IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කාල්ටන් පැසිපන්දු කුසලාන කොළඹට

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘ඒ’ කොටසේ අවසන් මහා තරගයෙන් හම්බන්තොට පැසිපන්දු පිල පරදවා ලකුණු 51-50 ක තියුණු ජයක් ලබාගත් කොළඹ පැසිපන්දු ක‍්‍රීඩකයෝ ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. තරගාවලියේ අවසන් තරග පෙරේදා (24) කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. ජයග‍්‍රාහී කොළඹ පිල රුපියල් ලක්‍ෂ 2 ක මුදල් ත්‍යාගය සමග කාල්ටන් කුසලානය හිමි කරගත් අතර හම්බන්තොට පිලට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් සමග කුසලානය පිරිනැමිණ. කොඩුකාර හම්බන්තොට පැසිපන්දු ක‍්‍රීඩකයෝ ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනකුගෙන්ම සැදුම්ලත් කොළඹ පැසිපන්දු පිලට තරගයේ අවසන් මොහොත දක්වා තියුණු තරගයක් ලබාදුන්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ පැසිපන්දු පිල තරගය ජය ගත්තේ එක ලකුණකිනි. තරගයේ පළමු අර්ධය අවසානයේ අත්දැකීම්වලින් සන්නද්ධ කොළඹ ක‍්‍රීඩකයෝ ලකුණු 30-23 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වුහ. එනමුත් දෙවැනි අර්ධයේදී ලකුණු සම කිරීමට පවා හම්බන්තොට පිල සමත්විය. රොෂාන් රන්දිම (16), ප‍්‍රනීත් උඩුගම්පොළ (11), හර්ෂදේව යසරත්න (10) සහ සංජීව කළුමිණ (10) කොළඹ පිලේ ජයග‍්‍රාහී ලකුණු ලාභියෝ වුහ. මිතිල අබේනායක (10) හම්බන්තොට පිලේ වැඩිම ලකුණු ලාභියා විය. හර්ෂදේව යසරත්නගේ නායකත්වයෙන් යුත් කොළඹ පිලේ පුහුණුකරු ලෙස ජාතික පැසිපන්දු පුහුණුකරු අජිත් කුරුප්පු මහතා කටයුතු කළේය. කොළඹ ජාත්‍යන්තර පාසල පරදවා මොරටුව පැසිපන්දු පිල (ලකුණු 60-55) ‘බී’ කොටසේ ශූරතාව දිනා ගත්තේය. වයස 14 න් පහළ පාසල් තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීම කොළඹ රාජකීය විදුහල සමත්විය. රාජකීයයෝ අවසන් තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල ලකුණු 24-22 කින් පරාජය කළහ. බාලිකා අවසන් තරගයේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විදුහල පරදවා ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 20-12 ක ජයක් ලැබීය. තාරණ්‍යයට හෙටක් සංවිධානය සහ හම්බන්තොට පැසිපන්දු ක‍්‍රීඩා සමාජය එක්ව තරගාවලිය සංවිධානය කෙරිණ. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සහ මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ. ශූරතාව දිනාගත් කොළඹ පැසිපන්දු ක‍්‍රීඩකයෝ... අවසන් මහ තරගයේ අවස්ථාවක්... (ඡායාරූප: ගයාන් අමරසේකර



අදහස් (0)

කාල්ටන් පැසිපන්දු කුසලාන කොළඹට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 1 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 584 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2804 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3177 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site