IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ක්ලාක් (329*)-හසී (150*) ඉන්දියාව අමාරුවේ දමති

ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වු ඊයේ (5) සවස ක‍්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹා යන ඉන්දිය පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 114 ක් ලබා අසීරු තත්ත්වයක පසුවිය.  ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 659 ක් ලැබීය. ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් ක‍්‍රිකට් තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කළ සිවුවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නායක මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 329 ක් ලබා ගත්තේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වු ක්ලාක් පන්දු 468 කදී හතරේ පහර 39 ක් සහ හයේ පහරක් සමග ලකුණු 329 ලැබීය. ටෙස්ට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වන බ‍්‍රයන් ලාරා සතු ලෝක වාර්තාගත ලකුණු 400 බිඳ දැමීමට නොදැවී සිටි ක්ලාක් ට අවශ්‍ය වුයේ තවත් ලකුණු 71 කි. මැතිව් හේඞ්න් (380), මාර්ක් ටේලර් (නොදැවී 334) සහ ඩොන් බ‍්‍රැඞ්මන් (334) වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත්  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ වෙති. ක්ලාක් සහ මයිකල් හසී (නොදැවී 150) අතර පස්වැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 334 ක සම්බන්‍ධතාවක් පැවැත්වීමට සමත්වුහ. එය ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සිවුවැනි සබඳතාව ද වේ. ඉන්දියාව පළමු ඉනිම 191  සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 114 (ගෞතම් ගම්බීර් නොදැවී 68, සචින් තෙන්ඩුල්කාර් නොදැවී 8) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 4 ට 659 ( රිකී පොන්ටින් 134, මයිකල් ක්ලාක් නොදැවී 329, මයිකල් හසී නොදැවී 150 )



අදහස් (0)

ක්ලාක් (329*)-හසී (150*) ඉන්දියාව අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - හිස්බුල්ල සටන් විරාමය බලාත්මක වේ
2024 නොවැම්බර් මස 27 29 0

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ


උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 24 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 69 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 205 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 26 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 28 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site