වර්තමානයේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රියැලිටි තරුවක් ලෙස සංඛ දිනෙත් හැඳින්වීම වරදක් නොවේ. සංගීත අධ්‍යයනය සිදුකරමින් එකිනෙකට වෙනස් වූ නිර්මාණ කිරීමට තැත් කරන සංඛ, වර්තමාන ගීතය හා කලාකරුවන් පිළිබඳ කළ විමසුමකදී මෙලෙස සඳහන් කළේය.
"මේ වෙනකොට මේ රට ඇතුළෙ සංගීත කර්මාන්තය තුළ අර්බුදයක් තියෙනවා. තමන්ගෙ රසයට අහන්න ඕන ගීතයක් තියෙනවා නම්, ඒ ගීතය කොහෙන්ද අහන්නෙ කියන එක ගැටලුවක් බවට පත්වෙලා. තෝරගන්න ඕන දේ සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් තියෙනවා. එයට වගකිව යුත්තේ ලංකාවෙ මාධ්‍යම තමයි. මේ තුළ වාණිජකරණය ලොකුවට තිබෙනවා.
කර්මාන්තයක් දියුණු වෙන්න වාණිජකරණය අවශ්‍යයි. එය මිනිසුන්ට බලපානවා නම් එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අහන්න පුළුවන් පිළිවෙළක්, විදිහක් තියෙනවා.
ජේම්ස් කැමරන් "ඇවෙටර්" කියලා චිත්‍රපටයක් කළා. ඒත් ඒ රටේ මිනිස්සු ඒ වගේ චිත්‍රපට කරන්න ගියේ නැහැ. ලංකාවෙ "අබා" කියලා චිත්‍රපටයක් හැදුණා. ඊට පස්සෙ ඒ වගෙ චිත්‍රපට දිගටම හැදුණා. ලංකාවෙ නිර්මාණයක් කළාම ඒකම කොපි කරන සෙට් එකක් ඉන්නවා. මම කියන්නෙ අපි මියුසික් කරන විදිහට එහෙම වෙන්න ඕන නැහැ. අපේ ප්‍රකාශනය තමයි ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒ ප්‍රකාශනය හරි අවංක වෙන්න ඕන. ලංකාවෙ බහුතරයක් අවංක නෑනේ. කලාකරුවෙක් වෙන්න මුලින්ම තියෙන්න ඕන අවංකකම. අද ඒක නැහැ.
අවංක ප්‍රකාශයක් තියෙන්න ඕන. ඇයි මම මේ දේ කරන්නේ කියන අවබෝධය තියෙන්න ඕන. ඒකයි වැදගත්. මිය යන මොහොතේ ගත කළ ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන් නම්, ඒක තමයි හොඳම දේ. අපේ රටේ සංගීත අධ්‍යාපනය අතිශය යාන්ත්‍රිකයි. ප්‍රා‘යෝගිකරණයට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. කලාකරුවෙක් හැදෙන සිස්ටම් එකක් මේ රටේ නැහැ. අපි ලෑස්ති ඒ දේ කරන්න."
නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලාකරුවෙක් හැදෙන සිස්ටම් එකක් මේ රටේ නැහැ