IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කාලගුණ හානිවලට වන්දි ගෙවන්න සල්ලි මදිලු

කාලගුණය වෙනස්වීමේ බලපෑම් නිසා ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන මූල්‍යමය හානියට වන්දි ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව මේ බව ප්‍රකාශ කොට ඇත.

මිහිතලය උණුසුම්වීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජලගැලීම්, නායයෑම් ඇතුළු ස්වභාවික විපත්වලට වැඩි වශයෙන් ගොදුරුවීමට සිදුවීම  නිසා ඊට  හේතු වශයෙන් මෙම වන්දි ඉල්ලා සිටීමට කටයුතු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ 2007 වසරේ සිට 2011 වසර දක්වා එවැනි ස්වභාවික විපත් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 130 ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 18315) බවයි.

එම මුදල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකාව පසුගිය සතියේ එම සංවිධානය වෙත ඉදිරිපත් කෙරුණු පිටු හතකින් යුත් වාර්තාවේ  දැක්වේ. ජාතික සැලසුම් සහ සංවර්ධනය උදෙසා කාලගුණ වෙනසේ හානිය නිරවුල් කරගැනීම ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ තේමාවයි.

ලෝකයේ රටවල් 195 ක සහභාගීත්වයෙන් ලබන දෙසැම්බරයේ පැරිස් නුවරදී මිහිතලය උණුසුම්වීමට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සම්මුතියක් සකස් කිරීම සිදුකරන අතර ඊට අදාළව ශ්‍රී ලංකාව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
 

 



අදහස් (0)

කාලගුණ හානිවලට වන්දි ගෙවන්න සල්ලි මදිලු

ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 03:25 AM

මිහිතලයේ උණුසුම වැඩිවනුයේ දියුණු සංවර්ධිත රාජ්‍යයන් කරන ඉවක් බවක් නැති කටයුතු නිසා මිස දියුණුවෙමින් පවතින රටවල ක්‍රියාකාරකම් නිසාම නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2701 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 138 0


තියුණු ආයුධයකින් පහරදී මරලා
2024 සැප්තැම්බර් මස 22 20 0

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 271 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 337 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 191 0

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14653 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 225 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site