IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කැල්කියුලේටරයෙන් කෝටි පහක රත්තරන් පනී

රුපියල්  පන්කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට්  71 ක් සහ ස්වර්ණාභරණ  තොගයක් ඝනක යන්ත්‍ර පෙට්ටි තුළ සගවාගෙන  ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවෝ 58 සහ 41 වියැති කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මොවුහු  ඩුබායි හා ශ්‍රී ලංකාව අතර නිතර නිතර යන එන බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබු රත්තරන් තොගයේ  මුළු බර කිලෝග්‍රෑම් දහයයි ග්‍රෑම් හත්සිය පනහකි. 

මින් රත්තරන් බිස්කටි 71 හි බර කිලෝග්‍රෑම් 7 ක් වු බවත් ස්වරණාභරණ අතර කර මාල, වළලු, බ්‍රේස්ලට්, මුදු තිබු බව රේගුව කියයි.

මෙම රත්තරන් තොගය ඩුබායි වලදී මිල දී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුවෝ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඊයේ අළුයම ඩුබායි සිට මෙරටට පැමිණ වාහන අමතර කොටස් බවට රේගුවට ප්‍රකාශ කර ඉතා සුක්ෂම ලෙස ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ දරා ඇත.

එම අවස්ථාවේ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නියුතුව සිටි  නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීන්ට ඇති වු සැකයක් මත මොවුන් පරීක්ෂා කර ඇත.

එහිදි ඝණක යන්ත්‍ර පෙට්ටි තුළ ඉතා සුක්ෂම ලෙෂ සගවා තිබු මෙම රත්තරන් සොයාගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක ඇතුළු රේගු නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

කැල්කියුලේටරයෙන් කෝටි පහක රත්තරන් පනී

මෙවන් Thursday, 22 May 2014 12:43 AM

මේ අය නිතර නිතර ආව ගියානම් මොවුන් කලින් පැමිණි වතාවල රේගු ඇස් වලට වැලි ගසා බඩුත් සමග පිට වෙලාද? මේ අසු වී ඇත්තේ ප්‍රථම වතාවටද? (ස)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 05:56 PM

පුදුමාකාර නිධානයක්නේ මේක. (නි)

:       0       0

ඉස්ෆාන් Wednesday, 28 May 2014 08:26 AM

ඩුබාය් වලින් මිලදී ගත්ත ඒවානම් ලංකාවට ගෙන්න බැරි ඇයි. නීත්‍යානුකූලව ලංකාවට ගුවන් මගින් ගෙන්න පුළුවන් රන් ප්‍රමාණය කොපමණද? ඊට වැඩියෙන් ගෙන්න නම් නීතියෙන් අවසර ගන්නේ කොහොමද? (ස)

:       0       0

නාලක බස්නායක Wednesday, 21 May 2014 01:49 PM

අපගේ දක්ෂ රේගු නිලධාරින්ට බොහොම ස්තුතියි . මෙවැනි හොර වංචා අල්ලා දී රටට ලොකු සේවයක් කර ආදායමක් දීමට . රජයත් මෙම රෙගු නිළධාරින් දිරි ගැන්වීමට සහ ඔවුන්ගේ සේවය වෙනුවෙන් . මෙම ලබන ආදායමෙන් කොටසක් ඔවුන්ට පිදිය යුතුයි යනු හැඟිමයි (අ)

:       0       0

මහේෂ් Wednesday, 21 May 2014 02:03 PM

ඇයි මේ අයගේ නම් ගම් හෙළි කරන්න මේ තරම් බය. නමුත් පුංචි හොරකමක් කරපු සිංහල මිනිහෙකුගේ නම් නම ගම විතරක් නෙමේ තව වැඩිපුරත් එක්ක විස්තර දායි. පුදුම රටක් මේක. සමහර විට මාධ්‍ය බය ඇති. (ස)

:       0       0

ගලී Wednesday, 21 May 2014 07:57 PM

කාටහරි කියන්න පුලුවන්ද මෙතෙක් රේගුව මගින් අල්ලා රාජසන්තක වූ රත්තරන් ප්‍රමාණය හා ඒවා තියෙන තැන.(නදී)

:       0       0

අර්චස්චොච් Wednesday, 21 May 2014 02:23 PM

රට ඇතුලට ගේන ඒවට ඇයි ව්‍යාපාර කියන්නේ ? (නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 21 May 2014 02:31 PM

අල්ලා ගන්න බඩු වලට මොනවද වෙන්නේ කියලා ජනතාවට දැනගන්න දුන්නා නම් හොඳයි නේද? (නදී)

:       0       0

ගිහාන් Wednesday, 21 May 2014 02:49 PM

එහෙන් එනකොටම මෙහාට පණිවිඩේ එනවා කියලා රට ගිහින් එන මිනිස්සු දන්නේ නැහැ. මේක ඩුබායි පමණක් නොවන බව සිත තබාගත්තොත් හොඳයි.(නදී)

:       0       0

රන්ජිත් Wednesday, 21 May 2014 02:50 PM

ඝණකය = ඝණ චතුරශ්‍රයකි ගණකය = ගණන් සෑදීමට ගන්නා උපකරණයකි (නදී)

:       0       0

ශාන්ති Wednesday, 21 May 2014 08:49 PM

ඇත්තටම මේ රත්තරන් වලට මොකද වෙන්නේ? (නදී)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 10:49 PM

ශාන්ති .මේ රත්රන් වලට මොකද දන්නවද වෙන්නේ, .රජයෙන් වෙන්දේසියේ දානවා. .ඒ සල්ලි වලින් රජයේ මැති අැමති ගොල්ලන්ගේ කාර්වලට පෙට්‍රල් ගහනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10960 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5405 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7667 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5100 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1284 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36533 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site