IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කලකිනි මිනිසත් බව ලැබගන්නේ

පවුල් ප්‍රශ්න, ප්‍රේම සබඳතා, රැකියාවේ ප්‍රශ්න, ආදර සම්බන්ධතා, මතට ඇබ්බැහිවීම, දේපොළ අහිමිවීම, මානසික ව්‍යාකූලතා, සමීප ඥාතීන් මියයාම වැනි හේතු නිසා 2010 සිට 2012 මැද දක්වා 9412 දෙනෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 2010 සිට 2012 දක්වා රත්නපුර හා අනුරාධපුරයෙන් වැඩිම පිරිසක් සියදිවිහානිකරගෙන ඇති බවත්, 40-55 අතර පිරිමින් ඊට වැඩියෙන්ම ගොදුරු වී ඇති බවත්, අවුරුදු 16ට අඩු ළමයින් 41 දෙනෙකු එම තුන් වසරේ දිවි තොරකැරගෙන ඇති බවත් ඔහු කියයි. යම්කිසි තැනැත්තෙකුට සිය පන හානි කර ගැනීමට තවත් තැනැත්තෙකු අනුබල දෙන්නේ නම් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක් සඳහා ආධාර අනුබල දුන් තැනැත්තාට මරීය දඩුවමින් දඩුවම් කළ හැකිය. 2010 වසරේ පිරිමි 2914ක් ද, ගැහැණු 950ක් ද දිවි නසාගෙන ඇත. 2011 පිරිමි 2939ක් ද, ගැහැණු 397ක් ද දිවි නසාගෙන ඇත. 2012.06.30 දක්වා පිරිමි 1381ක් ද, ගැහැණු 397ක් ද දිවි නසාගෙන ඇත.



අදහස් (0)

කලකිනි මිනිසත් බව ලැබගන්නේ

Cooray Nawalage Jude Yohan Friday, 14 September 2012 11:18 PM

අනේ මෙහෙම ලංකාවක්(නු)

:       0       0

ජපන් බෝයි Friday, 14 September 2012 05:15 PM

ජපානයේ ජනගහණය කෝටි 12. ජපානයේ වසරකට සියදිවිහානිකර ගැනීම් 30000කට වැඩි. රටක් ආර්ථිකයෙන් දියුණු උනාට හැම ප්‍රශ්නයක්ම විසදෙන්නේ නැහැ. (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:36 PM

මිනිස්සු අසරණ උනාම උපදෙස් දෙන උදව් කරන ආයතන ඇතිකරන්න ඕන..!!(නු)

:       0       0

ක්‍රිෂ්ණා Saturday, 15 September 2012 01:32 PM

දියුණු වන තාක්ෂණයෙත් එක් ප්‍රථිඑලයක් තමයි‍‍. .(ස)

:       0       0

පනාගොඩ Friday, 14 September 2012 05:25 PM

දුකකනි මිනිසත් බව ලබන්නේ (දී)

:       0       0

ලලිත් Saturday, 15 September 2012 02:47 PM

ගණන් හිලව් බැලුවහම ගෑණුන්ගේ මොලේ හැදි මිටේය කියන්නේ බොරු....මෙහෙම ගියොත් පිරිමින්ට තමයි ඒක කියන්න වෙන්නේ...(ස)‍‍‍

:       0       0

රූපවතී Saturday, 15 September 2012 12:33 AM

රාජකාරි කටුයුත කරගන්න රජයේ ආයතනවලට ගිය විට ඇත්තටම මටත් සිය දිවි නාසා ගන්න සිතුණු වාර අනන්තයි..!!(නු)

:       0       0

පද්මි Friday, 14 September 2012 06:34 PM

තමන්ගේ ජීවිතේ නැති කර ගන්න හදන්න එපා (දී)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 15 September 2012 03:12 PM

මේ වගේ අවස්ථාවකදී එවැනි අයට උපදෙස් දෙන්න දිස්ත්‍රික් මට්ටමින් ආයතනයක් ගොඩ නැගිය යුතුයි..!! විශේෂයෙන්ම අනුරාධපුර සහ රත්නපුර..!!(නු)

:       0       0

කුමාර Friday, 14 September 2012 06:55 PM

වැඩි වෙන ජනගහනයත් එක්ක මතුවන පොදු ගැටළු .ලෝකයේ බොහෝ දියුණු රටවලත් මේවා වැඩි (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:39 AM

ගබ්සාවලින් රටට අහිමි වන පිරිස..!!(නු)

:       0       0

බන්දුල Friday, 14 September 2012 08:49 PM

එක ඇත්ත හොදට තේරුම් ගන්න (දී)

:       0       0

අධිකාරිගේ චන්දික Friday, 14 September 2012 02:36 PM

දැං කාලයේ තියෙන ගැටලුවල හැටියට මේ ගණනින් බේරුණා ඇති..!!(නු)

:       0       0

සම්පත් Friday, 14 September 2012 02:52 PM

අනුබල නවතා නිසි උපදෙශනය දි සියදිවිහානිය නතර කරන්න..(ස)

:       0       0

අජිත් Sunday, 16 September 2012 02:29 PM

මුදල්, දේපළ, බලය යහමින් ඇති කෙනා ජීවත් වෙන්න ආසයි. මේවා නැති අසරණ මිනිස්සු මැරෙන්න කැමතියි. නමුත් බයයි. ඒ මොකද? අපි කවුරුවත් දන්නේ නැහැ මරණින් පසුව අපි කොහේ ඉපදෙයිද කියලා .මරණින් පසුව අපි හොද පොහොසත් අම්මා කෙනෙකුගේ කුසේ ඉපදෙයි කියලා හරියටම දන්නවා නම් ලෝකයෙන් තුනෙන් දෙකක්ම දිවි නහගනියි .මොකද අපි සියලු දෙනාටම සැමදාම මොකක් හෝ ප්‍රශ්නයක්. ඕක තමයි ඇත්ත. (නි)

:       0       0

වරුණ Friday, 14 September 2012 03:24 PM

මිනිසුන්ගේ මනස සෑදීම සදහා ක්‍රියාමාර්ගයක් ඉතා ඉක්මනින් ගත යුතුව ඇත.. (නු)

:       0       0

සචිත්‍රා නුවන් Friday, 14 September 2012 09:36 PM

මේ රූප වාහිනියේ දකින දේවල් ටෙලිනාට්‍ය ආදියෙන් මනස ගොඩක් විකෘති වෙනවා.!(නු)

:       0       0

ලුම්බිණි Friday, 14 September 2012 03:38 PM

මේ අය ගැන දුක නම් තමා. ඒත් ජීවිතය නැති කර ගන්නවත් ශක්තියක් නැති අය ලංකාවේ කොයි තරම් ඉන්නවද? .(ස)

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 09:57 PM

මැරෙන්න පෙර සිතා බලනු. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 09:51 PM

මැරුණට පස්සේ තවත් ඉදලා වැඩක් නැහැ. (නි)

:       0       0

කුරුවිට Saturday, 15 September 2012 09:06 PM

අමාරුවෙන් හරි ජීවත් වෙන්න (දී)

:       0       0

දේශමාමක Friday, 14 September 2012 04:06 PM

මෙහිදී අප සලකා බැලිය යුතු වන්නේ මිනිසුන් සිය දිවි හනිකරගන්නට බලපාන හේතු කාරණයි. (දී)

:       0       0

සිසිර Friday, 14 September 2012 04:27 PM

ලබන ආත්මේ තමයි ඔවා පටිසන් දෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 87 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 262 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 578 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 393 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 323 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1421 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site