරණයටත් හේතුව මම අත්දැකීමෙන් කියන්නේ මෙයාගෙන් මොනවහරි දේකට කතාකරත් බැනල තමා උත්තර දෙන්නේ අසරණ අපි කාට කියන්නද (බ)

:       0       0

කැළුම් Tuesday, 31 March 2015 06:26 PM

අනේ දෙවියනේ මෙහෙමත් ජීවිත! (නි)

:       0       0

විකී Tuesday, 31 March 2015 08:14 PM

මිනිසුන්ගේ ජීවිත විකුණාගෙන කන එකට කියන්නේ කුමක් කියලද? මිනිසුන්ට ජීවත්වන පරිසරයක් තිබුණු අපේ රට රැකගන්නවත් අපේ අය සමත්වුණේ නැහැ. (නි)

:       0       0

විකී Tuesday, 31 March 2015 08:15 PM

ලංකාවේ ඉන්න සෑම පුරවැසියෙකුටම විදේශ සේවය අවුරුදු දෙකක් අනිවාර්ය කළයුතුයි. නැත්තන් මේ මෙහෙකාර සේවයේ යෙදවීම අත්හිටවිය යුතුයි. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 31 March 2015 09:59 PM

දරු පවුලක් අනාථයි. කොච්චර නැති බැරි වුණත් ලංකාවේ ගෙදරක වැඩකරලා සල්ලි හොයන්න නම් කැමති නැහැනේ. (නි)

:       0       0

අබරන් Wednesday, 01 April 2015 01:25 AM

ලංකාවේ ප්‍රධාන ආදායම මැදපෙරදිග සේවය. ලැජ්ජා වෙන්න ඕනෑ (නි)

:       0       0

ධම්මි Tuesday, 31 March 2015 12:42 PM

හැම තානාපති කාර්යාලයකම මෙහෙම තමයි ඉන්නේ ඔක්කොම හොරු යන්නේ සේවය කරන්ට කරගන්නේ තමන්ට සේවේ (බ)

:       0       0

ධම්මි Tuesday, 31 March 2015 12:44 PM

මමත් ඉන්නේ රට (බ)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 01:25 PM

නියෝජිත ආයතන කරුවන්ට දඬුවම් දිය යුතුයි. උදේ සිට රාත්‍රි වනතුරු සමහර එෆ් එම් නාලිකාවල රට යවන ඒජන්සි කරුවන්ගේ දැන්වීම් වල ගිරව් කියන්නේ සැප සම්පත් වලින් පිරුන ලෝකයක් මවා පන්වමින්. (ත)

:       0       0

ලංකා Tuesday, 31 March 2015 01:39 PM

අපේ අහිංසක ගැහැණු රට යවන එක දැන්වත් නවත්වන්න බැරිද. මේ විඳලා තියෙන්නේ දස වද නේද. කම්කරු කාර්යාල වලට හිතක් පපුවක් ඇති මිනිස්සු සේවයට දාන්න. (ත)

:       0       0

පිටිගල Tuesday, 31 March 2015 02:39 PM

මොකුත් කර කියා ගන්න බැරිව නම් තානාපති කාර්යාලයකට ගිහින් වැඩක් නැහැ. අසරණ වෙලා ආවොත් අසරණම තමයි, පිහිටක් නම් නැහැ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 32 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 657 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1538 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3449 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1809 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 693 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site