IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කුරේ බලාපොරොත්තු දල්වයි

ලන්ඩනයේ ජිවත්වන ශ්‍රී ලංකා මැරතන් ධාවකයකු වන අනුරුද්ධ කුරේ ඔලිම්පික් ජයග්‍රහණයකට පුරුදු පුහුණු වෙයි. පේස්ට්‍රියක් ආහාරයට ගන්නා ඔහු දිනපතාම කිලෝමීටර් 34ක් ඔහු දුවයි. වැඩකරන ස්ථානයට කිලෝමීටර් 17ක් දුවන ඔහු වැඩ ඇරීමෙන් පසුව තවත් කිලෝමීටර් 17ක් දුවයි. බේකන් රෝලක් උදේ ආහාරයට ගනී. මෙක්සිකෝ කුකුළු මස්වලින් සමන්විත දිවා ආහාර වේලක් ගනී. කුළු බඩු එක් කළ කුකුළු මස් පේස්ට්‍රියක් රාත්‍රි ආහරයට ගනී. මේ ආකාරයෙන් ඔහු දිනකට කැලරි 5000 – 6000 කින් සිය ශක්තිය ලබා ගනී. කුරේට උදව් කරන ඔහුගේ හාම්පුත්තු ඔහුට සති හතරක් පඩි සහිත නිවාඩ් දුන්හ. ඔහු සතියක සැතැපුම් 90කට වාඩ දුවයි. 2004 දකුණු ආසියා සාක් ක්‍රීඩා තරගයේ දී ඔහු රන් පදක්කමක් දිනාගත්තේය. ලන්ඩන් මැරතන් තරගය  ජයගත් ඔහු ඔලිම්පික් තරගයට ඉබේම සුදුසුකම් ලැබීය.



අදහස් (0)

කුරේ බලාපොරොත්තු දල්වයි

නාලක Thursday, 26 July 2012 06:06 PM

නියමයි මේ අපේ කුරේනෙ.. ජය වේවා.!!(නු)

:       0       0

chami Thursday, 26 July 2012 06:21 PM

මම මොහු ගැන හොඳට දන්නවා. හොඳ කොල්ලෙක්. ලංකාවේ දුවද්දී සපත්තු දෙකවත් කවුරුත් දුන්නේ නැහැ. ඔහුගේ යාළුවෙක් තමා මිලානෝ ඉඳල 2001 එව්වේ. දක්ෂ කොල්ලෙක් (අ)

:       0       0

අනුර Thursday, 02 August 2012 11:03 AM

නියමයි. ඔබට ජය වේවා! (නි)

:       0       0

කුසුම්සිරි Friday, 27 July 2012 10:58 AM

නියමයි.....අපේ සුභ පැතුම්...(ස)

:       0       0

මංජුල Friday, 27 July 2012 11:02 AM

උපුල්,,මධූ, ප්‍රතිචාර දක්වන්න කලින් ප්‍රවෘත්තිය හරියට කියෙවුවොත් නේද හොද? (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 26 July 2012 06:43 PM

ඔහෙ ඉදල එංගලන්තයෙන් තරගයට සහභාගී වූවා නම්.. හොද අනාගතයක් තියේවි...!!(නු)

:       0       0

නිඹාන්ත Thursday, 26 July 2012 10:41 AM

අපේ ලංකා කොල්ලට ජය වේවා !!....(ස)

:       0       0

ආශා Thursday, 26 July 2012 06:45 PM

නියමයි.. නියමයි...!!(නු)

:       0       0

දර්ශන Thursday, 26 July 2012 10:48 AM

, ඔබට ජය. හැබැයි ලංකාවේ හිටියනනම් 2500 න් ඔය කුකුල් මස් පේස්ට්‍රි කන්න වෙන්නේ නෑ.(වි)

:       0       0

ෆයිසාර් Thursday, 26 July 2012 10:49 AM

ලංකාවට තවත් නමක්....නියමයි කුරේ. .(ස)

:       0       0

ටාසන් Thursday, 26 July 2012 10:50 AM

කවුද ඉස්සර කිව්වනේ කොස්, දෙල් කන අයට හොඳට දුවන්න පුළුවන් කියලා....හැබෑටම කෝ දැන් ඒ අය??.(ස)

:       0       0

ගයාන් Thursday, 26 July 2012 10:53 AM

ආඩම්බරයි, අපේ කොල්ලෙක්....ඔබට ජය නියතයි.....(ස)

:       0       0

සම්පත් Thursday, 26 July 2012 10:56 AM

අපේ පුංචි රටේ කොල්ලෙක් නේ මේ.....එල එල.....(ස)

:       0       0

k.කොබිවත්ත Thursday, 26 July 2012 07:14 PM

ජය වේවා අපේ ලංකා කොල්ලට (අ)

:       0       0

චමිල ප්‍රනාන්දු Thursday, 26 July 2012 07:28 PM

ඔබට පුළුවන් සහෝදරයාණනි. සුභ පතමි

:       0       0

මංජු Saturday, 28 July 2012 08:41 AM

ඔබට ජය.. (ස)

:       0       0

සන්ජය Thursday, 26 July 2012 11:12 AM

ඔහොම යන්....ඔහොම යන්....(ස)

:       0       0

සංජය නාපොලි Thursday, 26 July 2012 11:12 AM

ඔහොම යන් ඔහොම යන්. (දී)

:       0       0

ලලිත් කුමාර ඒකනායක Thursday, 26 July 2012 11:17 AM

නියමයි. ඔහු අපේ කෙනෙක් (දී)

:       0       0

රංග ශානි Thursday, 26 July 2012 11:18 AM

ඔබට තෙරුවන් සරණයි අපි එකා සිතින්ම ඔබ සමගයි (දී)

:       0       0

ජනක Thursday, 26 July 2012 11:31 AM

කුරේට ජය වේවා !!!!!!!!!.(ස)

:       0       0

රුවන් ගමරාලගේ Thursday, 26 July 2012 11:32 AM

වැඩේ හොදයි ..එත් ඉතින් අපේ ගමේ කොල්ලෝ කෙල්ලන්ට මොන බේකන් ද ...(දී)

:       0       0

නදීශාන් Thursday, 26 July 2012 08:06 PM

ඔබට සුභ පැතුම්..!!(නු)

:       0       0

මාටින් Friday, 27 July 2012 12:02 PM

ඈ මල්ලි, ඔයාලා බත් කන්නෙම නැද්ද? ඔලිම්පික් දිනුවොත් තව මොන මොනවා කියයිද දන්‍නේ නැහැ. (නි)

:       0       0

අමර ඉරංගනී Thursday, 26 July 2012 08:47 PM

මල්ලියේ ඔයාට ජයවේවා. (අ)

:       0       0

සම්පත් Thursday, 26 July 2012 09:02 PM

අපේ රට ජාතිය තවත් බබළවන්න ඔබට ශක්තිය ලැබේවා. (අ)

:       0       0

සනත් Thursday, 26 July 2012 09:21 PM

සහෝදරයාණනි ඔබට සුබ පතමි. ඔහෝම යන්. (අ)

:       0       0

විශ්ව Thursday, 26 July 2012 11:58 AM

නියමයි. කුරේ ලංකික අපි ඔබ සමගයි (දී)

:       0       0

මුත්තා Thursday, 26 July 2012 12:08 PM

ඔලිම්පික් පදක්කමක් ගන්න ඔබට ශක්තිය ලැබේවා. ! (දී)

:       0       0

wk Thursday, 26 July 2012 12:19 PM

කුරේට ජය වේවා !!!!!!!!! රුවන් ගමරාලගේ මොලේ අමාරුවක් තියනවද (දී)

:       0       0

කැලුම් Thursday, 26 July 2012 10:35 PM

නියමයි.....(දී)

:       0       0

සනත් Thursday, 26 July 2012 12:24 PM

"ලන්ඩන් මැරතන් තරගය තත්පර දහයකින් ජයගත් ඔහු ඔලිම්පික් තරගයට ඉබේම සුදුසුකම් ලැබීය." අපේ කොල්ලෝ වැඩකාරයෝ......(ස)

:       0       0

මනොහරෙන් Thursday, 26 July 2012 10:36 PM

කුරේ කියන වසගමේ තේරුම දන්නා අය දන්නවා කුරේට දුවන්න පුලුවන් බව (දී)

:       0       0

අරවින්ද Thursday, 26 July 2012 10:39 PM

සන්තෝසයි. ජය වේවා (දී)

:       0       0

රොශීන් Thursday, 26 July 2012 12:29 PM

ඔබට සුභ පැතුම්......(ස)

:       0       0

ණිළං රහීම් Thursday, 26 July 2012 11:04 PM

අපෙන් සුභ පතුම් (දී)

:       0       0

මධු Thursday, 26 July 2012 12:36 PM

හොදෙයි . ඔය මොන රට ද නියෝජනය කරන්නේ ? එංගලන්තයද ලංකාව ද ? (දී)

:       0       0

ප්‍රනාන්දු පදොව Thursday, 26 July 2012 12:37 PM

නියමයි කොල්ලෝ , අපි ඔබ සමගයි . (දී)

:       0       0

සුදේශ් Thursday, 26 July 2012 12:43 PM

මෙන්න ලංකාවේ කොල්ලෝ.....(ස)

:       0       0

තිසා හාමි..... Thursday, 26 July 2012 12:46 PM

ජය වේවා අපේ සිංහයට.......!!! (දී)

:       0       0

ශ්‍රීනාත් Thursday, 26 July 2012 12:58 PM

කොස් දෙල් කාපු අය තමයි මෙහෙන් එලියට යන්නේ , දැන් හම බේකන් ,ජය වේවා (දී)

:       0       0

රජිත් Thursday, 26 July 2012 01:17 PM

මාර කොල්ලෙක්, ජය වේවා !! .(ස)

:       0       0

රොහිත Thursday, 26 July 2012 01:29 PM

හැබැයි පදක්කම එන්ගලන්තෙටයි ඒකයි දුක!.(ස)

:       0       0

බණ්ඩා Thursday, 26 July 2012 01:49 PM

ඔයා දිණුවත් පැරදුණත් ඔහෙම ඉන්න.. අපිට මේ දවස්වල ආශ්චර්යය හොදට දැනෙනවා.. ඔයා ඔහෙ ඉදල හොදට දුවන්න.. සුභ පැතුම්..!!(නු)

:       0       0

‍රොෂාන් කොඩිකාර Thursday, 26 July 2012 01:52 PM

එහෙනම් අපට මොනවා හරි පදක්කමක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවං මෙ පාර.. ඔබට ජයෙන් ජය ගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..!! (නු)

:       0       0

උපුල් Thursday, 26 July 2012 02:08 PM

කව්රු හරි කියන්නකෝ මෙයා එංගලන්තෙටද ලංකාවටද සෙල්ලම් කරන්නේ කියල. හැබැයි කාට සෙල්ලම් කරත් ඔබට ජය වේවා..!!.(ස)

:       0       0

සිරිමල් Thursday, 26 July 2012 02:21 PM

ලන්ඩන්වල හිටියත් ඔහු අපේ...ඔලිම්පික් තරඟ සඳහා සහභාගීවන ඔහු ඇතුළු අනෙක් සියළුම තරඟ කරුවන්ට සුභ පතමි.... (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 26 July 2012 02:23 PM

උණුසුම් සුභ පැතුම්...(ස)

:       0       0

සමන් Thursday, 26 July 2012 02:23 PM

අනුරාධ ලන්ඩන්වල ජීවත් උනත් තරගවදින්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැරතන් තරග කරැවෙකු ලෙසයි.. ඔහුටත් අපේ අනිත් ක්‍රීඩකයන්ටත් ජය පතමි..!(නු)

:       0       0

චරිත් Thursday, 26 July 2012 02:25 PM

අභීත ශ්‍රී ලංකා පුතුන්ට ජය ..... .(ස)

:       0       0

රඛිත Friday, 27 July 2012 08:11 AM

කුරේ මල්ලි, පුලුවන් නම් කෙන්යාවේ, ඉතියෝපියාවේ අයත් එක්ක පුහුණු වෙන්න. ඒ අය තමයි මේ තරග වලට දක්ෂ. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

රුවන් ගමගේ Thursday, 26 July 2012 02:38 PM

කොස් දෙල් කාල දුවනවා කිව්ව කෙනා දැන් කොස් අදුරන්නෙත් නෑ......(ස)

:       0       0

ඉන්දි Thursday, 26 July 2012 02:53 PM

සාග් දිනුවා නම් අනුරුද්ධ ලංකාව වෙනුවෙන් දුවයි,මැරතන් ඒකක් තත්පර 10 න් දිව්වා කියන්නේ දෙවැනියට කලින් තත්පර 10 ක්ද ?මොකද මැරතන් ඒකක කාලය පැය විනාඩි තත්පර වලින්නේ බලන්නේ මිටර් 100 නම් තත්පර 10 කිව්වට කමක් නැ...(ස)

:       0       0

ජානකී.... Thursday, 26 July 2012 02:57 PM

කුරේට ජය වේවා !! හැබැයි පොඩ්ඩක් පැහැදිලි මදි ලන්ඩන් මැරතන් එක ගැන.....(ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 26 July 2012 02:59 PM

කුරේ, ලක් මව රනින් බබලවන්න උත්සාහ කරන ඔබට ජය ප්‍රාර්තනා කරනවා.....

:       0       0

ප්‍රභාත් Friday, 27 July 2012 08:32 AM

මල්ලියෝ ඔයා ලංකාවේ හිටියනම් සොරිම තමයි....(ස)

:       0       0

දනුකේ Thursday, 26 July 2012 03:11 PM

දින්නත් පැරදුනත් ඔබ ගැන ආඩම්බරයි.. ජයෙන් ජය වේවා!!(නු)

:       0       0

සිරිමල් දුණුවිල Thursday, 26 July 2012 03:11 PM

අනුරුද්ධ එංගලන්තයේ ජීවත් උනත් තරඟ වදින්නේ ලංකාව වෙනුවෙන්. එයටත් අප මව්බිමේ අනෙකුත් සියලුම තරඟ කරුවන්ටත් සුභ පතමු. (නු)

:       0       0

වීරසිංහ Friday, 27 July 2012 08:40 AM

ගොඩක් හොඳයි......(ස)

:       0       0

කසුන් Thursday, 26 July 2012 03:13 PM

අහන්නත් සතුටුයි..!! ජය වේවා!! (නු)

:       0       0

දිලිනි Friday, 27 July 2012 08:44 AM

සුභ පතනවා ඔලිම්පික් ජයක් ග්‍රහණයක් ලබාගන්න ශක්තිය ලැබෙන්න කියල !!!!

:       0       0

කුරුවිට Thursday, 26 July 2012 03:13 PM

ජය අපිටයි ලංකාවේ...!(නු)

:       0       0

මංගල Friday, 27 July 2012 08:57 AM

තත්පර 10 ට මොකද වුණේ....(ස)

:       0       0

සාරංග Tuesday, 31 July 2012 11:10 AM

නියමයි කුරේ (දී)

:       0       0

දමිත් Thursday, 26 July 2012 03:42 PM

ඔබට තෙරුවන් සරණයි...ජයෙන් ජය වේවා !!! (ස)

:       0       0

ලාල් Thursday, 26 July 2012 03:44 PM

නියමයි ලක් කොල්ලා...(ස)

:       0       0

චානක Friday, 27 July 2012 09:10 AM

ජය වේවා. ඔබ ලංකාවට ආඩම්බරයක් (දී)

:       0       0

ලාල් පෙරේරා Thursday, 26 July 2012 03:46 PM

නියමයි....(ස)

:       0       0

නන්දික පොලොනෝවිට Thursday, 26 July 2012 03:47 PM

සහෝදරයා.. ඔබට එය කළ හැකියි.. ඉදිරියටම යන්න.. අපි සැම ඔබ සමගයි.. ඔබට සුභ පැතුම්..!! (නු)

:       0       0

ගොනා Friday, 27 July 2012 03:00 PM

ඔබ තව දුවන්න මල්ලියේ .....(දී)

:       0       0

අමිල Thursday, 26 July 2012 03:50 PM

සුද්දො කිව්වොත් සිංහයොත් එක්ක බෑ කියලා මට ඒ ඇති...(ස)

:       0       0

මංගල Thursday, 26 July 2012 03:56 PM

මෙයා ඔලිම්පික් තරගයට සුදුසුකම් ලැබීමට අවශ්‍ය කාලයට වඩා තත්පර දහයක් අඩුවෙන් තරගය නිමා කළා...!!(නු)

:       0       0

එරංග Friday, 27 July 2012 09:36 AM

සුභ පැතුම්! (නි)

:       0       0

මේනක ඉතාලි Thursday, 26 July 2012 04:28 PM

නියමයි ඔහොම යං... ඔ‍හොම යං..(නු)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 09:41 AM

කුරේ නියමයි....ඔහොම යන් , සුභ පැතුම් බොක්කෙන්ම...............(ස)

:       0       0

චානක Thursday, 26 July 2012 04:32 PM

ලක් මෑණියන්ට කීර්තියක් ගෙන දෙන්න ලැබේවා !!!!ආඩම්බරයි......(ස)

:       0       0

දමිත Thursday, 26 July 2012 04:32 PM

ලක්මෑණියන් රණින් බැබලවීමට සුභ පැතුම්...!!(නු)

:       0       0

විජිත Saturday, 28 July 2012 02:09 PM

අප සැමගේ සුභපැතුම්.. (ස)

:       0       0

පැතුම් Thursday, 26 July 2012 05:04 PM

නියමයි කුරේ..ජය ලැබීමට සුභ පැතුම්..!!(නු)

:       0       0

මොහාන් Thursday, 26 July 2012 05:19 PM

නියමයි කුරේ.. කොරියාවෙ ඉන්න ලාංකිකයන් වෙනුවෙන් සුභ පතනවා ඔබට..! ජය වේවා!! (නු)

:       0       0

ශිරාන් Thursday, 26 July 2012 05:19 PM

නියමයි කුරේ.. නියමයි.. හොද අධිෂ්ඨාන ශක්තියක් තියෙන කොල්ලෙක් තමයි ජයෙන් ජය පතනවා..!!(නු)

:       0       0

ඉෂාර Friday, 27 July 2012 10:19 AM

අපේ කොල්ලට ජය වේවා! (නි)

:       0       0

සමන් Thursday, 26 July 2012 05:30 PM

ඔබ ලංකාව වෙනුවෙන් රන් පදක්කම ගන්නවා බලන්න අපි සැදී පැහැදී ඉදින්නෙමු..! ජය වේවා!!(නු)

:       0       0

සුජීව කේ.ඩී.එස් Thursday, 26 July 2012 05:31 PM

කුරේ ඔබට ජය නියතයි..!! ඔබට අපි සියලුදෙනාම ජය පතනවා ඉත සිතින්!!(නු)

:       0       0

සුජිත් Thursday, 26 July 2012 05:31 PM

ඔබට ජය!!(නු)

:       0       0

සුරංග Thursday, 26 July 2012 05:31 PM

කුරේ.. මුළු ලංකාවම ඔබට සුභ පතනවා..!!(නු)

:       0       0

ලලිත් Saturday, 28 July 2012 02:38 AM

රටක් විදියට අපට ලෝකෙට යන්න තියන හොඳම දේ තමා ක්‍රීඩාව. ලෝකේ අද අපි ගැන දන්නේ ක්‍රීඩාව නිසා විතරනේ. ඉස්සර නම් තේ නිසා දැන සිටියා. පස්සේ ප්‍රභාකරන් නිසා දැන සිටියා. හෙට ඔබ නිසා වත් අපි ගැන ලෝකේ දැන ගන්නවා නම් එහි ගෞරවය ඔබටයි. අපි ඔබට මුළු රට වෙනුවෙන්ම සුබ පතමු! (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 26 July 2012 06:03 PM

කුරේ.. ඔබට ජය...!!(නු)

:       0       0

බන්ඩාර Friday, 27 July 2012 10:37 AM

ඔබ ඉතා හොඳයි....ජයෙන් ජයයි....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 375 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site