IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කාලගුණ විපරියාසෙට උත්තර සොයයි

දේශගුණ විපාර්යාස වලට ගොදුරු වන ජනතාව මුහුණ දෙන ගැටලූ සහ පොදුවේ සිදුවෙන සංවර්ධන හා නාගරික ක‍්‍රියාවලීන් ඔස්සේ මුහුණ පෑමට සිදුවන ගැටලූ ගැන රටක් ලෙස පිළියම් සෙවීම හැකි ඉක්මනින් කටයුතු කළ යුතු යැයි බස්නාහිර පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසුවේය.

විශේෂයෙන්ම ඊට අදාළ ප‍්‍රතිපත්ති හා ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීම, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම ආදී කටයුතු කිරීමේදී බස්නාහිර පළාත වශයෙන් ලෙස නොව මුළු රටම එකතු කර ගැනීමට අපේක්ෂා කරන බව බස්නාහිර පළාත් අමාත්‍යවරයා කීවේය.

දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ අවසන් දිනය සනිටුහන් කරමින් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් දැක්වීය. මෙම සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

ලොව පුරා පවතින රාජ්‍යයන් තිරසාර සංවර්ධනය කිරීම පෙරදැරිව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප‍්‍රිකා,ඇමෙරිකා, යුරෝපීය, ආසියා සහ ආසියා පැසිෆික් කලාපයන් නියෝජනය කරමින් රටවල් කිහිපයක නියෝජිතයෝ සහභාගීවී සිටියහ.

තිලකසිරි මහතා කියා සිටයේ බස්නාහිර පළාතේ අධික ජනගහනය හේතුවෙන් විවිධ කාලගුණ විපර්යාස වලට මුහුණ පාන හෙයින් මෙවැනි සමුළුවක් පැවැත්වීම රටේ තිරසාර සංවර්ධනයට රැකුලක් වන බවය.

මෙරට පළාත් මට්ටමින් තිරසාර සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජෛව විවිධත්වය , ජල සම්පත් කළමනාකරණය ,සනීපාරක්ෂක ක‍්‍රම හා දේශගුණික විපර්යාස අවම කිරීම සම්න්ධයෙන් සංවාදාත්මක විග‍්‍රහයක් සිදු කළ බවත් එමඟින් එළැඹි තීරණ ඉක්මණින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කියා සිටියේය.

බස්නාහිර පළාත් කෘෂිකර්ම හා පරිසර අමත්‍යාංශ ලේකම් නයනානන්ද නිල්වල මහතා කියා සිටියේ මෙම සමුළුවේදී ස්වභාවික සහ මිනිසුන් විසින් සිදුකරන ආපදා අඩුකර ගැනීම සම්බන්ධයෙන් විදෙස් නියෝජිතයින් සමඟ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවයි. පොදුවේ සිදුවන සංවර්ධන ක‍්‍රියාවලිය හා නාගරික හැ අර්ධ නාගරික කෘෂිකර්මාන්තය අඩුවීම, ජලයට අපද්‍රව්‍ය එකතුවීම වැළැක්වීම ආදි ලංකාවට බලපාන කරුණු ගැනද සමුළුවේ විශේෂ අවධානය යොමු කෙරුණු බවද කීවේය.

සමුළුව ආරම්භක දිනයවූ පෙරේදා (8) දිනයේදී තිරසාර සංවර්ධනයේදී දේශගණ විපර්යාස වලට අනුගත වීමේ සැලැස්මක් සහ 2015 ‐ 2018 කාල පරාසය සඳහා දේශගුණ විපර්යාසයන්ට අනුගතවීම පිළිබඳ බස්නාහිර පළාත් සභාවේ ඉදිරි වැඩපිළිවෙළ එළිදැක්වීමද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර අදාළ සැලැස්ම බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි සහ බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් යන මහතවරුන් විසින් විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබූහ.



අදහස් (0)

කාලගුණ විපරියාසෙට උත්තර සොයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 16 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 182 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 209 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 506 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 434 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 331 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 119 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 92 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site